IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඇස්ට්‍රාසෙනෙකා එන්නතින් දෝෂ ඇතැයි එම සමාගම පිළි ගනී

ඇස්ට්‍රාසෙනෙකා සමාගම හඳුන්වාදුන් කොරෝනා එන්නතින් දෝෂ ඇති වන බවට එම සමාගම බ්‍රිතන්‍ය මහාධිකරණ ඉදිරියේ පිළිගැනීමත් සමග එම එන්නත ගැන සැකයක් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

2021 අප්‍රේල් මාසයේදී එන්නත ලබා ගැනීමෙන් පසු රුධිර කැටියක් හේතුවෙන් මොළයේ ස්ථිර ආබාධයකට ලක් වූ එක්සත් රාජධානියේ  ජේමි ස්කොට් විසින් මෙම සුවිශේෂී මහාධිකරණ හමුවේ මෙම නඩුව ගොනු කර ඇත.

කොරෝනා වසංගතය පාලනය සඳහා හඳුන්වාදුන් එම එන්නත මගින් රෝගය පාලනය කිරීමට විශාල සහායක් ලැබුණු බව ද සෞඛ්‍ය අංශ වාර්තා කර ඇත.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත වසරක් තුළ එන්නත් මාත්‍රා බිලියන 3ක් ලොවපුරා බෙදාරියේය. එම එන්නත නිසා ඇති කෝටි ගණනකගේ ජීවිත බේරාගැනීමට හැකිවූ බව ඇස්ට්‍රාසෙනෙකා සමාගම සඳහන් කරයි.

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත නිසා රුධිරය කැටී ගැසීමට බලපෑ හැකි ඉතා දුර්ලභ අතුරු ආබාධ ඇති විය හැකි බව එම ආයතනය පිළිගැනීමෙන් පසුවය එන්නත බෙදාහැරීම හා ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට එම සමාගම පසුගියදා බ්‍රිතාන්‍ය මහාධිකරණය ඉදිරියේදී තීරණය කළේය.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගැනීමෙන් පසු රුධිරය කැටි ගැසීම් ඇතුළු අතුරු ආබාධ ඇති වූ බවට චෝදනා කරමින් ලොව පුරා විවිධ පාර්ශ්ව එම සමාගමට එරෙහිව නඩු පවරා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඇස්ට්‍රාසෙනෙකා - කොවිෂිල්ඩ් එන්නත ලබා ගත් ශ්‍රී ලාංකිකයන් බියට හෝ කලබලයට පත්විය යුතු නැති බවය.

 



අදහස් (5)

ඇස්ට්‍රාසෙනෙකා එන්නතින් දෝෂ ඇතැයි එම සමාගම පිළි ගනී

පිටරටවැසියා Wednesday, 15 May 2024 01:27 AM

සෑම රෝහලක් ඉදිරිපිට මල් ශාලාවක් තියෙන එකේ මොකට බියට හෝ කලබලයට පත්විය යුතුද ???

:       0       12

Sarath Wednesday, 15 May 2024 02:14 AM

"කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඇස්ට්‍රාසෙනෙකා - කොවිෂිල්ඩ් එන්නත ලබා ගත් ශ්‍රී ලාංකිකයන් බියට හෝ කලබලයට පත්විය යුතු නැති බවය." ..... ඇයි එතකොට ලංකාවේ එවුන් ඔටුවොද ?

:       2       14

Lalla Wednesday, 15 May 2024 07:27 AM

අපේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මොනවද කරන්න දන්නේ? පර්යේෂණ කරනවද නිකමටවත්?... අයිතිවාසිකම් වරප්‍රසාද පඩි සහ දීමනා සමාජයේ තමන්ට කුට්ටිය පිනට ඉගෙනගන්න අය හැර ගෙවල ඉගෙනගන්න කැමති අය කප්පාදුව පෞද්ගලික අධ්‍යාපන ආයතන විනාශ කිරීම .... වෙදකම නොවන ඕන දෙයක්...

:       1       14

sumudhu Wednesday, 15 May 2024 08:45 AM

ලෝකෙ හොඳම වෛද්‍ය විද්‍යාල සෞඛ්‍ය සේවාව කියල පම්පෝරි ගැහුවට කොරෝනා වලට කිසිම බෙහෙතක් හදා ගන්න බැරි උන අපෙ අය කරපු ලොකුම දේ තමා කොරෝනා ලංකාවට එන්නත් කලින් තමන්ගේ දීමනා වැඩි කර ගත්ත එක. ඊට පස්සෙ වෙන රටවල් වලින් හොයා ගත්ත බෙහෙත් ටික එනකන් සහ නේවි එකෙ කොල්ලො ගිහින් ඉන්දියාවෙන් ඔක්සිජන් ටික ගේනකන් බලන් හිටපු එක. කරන්න පුලුවන් උන එක තමා වෙන රටවල් වලින් දුන්න බෙහෙත් කිසිම අවුලක් නෑ කියල පම්පොරි ගහල මිනිස්සුන්ට විද්ද එක. දැන් බෙහෙත හදපු සමාගමත් පිළි අරගෙන බෙහෙතෙ සංකූලතා කිතියෙනව කියල. අපෙ උන් කියනව නෑ කියල. ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ.

:       1       16

Rata Perata Wednesday, 15 May 2024 11:40 AM

තමන්ගේ බඩ වඩාගන්න හදපු ඔය සංවිධානය GMOA කියනවාට වැඩිය හොඳයි GONA කියලා දැම්මා නම්...!

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 315 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site