
(යොහාන් භාසුර)
වැලිකඩ බන්ධනාගාරයේ වසර 16 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් විඳින උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්. එම්. රංජිත් මහතා එම බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ සේවයට යොදවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.
රංජිත් මහතා සිරගත කළ චෝදනාවටම සිර දඬුවම් ලැබූ ඒ මහතාගේ ඥාතිවරිය වැලිකඩ බන්ධනාගාරයේම කාන්තා අංශයේ රඳවා සිටින බවත් ඇය මේ දක්වා කිසිදු වැඩකට යොමු කර නොමැති බවත් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
වැලිකඩ බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ සිර දඬුවම් විඳින විදේශිකයන් වැඩි පිරිසක් සේවය කරන බවත් පොත් බැඳීම, ලිපිගොනුු සෑදීම ආදී වැඩ රැසක් කිරීමේ අවස්ථා උදාවන බවත් එස්. එම්. රංජිත් මහතාට මහාධිකරණයෙන් දුන් සිරදඬුවම සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කළ පසු ඔහුව මුද්‍රණ අංශයේ රාජකාරවලින් ඉවත් කිරීමට නියමිතය.
COMMENTS
පරිස්සමෙන් ඔය යකා ඡන්ද පෝස්ටර් ප්‍රින්ට් කරයිද දන්නේ නැහැ.. හොරෙන්ම...
අයියෝ, ඕවාද බරපතල වැඩ... යවන්න එපැයි ගල් කඩන කොරියකට...එතකොට ඔය බොරු ඇඟ බැහැලා ස්මාර්ට් වෙන්න මිනිහෙක් වෙන්නත් පුළුවන්. කෙල්ලෝ පස්සෙන් එයි එතකොට...
මුද්‍රණ අංශයේ මොන බරපතල වැඩද? පොදු දේපල කෑවා නම් පැය විසිහතරම, අවුරුදු දාසයම ටොයිලට් සුද්ද කරන්න තමයි ගැලපෙන්නේ.
ලොකු ලොකු බලාපොරොත්තු තියාගන්න එපා කොල්ලනේ, මොකා බලයේ හිටියත්, ආයතන වැඩ කරන්නේ නිලධාරීන්ට ඕනෑ විදියට. ඒ අනුහසින් සහ මෙයාලාගේ සල්ලි වලින්, අපායට ගියත් මෙයාලාට සැප…!
පරිස්සමෙන්... හොර සල්ලි ප්‍රින්ට් කරයි...!
කන්න පින කාලා තෙල. දැන් තමයි හොඳම කෑම ඉල්ලන් කන්නේ...!
දැන් අර බදුල්ලේ මහත්තයත් එන එකේ, මෙතුමාවත් දාලා රෙස්ලින් තරඟ ආරම්භ කෙරුවොත් ලාබ ලැබෙන ව්‍යාපාරයක් වෙයි. තව අදහසක්, 'බඩ බිල්ඩින්' තරඟ පටන්ගන්නත් පුළුවන්.
තව ටික දවසකින් ඇපීල්…, ඊට පස්සේ ඇප පිට නිදහස්…, හරියට අර බණ්ඩි රණයා සහ වංස නෝනා වගේ…!
බැරිවෙලාවත් බේකරිය පැත්තේ නම් යවන්න එපා…!
හිරේ නරක දේවල් වෙනවලු නේද? ඒවත් මෙයාට වෙයිද දන්නේ නැහැ.
ඔය ෆයිල් සිය ගාණක් තියෙනවා කිව්වේ. ඔය ඔක්කොම එළියට ඇදලා අරන් මේ ඔක්කොම හිරේ දාන්න...
මුං අපායට ගියත්, උන්ට සැප .
මම අහලා තියෙන විදියට බ්‍රිතාන්‍යය යුගයේ ලංකාවේ හිටිය බ්‍රිතාන්‍යය සුදු සිරකරුවන් නිසා පවුම් බිලියන ගානක් හම්බකරාලු සිරකරුවන්ට කර්මාන්ත සඳහා යොදවලා. ඇයි අපිට බැරි? දැන් දහස් ගණනක් ඉන්නවා හිරගේ. යන එකා ආයෙත් යන්නේ නෑ මොකද වැඩ කරන්න ඕනේ. දැන් බහුතරයක් හිරේ යන්නේ කම්මැලිකමට.
හොරා කාලා අහු වෙන අය ලවා වැසිකිලි බාල්දි අද්දවන්න ඕනේ.... කරත්තයක් දීල කුණු අද්දවා ගන්න... ඒක තමයී කරන්න ඕනේ...
මුව දාන්න තිබුනෙ වැසිකිලි හෝදන්න
පොඩි මිනිහෙක් වැරද්දක් කරලා ඔය විදිහෙ දඩුවමක් සෙට් වුණානම් ඇට කැඩෙන්න බරපතළ වැඩ.එත් මෙතන, හරිම කනගාටුයි තවමත් වැඩකටයුතු වෙන්නේ ජනතාව බලාපොරොත්තු වෙන විදිහට නොවේ.
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ තරුණ මන්ත්‍රීවරයෙක් හදිසි රෝග තත්වයකින් මිය ගිහින්.එය ලංකාදීපයට වාර්ථා නොවීමට තරම් ප්‍රවෘත්තියක් නොවීම විමතියකි.
බරපතල වැඩ ඇතිව නේද හිරේට යැව්වේ? හොරාකාලා බඩ වඩා ගත්තු විදියට, දෙන්න තිබුනේ බර වැඩ...!
මූව මහ පාරේ වැඩට දාන්න මාලිමාව බයද?