
ඉරානය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අද (5) දිනය ඇතුළත ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අනතුරු අඟවයි.
ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා මේ සම්බන්ධයෙන් ‘ජී7’ රටවල් සමඟ ද සාකච්ඡා පවත්වා ඇත.
ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා මෙසේ අනතුරු ඇගවූයේ ඇමෙරිකන් බුද්ධි අංශ ලබා දුන් තොරතුරු අනුවය. ඊශ්‍රායලයට එරෙහිව එල්ල වන ඕනෑම ප්‍රහාරයකදී ඇමෙරිකාව ඊශ්‍රායලයට සහාය දක්වනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අනතුරු ඇගවා ඇත.
ඉරානයෙන් හෝ හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් එල්ල වන ඕනෑම ප්‍රහාරයකට මුහුණ දීමට තමන් සූදානම් බව ඊශ්‍රායලය පවසා ඇත.
(ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමේනි අත්තප්පාට ඉක්මනින්ම දෙවියන් දැකීමට ලැබේවා!
ත්‍රස්තවාදීන්ට නවාතැන් දීලා මැරුවාම එයාම පහර දෙනවා.
පහර දීමෙන් හානියක් වුවොත් ... ප්‍රති ප්‍රහාරය ඉතාමත් දරුණු වෙන එක සිකුරුයි... මොකද යුද ශක්තිය පෙන්වීමට මේක හොඳ අවස්ථාවක් කරගන්නවා.
ඇමෙරිකන් බුද්ධි අංශ ලබාදුන් තොරතුරු අනුව හිස්බුල්ලා සංවිධානය මෙවර ඊශ්‍රායලයට පහර දීම බොහෝ දුරට නොවීමේ සම්භාවිතාව වැඩියි. ඊශ්‍රායලය ගාසා තීරයෙහි ප්‍රහාර ඇරැඹි දින සිට හිස්බුල්ලා සහ යේමනයේ හවුති සංවිධාන ද විශේෂයෙන් ඉරානය ද ඊශ්‍රායලයට පහර දී විනාශ කරන බවට තර්ජනය කළ ද ගාසා තීරයෙහි හමාස්වරු අන්තිම අඩියෙහි පණ අදින තත්වයට සහ ගාසාව විනාශ කරන තුරු හිස්බුල්ලා හෝ හවුතිවරු හෝ ඉරානය හෝ ඊශ්‍රායලයට පහර නුදුන්හ. හිස්බුල්ලා කීපවරක් උතුරු දිග ඊශ්‍රායලයට පහර දුන්නක්ද එය ඊශ්‍රායලයේ ක්‍රියාවට ප්‍රමාණාත්මක බවක් එම පහර දීම්වල දක්නට නො ලැබිණි. තර්ජන, ගර්ජන කළා මිස ගාසා තීරයේ ඊශ්‍රායල් ප්‍රහාරවලට එය බලපෑමක් කිරීමට තරම් කිසිම දෙයක් කිරීමට ඔවුහු සමත් නොවූහ. විවිධ වර්ගවල සහ පරාසයන්ගෙන් යුත් ෂෙල් වෙඩි සහ මිසයිල 150,000ක් පමණ හිස්බුල්ලා සතු බව ඇමරිකානු CIA බුද්ධි අංශ කියා ඇත. ඉරානයේ සහය ද ඇත. කුමන තත්වයක් යටතේ වුව ද හිස්බුල්ලා හෝ ඉරානය මේ අවස්ථාවේ ඊශ්‍රායලයට පහර දුනහොත් ඇමරිකාව සහ ඇමරිකානු හිතවාදී බටහිර රටවල සෘජු ප්‍රතිචාරයන්ට මුහුණ දීමට සිදුවන බව නිසැකයි.
ගැටුමක් සාදා නො ගැනීමට පරිස්සම් වනවා ඇත. ඊශ්‍රායලය ගාසා තීරය ආක්‍රමණය කරන විට හිස්බුල්ලා සහ යේමනයේ හවුති සහ ඉරානය කිවූ දෑ ක්‍රියාවෙන් නැත. හේතුව ඔවුන්ගේ යුද බලය අනතුරේ හෙළා ගැනීමට සිදුවන බව දන්නා බැවිනි. ඉරානය න්‍යෂ්ටික ක්‍රියා බලගන්වන ස්ථාන ද ඉරානයට අහිමි වනවා ඇත.