(හර්ෂණ තුෂාර සිල්වා)
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීමේදී කිසිදු තීරණයක් ගෙන නැතැයි ආරංචි මාර්ග කියයි.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීම මීට සුළු මොහොතකට පෙර අවසන් විය.සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වූණු එම කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීම 10.30ට පමණ ආරම්භ විය.
මැතිවරණයේදී පොරොන්දු වූ පරිදි දූෂණ වංචා සම්බන්ධ නඩු කඩිනම් කිරීමට පියවර නොගත්තේයැයි අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා විවේචනයට ලක්විය. පැය දෙකක් තිස්සේ පැවැති කථිකාවෙන් පසු විජයදාස රාජපක්ෂ මහතා කියා ඇත්තේ තමා කිසිදු වරදක් කර නැති බවයි.
දූෂණ චෝදනා සම්බන්ධ නඩු කඩිනම් කිරීමට තමාට කළ හැකි දෙයක් නැති බව විජේදාස රාජපක්ෂ මහතා කීවද එය කිසිවකු පිළිනොගත් බව නියෝජ්‍ය ඇමැති හර්ෂද සිල්වා සිය ට්විටර් ගිනුමේ පණිවිවිඩයක් සටහන් කරමින් කියා ඇත.
හම්බන්තොට ගිවිසුම අවසන් කරන කරු ආපසුනොහැරෙන බවට ප්‍රකාශයක් තමා නොකළ බව ද විජයදාස රාජපක්ෂ මහතා කීවේය.
රැස්වීම අවසානයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා පමණක් සාකච්ඡාවක් සඳහා වෙනත් ස්ථානයකට ගියහ.
සාමුහික වගකීම කඩකරන අය ගැන දැඩි තීන්දු ගන්නා බවට එජාප මහලේකම් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබීර් හසීම් මහතා පවසයි.
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සඳුදා (21) රැස්වෙන බවත් ඉන්පසු එම තීන්දු දැනුම් දෙන බවත් ඒ මහතා කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඩීල්දාස මහත්තයෝ ..., බැලුවාම ඔක්කොම කරලා තියෙන්නේ අපි වෙන්න ඇති. ලොක්කා තනතුරේ තියා ගනීවිද දන්නේ නෑ පව් කියලා. මෙයා ගැන හරි තීරණය අද ගත්තේ නැතිනම්, පක්ෂයේ අවසානය අතලඟයි ...!!
විජයදාස රාජපක්ෂ මහතා විවේචනයට ලක්වූවා නම් ඉතින් මොනවටද තව බලබලා ඉන්නේ? තවත් ඔඩාක්කුවේ තියා නලවන්නේ නැතුව මිනිහව යැව්වා නම් හරි....
මේ මොහොතේ මොහුව ඉවත් නොකොළොත් මීළඟ මැතිවරණයේදී එජාපයට නැවත විපක්ෂයට යාමට සිදුවීම අනිවාර්යයි. තීරණය එජාප නායකයින් අතයි.
දැන් විශ්වාසභංගය භංග වුණාද?
රටේ සම්පත් විකුණගෙන කන එකට කෙලින් කතා කරපු එකද වරද? විජේදාස මහතා හැර අන් සියළුදෙනා ඉදිරියේදී අම්මා, තාත්තවත් විකුණගෙන කයි. මෙහෙම අය පත් කරපු ජනතාවට ඉදිරියේදී හූල්ලන්න වෙනවා සිකුරුයි.
හොරකම් කරපු පක්ෂයේ ලොක්කන්ට චෝදනා කළේ නැතිද?
මට මතක නැහැ, මම දන්නේ නැහැ කියපු එක්කෙනා ගැන කතා වුණෙ නැතෙයි .
ඇමැතිකමින් විතරක් නෙමෙයි පක්ෂෙනුත් නෙරපන්න ඕනේ. ඊළඟට තියෙන්නේ.., පහුගියදා සති අන්ත පුවත් පතක පළවූ අධිකරණ සංකීර්ණයේ මිලියන 10,000 කොල්ලයයි. ඒවාටත් එක්ක නඩු ගොනු කරලා දඬුවම් දීමත් අත්‍යාවශ්‍යයි. ඕවාට නැළවිලි බොරු... හැබැයි, එවැනි උදවිය වැටුණත් වැටෙන්නේ ... රාජපක්ෂවරුන්ගේ ඔඩොක්කුවේ. මදැයි.. කණේ ඉඳන් අඟ කෑවා. මෙහෙම අයටත් මිනිස්සු ඡන්දේ දෙනවනේ අම්මපා.
විජේදාස මහත්මයා තමන්ගේ පෞද්ගලික වාසි, තනතුරු, ගැන නොහිතා රට වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරපු එක විශිෂ්ටයි. එතුමාට ඉදිරියටත් නිර්භයව රට, ජාතිය, ආගම වෙනුවෙන් අදහස් පලකිරීමට හා වැඩ කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා !!!
රැස්වීම් මුලස්ථානයේ නම් රහසිගත සාකච්චා වෙන තැන් වල මොනවටද?
කනකොක් සුද පෙනෙන්නේ ඉගිලෙන විටලු . දැන් ඩීල් දාසගෙ නියම සුද රටටම පේනවා
"හම්බන්තොට ගිවිසුම අවසන් කරන කරු ආපසුනොහැරෙන බවට ප්‍රකාශයක් තමා නොකළ බව....." මේ කිව්වා මේ මතක නැහැ. කුඩු ගහන ජාතියක නියාමකයින් ගේ මතකයටත් ඔහොම වුනා නම්, රටේ හෙට ගැන අමතක කරන එක හොඳයි.