
(ටී.කේ.ජී.කපිල)
රුපියල් පනස් එක් කෝටි හැට එක් ලක්ෂ පනස් දහසක් වටිනා කෝකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ගුවන් මගී කාන්තාවක් අද(30 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
38 හැවිරිදි ඇය , ස්වයං රැකියාවක නිරත තායිලන්ත ජාතික කාන්තාවකි .
ඇය විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ , ( " ටෙඩි බෙයාර්'' ) රෙදි වලින් සකස් කර , ඇතුළට පැඩින් නැමැති පුළුන් විශේෂය පුරවා සකස් සෙල්ලම් බෝනික්කන් තිදෙනෙකු තුළ , කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 323 ක් බර , කොකේන් මත්ද්‍රව්‍ය කරල් 500 ක් සගවා ගෙන පැමිණ තිබුණි .
මෙය කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ උසස් නිලධාරීවරයෙකු පැවසීය .
මෙසේ අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ තායිලන්ත ජාතික කාන්තාව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
2025 නොවැම්බර් මස 04
638
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොකේන් සමඟ විදෙස් කත ගුවන්තොටේදී මාට්ටු