IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉමිතියාස්ගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන ආයතන, පළාත් සභා සහ පාර්ලිමේන්තුවේ සාධාරණ තරුණ නියෝජිතත්වයක් ලබා ගැනීම සඳහා තමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පත් තුන සඳහා වෙනස්කම් පෑම, බාධා කිරීම මෙන්ම විරුද්ධකම් කිරීමක් නිසා තම වරප්‍රසාද උල්ලංඝනය වූ බව කියමින් සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවට වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව පාර්ලිමේන්තු පළාත් සභා සහ පලාත් පාලන ආයතන මැතිවරණ ආඥා පනත් සංශෝධනය කිරීම සඳහා  පෞද්ගලික පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට 2021 ජනවාරි මාසයේදී බාරදුන් බව මන්ත්‍රීවරයා කීය.

මේ පනත් කෙටුම්පත් තුන ගැසට් කර අනතුරුව පාර්ලිමේන්තුවට 2022 ජූලි 06 වන දින පළමුවර ඉදිරිපත් කළ පසු ඒ සඳහා අදාල අමාත්‍යාංශයේ වාර්තාවක් ලබාගැන්මට කටයුතු කිරීම පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුව සිදු කෙරෙන්නක් බවද  ඒ අනුව එය අදාල අමාත්‍යාංශයට යොමු කළ ද 2023 ජනවාරි පළමු දිනය තෙක්ම ඒ පනත් කෙටුම්පත් සඳහා අදාල වාර්තා පාර්ලිමේන්තුවට එවුවේ නැතැයි බාකීර් මාකර් මහතා පැවසීය.

අදාල පනත් කෙටුම්පත් සඳහා වාර්තාවන්  අදාල අමාත්‍යාංශයෙන් මාස හයක් ඇතුලත නොලැබුණහොත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 (7) අනුව අදාල මන්ත්‍රීවරයාගේ කැමත්ත පරිදි දෙවෙනි වර කියැවීම සඳහා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කළ හැකිව තිබෙන අතර  ඒ අනුව තමා ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත්, න්‍යාය පුස්තකයට ඇතුළත් කරන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම් වෙත 2023 ජූනි 06 දින  දාතම ලිපියෙන්, ලිඛිතව ඉල්ලා සිටි බව මන්ත්‍රීවරයා කීය.

ඒ පිළිබඳව කිසිදු පියවරක් සිදුනොවීම හේතුවෙන් යළිත් වරක්, 2023 සැප්තැම්බර් 22 දින දාතම ලිපියකින් එම ඉල්ලීම නැවතත් වරක් කළ බව බාකීර් මාකාර් මහතා පැවසීය.

මේ අතර, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් පලාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත් කෙටුම්පතේ අරමුණ සඳහාම වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් 2022 නොවැම්බර් මස 08 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවද  2022 නොවැම්බර් මස 10 වන දින එය පාර්ලිමේන්තුව විසින් විෂය බාර අමාත්‍යවරයාටද යොමුකර තිබෙන්නේ යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තමා විසින් පනත් කෙටුම්පත ඉදිරිපත් කර මාස ගණනකට පසු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු ඉදිරිපත් කළ පනත් කෙටුම්පත සම්බන්ධ වාර්තාව තම පනත් කෙටුම්පත සමගින් සම්බන්ධ කර එක් වාර්තාවක් වශයෙන් අදාල විෂය භාර අමාත්‍යවරයා විසින් 2023 ජනවාරි මස 05 වන දින පාර්ලිමේන්තුවට පිලිගන්වනු ලදුව එම වාර්තාව, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව විසින් 2023 පෙබරවාරි මස 28 වන දින සළකා බැලීම සිදුවූ බව පවසන බාකීර්මාකර් මහතා එසේ සලකා බැලීමෙන් අනතුරුව නීති කෙටුම්පත් දෙකක් වන හෙයින් වෙන් වෙන් වශයෙන් වාර්තා දෙකක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් අමාත්‍යාංශයට නියෝග කර තිබෙන බව කීය.

මෙම කෙටුම්පත අදාල  අමාත්‍යවරයාට ඉදිරිපත් කර මාස  හයකට වඩා වැඩිමනත් කාලයක් ඉකුත්වී ඇති හෙයින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට අනවශ්‍ය ප්‍රමාද කිරීම්වලින් තොරව ඇතුලත් කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සලසා දෙන ලෙස ඉල්ලා සිටින බවද අදාල  කාරණය වරප්‍රසාද කමිටුවට යොමුකර සාධාරණත්වයක් ඉටු කරන ලෙස ද බාකීර් මාකාර් මහතා ඉල්ලා සිටියේය.



අදහස් (1)

ඉමිතියාස්ගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

Bamunuarachchi Wednesday, 04 October 2023 05:49 PM

පත්කළ මන්ත්‍රීකමක්නම් ලැබුණේ නිශ්ශබ්දව ඉන්නවා ආවේ ගම්මිරිස් හොයාගෙන දැන් වරප්‍රසාද ඉල්ලනවා.. තව දවසක පාර්ලිමේන්තුවට ෂරියා නීතිය ඉල්ලයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31336 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13556 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 122 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 953 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 282 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site