
(දයාරත්න ඇඹෝගම,චාපා මධුභාෂිණි සහ බී.ජී.චතුරංග)
උතුරු මැද පළාතේ පාසල්වල 2024 වසරේ අවසන් වාර පරික්ෂණය වෙනුවෙන් 11 වන ශ්‍රෙණියේ සිසුන් සදහා පැවැත්විමට නියමිතව තිබු විභාගයේ සියළු ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර පිටවිමේ හේතුවෙන් විභාගය අවලංගු කිරිමට පියවර ගත්බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්.සමරකෝන් මහතා පැවසිය.
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා මේ බව පළාතේ සියළුම කලාප අධ්‍යක්ෂකවරුන් හා කොට්ඨාස අධ්‍යක්ෂවරැන් වෙක අංක උමැප/අදෙ/විභාග හා 2024.01.06 දිනැති ලිපියෙන් දන්වා තිබේ.
11 වන ශ්‍රේණියේ සිසුන් සදහා ඊවේ පැවැත්විමට නියමිතව තිබු සිංහල සාහිත්‍ය(රසාස්වාදය) ප්‍රශ්න පත්‍රය විභාගය පැවැත්විමට පෙර පිටවී තිබීම හේතුවෙන් එම විභාගය පැවැත්විමද අද දිනඅත්හිටුවා තිබුණි.
ඒ සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලිමේදි 11 වැනි ශ්‍රේණියේ සිසුන් සදහා සකස් කළ අනෙකුත් විභාග ප්‍රශ්න පත්‍රද විභාගයට පෙර උපකාරක පංති ගුරුවරුන් අතට පත්ව ඇතැයි අනාවරණය වි තිබේ.
එම ප්‍රශ්න පත්‍ර “වට්ස් අප්” සමුහය තුල සංස්සරණයවි ඇති බවත් තොරතුරු අනාවරණය විමේ හේතුවෙන් 11 වන ශ්‍රේණියේ විභාගය සම්පුර්ණයෙන්ම අත්හිටුවිමට ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතාගේ උපදෙස් මත පළාත් අධ්‍යපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්.සමරකෝන් මහතා විසින් පියවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් කවුද මේ ප්‍රශ්න පත්‍ර පිට කලේ ? ඇයි ඒවාට දඩුවම් දෙන්නේ නැත්තේ ?
ඔහොම දේවල් නොවීමට අවශ්‍යම නම් ප්‍රශ්න පත්‍ර සකසන අයව සුරක්ෂිත ස්ථානයකට කැදවා කිසිම පෑනක් පැන්සලක් කොලයක් පමණක් නොවෙයි ජංගම දුරකථනයක් වත් නොදී වටෙන්ම CCTV මැද්දේ සිටගෙන ප්‍රශ්නපත්‍ර සකස් කරවා ගන්න අඩුම තරමින් ප්‍රශ්නපත්‍ර සැකසු අය අතපිස දැමීමට ගත් කඩදාසියක් වත් භාහිර පාර්ශවයන් වෙතට නොයන්න කටයුතු කලොත් ඉතාමත් හොදයි (බුදුහාමුදුරුවෝ බුදුවීමට පෙර වැළදු කිරිබත් සැකසීමට සුජාතා සිටු දේවිය කිරි ගත් ආකාරයට ප්‍රශ්නපත්‍ර සැකසීම කරන්න පුලුවන් නම් හොදයි ) සමහර විටෙක ටියුෂන් මුදලාලියා සැකසූ ප්‍රශ්නපත්‍ර ප්‍රශ්නපත්‍ර සැකසු අය ගෙනවිත් කොපිකර දෙනවාද කියලත් බලන්නකො (දිගුකලක් එකම විෂය නිර්දේශ ක්‍රියාත්මක වෙනකොට විෂයට අදාල අකුරක් පිල්ලමක් ඇලපිල්ලක් ඉස්පිල්ලක් නෑරම සියලු දෙනාම දැනගෙන සිටින නිසා අනුමානයෙන් ඉතාමත් නිවැරදි ආකාරයට කටයුතු කරන්න පුළුවන් )