IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉරාන විදේශ ඇමති ජනපති හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර්-අබ්දුල්ලාහියන් (Hossein Amir-Abdollahian) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

මෙහිදී ගාසා තීරයේ ගැටුම් පිළිබඳව අදහස් පළ කළ ජනාධිපතිවරයා සටන් විරාමයක් ඇති කර සාම ගිවිසුමකට එළඹීමේ අවශ්‍යතාව ඉරාන විදේශ අමාත්‍යවරයා ‍හමුවේ අවධාරණය කළේය. 

එමෙන්ම කිසිදු සාම ගිවිසුමක් ඒකපාර්ශ්වික නොවිය යුතු බවත් දෙපාර්ශ්වයටම පිළිගත හැකි වන පරිදි සකස් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

 වසර 5ක් ඇතුලත පලස්තීන රාජ්‍යය පිහිට විය යුතු බවත් එය පිහිටුවීමේදී ඊශ්‍රායල රාජ්‍යයේ ආරක්ෂාවට තර්ජනයක් සිදු නොවිය යුතු බවත් ජනාධිපතිවරයා  සඳහන් කළේය. 

ඉන්දියන් සාගරයේ පර්සියානු ගල්ෆ් කලාපයේ ඇති වැදගත්කම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කලාපයේ නාවික ගමනාගමනයේ නිදහස තහවුරු කිරීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින බව ද පැවසීය.

ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර්-අබ්දුල්ලාහියන් මහතා සඳහන් කළේ දෙරටේ සංස්කෘතික සබඳතා මෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමටත් ඉරාන රජය කැපවී සිටින බවයි.  



අදහස් (0)

ඉරාන විදේශ ඇමති ජනපති හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site