
(යොහාන් භාසුර)
පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධනවල මිල ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79 කින්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 90 කින්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 81 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 90 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 60 කින් ඉහළ දැමූ බවත් නව මිල අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 382 ක්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 443ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 398 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 455 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 255 ක් බව එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩෝබි ලා කෝ
රනිල් කරනකොට මෙයාල කිව්වෙ කොහොමද.
කිසිදා රැකියාවක් නොකර අනුන්ගෙන් පිනට කකා කයිවාරු ගහනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් දන්නේ නැති එවුන්ට රටක් භාර දුන්නම ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ කියලා අපි දැන්වත් තේරුම් ගන්න ඕනා !
රජයට වෙන විකල්පයක් නැ අපේ රටට තෙල් ලිං තිබුන නම් මෙහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නැ
සජිය දැන් බෙරිහන් දෙයි , මේ වැඩි විමෙන් හරි මට බලය ගන්න බැරිද රටේ කියල, ඒක හිටිය නම් අද මේ රට අනාථයා
මීට වඩා මිල යයි
මේ යුද්ද කරන ,වල පයයි ගොඩ පයයි ඉන්න නාකි උන් ටික මේ ලෝකෙට කරන විනාශේ මුන්ට තියෙන මානසිකත්වය කොච්චර පහත් ද , තෙල් ලින් විනාශ කරලා, තෙල් සැපයුම් මාර්ග වහල දාල මූ මේ අවුරුදු 2-3ක් ඉඳල . මේ ලෝකෙට පුදුම වදයක් දෙන්නේ . අපි එව්වට වන්දි ගෙවනව
තව ටික දවසකින් කුහක ලපයට රට දාල දුවන්න වෙන සීන් එකක් තියෙන්නෙ.
දැන් හරි ඕක කරපු එක හොඳයි. මිනිස්සුන්ට අමාරු තමයි. එත් අද ඕක කළේ නැත්නම් ඉදිරියට අපේ බදු සල්ලි තවත් විනාශ වෙනවා.