IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


එන්නත් දෙකම ගත්තු වැඩි දෙනකුට කොරෝනා

සීෂෙල්ස් දූපත් රාජ්‍යයේ, කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් අයගෙන් තුනෙන් එකකට, 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඒ ගැන කනස්සල්ලෙන් පසුවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

සීෂෙල්ස් වැසියන්ගෙන් සියයට 57 කට චීනයේ 'සයිනෝෆාම්' එන්නතේ මාත්‍රා දෙකම ලබා දී අවසන් වන අතර, සියයට 43 කට ලබා දී ඇත්තේ 'ඇස්ට්‍රාසෙනකා' එන්නතය. මෙම එන්නත් දෙකම මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතයට සුදුසු යැයි නිර්දේශ කර තිබේ.

ප්‍රතිශතයක් වශයෙන් 'සයිනෝෆාම්' සහ 'ඇස්ට්‍රාසෙනකා' එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් සියයට 37 ක පිරිසකට 'කොවිඩ් 19' ආසාදනය වී ඇති බව සීෂෙල්ස් සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය අප්‍රේල් 30 වැනිදා එන්නත් දෙකම ලබා ගත් 120 දෙනකු ආසාදිතයන් ලෙස හඳුනා ගැණුනු අතර, මැයි 8 වෙද්දී, ආසාදිතයන් ගණන 314 තෙක් ඉහළ ගියේය.

එන්නත්කරණය සහ ආසාදිතයන් වාර්තා වීම සම්බන්ධයෙන් සියලු දත්ත, තම සෞඛ්‍ය බලධාරීන්, ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කර ඇති බව සීෂෙල්ස් රජය පවසා තිබේ.

'කොරෝනා වයිරසය ආසාදනය වළක්වා ගැනීමටයි එන්නත්කරණය සිදුවෙන්නේ. එක් මාත්‍රාවක් පමණක් ලබා ගෙන සිටිද්දී, වයිරසය ආසාදනය වීමට ඉඩ තිබෙනවා. එසේ වුවහොත් වයිරසය නිසා සංකූලතා හට ගන්නේ නැහැ. කෙසේ නමුත් මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් පසු වයිරසය ආසාදනය වීම අඩු විය යුතුයි. එක් කෙනකුට හෝ දෙන්නකුට හෝ වයිරසය ආසාදනය විය හැකියි. ඒත් පොදුවේ බහුතරයකට වයිරසය ආසාදනය වෙන්න බැහැ. එසේ වුවහොත් එය ගැටලුවක්.' යැයි සීෂෙල්ස් රාජ්‍යය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ.

සීෂෙල්ස් යනු ඉන්දීය සාගරයේ පිහිටි කුඩා දූපත් 115 කින් සමන්විත දූපත් රාජ්‍යයකි. 2019 ලෝක බැංකු වාර්තා අනුව, සීෂෙල්ස් හි ජනගහනය 97,625 කි. 'සීෂෙල්ස්' දූපත් රාජ්‍යයේ මේ වනවිට කොරෝනා වයිරසය ආසාදනය වූ ගණන 8,200 කි. මරණ වාර්තා වන්නේ 28 ක් ලෙසය. වයිරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 5,658 කි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව, 'සයිනෝෆාම්' එන්නතේ පළමු මාත්‍රාව ලබා දීමෙන් පසු දෙවැනි මාත්‍රාව ලබා දිය යුත්තේ දින 21 කිනි. දෙවැනි මාත්‍රාව ලබාගෙන දින 14 ක් යද්දී, සිරුරේ වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙයි.

'සීෂෙල්ස්' රාජ්‍යය ඔවුන්ට ලැබුණු 'සයිනෝෆාම්' එන්නත් 'සීෂෙල්ස්' වැසියන්ට ලබා දුන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා දීමට මාස කීපයකට පෙර සිටය. ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ 'කොවැක්ස්' වැඩසටහනට ද 'සයිනෝෆාම්' එන්නත් ඇතුළත් කර තිබෙන අතර, ඒවා දිළිඳු රටවලට ලබා දීම සිදුවෙයි.

වික්ටෝරියාහිදීය (රොයිටර්)

 



අදහස් (5)

එන්නත් දෙකම ගත්තු වැඩි දෙනකුට කොරෝනා

sachith Thursday, 13 May 2021 03:42 AM

ඒන්නත් දෙකම ගත්තොත් කොරෝනා වැලදෙන්නේ නැතුව තියෙනවා කියලා ඒකනම් හිතන්න අමාරුයි මොකද වයිරස හෙම්බිරිස්සාව උණ වගේ දේවලුත්දිගටම ඒනවානේ

:       0       0

mihira Thursday, 13 May 2021 05:19 AM

මේක බොරු කතාවක්

:       0       0

පැරකුම් දසනායක Thursday, 13 May 2021 06:12 AM

ඔව් හරි. මෙම එන්නත් වලින් රෝගය වැළඳෙන එක නවත්වන්නේ නෑ. රෝගය උත්සන්න වෙලා මැරෙන එක තමයි අඩු වෙන්නේ... එන්නත දුන්නු ගොඩාක් රටවල රෝග ව්‍යාප්තිය වැඩි වෙලා මරණ අනුපාතය (ගණන නෙවේ) ගොඩාක් අඩු වෙලා තියෙනවා. එන්නත දුන්නු සමහර රටවල අළුත් රෝග ව්‍යාප්ති රැල්ලක් පවා ඇතිවෙලා තියෙනවා. මොකද... එන්නතින් පසුව මිනිස්සු එළියට ඒම හා ආරක්ෂණ ක්‍රමවේද (මුහුණු ආවරණ, සමාජ දුරස්ථ භාවය ආදී) ගැන අඩු සැලකිල්ලක් දැක්වීම නිසා....

:       0       0

Sri Lanka Thursday, 13 May 2021 06:32 AM

ඉපදෙන හැම කෙනෙකුටම සෙම රෝග, උණ, කැස්ස හැදෙනවා. ඒවා හැදෙන්නේ ශරීරයේ ආරක්ෂාවට... ඒකට කොරෝනා කියලා නමක් දාගෙන අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හූරන් කනවා. මේ කොරෝනා කියන බොරුව හදපු රටවල් ඒ ගොල්ලන්ට බෙහෙත් විකුණලා ගොඩයන්න පුළුවන්.. අපිට බෙහෙත් සල්ලි දීලා අරන් මැරෙන්න පුළුවන්.. නඩුත් හාමුදුරුවන්ගේ.., බඩුත් හාමුදුරුවන්ගේ..

:       0       0

siri Thursday, 13 May 2021 09:22 AM

එන්නත කොරෝනා වැළඳෙන එක නවත්වන බෙහෙතක් නෙවේ. මේ රෝගය මැඩපැවැත්වීම උදෙසා ශරීරයේ ප්‍රතිශක්තිය වැඩිකරන එකක්. එකම ප්‍රශ්නය එන්නත් දෙකම ලබාගත් කෙනෙකුට වයිරසය වැළඳුනොත් එම පුද්ගලයාට රෝගය අසාධ්‍ය වෙන එක පාලනය කරගත හැකි වුනත් එම තැනැත්තාගෙන් නිරෝගී කෙනෙකුට වයිරසය බෝවෙන්නට ඉඩ තියෙන එකයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 255 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2102 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1602 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site