
(සුජිත් හේවාජුලිගේ)
ඔමික්‍රෝන් සැර කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් තවත් පරීක්ෂණ වාර්තාවක් අද (15) නිකුත් කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා බාරදුන් කොවිඩ් ආසාදිතයන්ගේ ජෛව පටල සාම්පල 182ක් සම්බන්ධයෙන් පැවැත්වූ ජාන අනුක්‍රමණ පරීක්ෂණවල ප්‍රතිඵල අද මෙලෙස නිකුත් කෙරෙන බවයි.
ලැබී ඇති සාම්පලවලින් බහුතරයක් කටුනායක ගුවන්තොටුපොළ පර්යේෂණාගාරවලින් ලැබුණු ඒවා වෙයි.
මෙම වාර්තාව ජීවන්දර මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාට අද මෙසේ බාර දෙනු ඇත.
ඔමික්‍රෝන් ආසාදිතයෝ හතළිස් දෙනෙක් පමණ මේ වනවිට මෙරටින් සොයා ගෙන සිටිති.
එම සියලු ආසාදිතයන් හඳුනාගනු ලැබූවේද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශය විසිනි.
කෙසේ වෙතත් මෙරට තවමත් සුලභව පැතිර පවතින්නේ ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදය බව සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෛරස්වීදි අංශය මගින් ඔමික්‍රෝන් රෝගීන් තුන්දෙනෙක් දෙසැම්බර් මස හඳුනාගන්නා ලදී
සාම්පල 182 න් බහුතරය කටුනායක ගුවන්තොටුපලින් ලබා ගෙන ඇති බැවින් 50-60 % ක් වත් ඔමික්‍රෝන් ආසාධිතයින් බවට තහවුරු වීමට ඉඩ ඇත. එනම් එම ගණන 100 ක් වත් විය හැක.