IMG-LOGO

ආහාර බද්ද අඩු කරන බව ජනපති කැබිනට් මණ්ඩලයට කියලා

(අංජුල මහික වීරරත්න)

ආහාර මත පනවා ඇති බද්ද ලබන මාසයේදී අඩුකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

රජයේ මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් වී ඇතැයි කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් ජනාධිපතිවරයා රටට ආදායමක් එන ආයෝජන සිදු කිරීම සඳහා මේ වන විට රුපියල් බිලියන 300 ක් වෙන් කර තිබෙන බව සඳහන් කළ බවද අමරවීර මහතා කීය.

ආහාර මත පනවා තිබෙන බදු අඩු කිරීමට අමතරව විදුලි බිල අඩු කිරීම,ඉන්ධන මිල අඩු කිරීම වැනි සහනද ලබන මාසයේදී ජනතාවට ලබාදෙන බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ පවසා ඇත.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 300-280 අතර අගයක පවත්වාගෙන යාම තම ඉලක්කය බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා එසේ වුවහොත් බඩු මිල තවදුරටත් අඩුවන බව කීවෙි යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

 



අදහස් (11)

ආහාර බද්ද අඩු කරන බව ජනපති කැබිනට් මණ්ඩලයට කියලා

chandima Tuesday, 27 February 2024 10:54 PM

එහෙට මෙහෙට දැනුම් දිදී ඉන්නේ වැඩේ කළා නම් ඉවරයිනේ...! බයිලා තමයි.

:       0       1

Muthu Tuesday, 27 February 2024 10:55 PM

රනිල් හරි, ඩොලර් රේට් අඩු කරන්න ඔච්චර අමාරු නෑ. රට තවතව දුප්පත් කරන්න. මිනිස්සු හිඟන්නෝ වුණාම, බඩු ගන්න කවුරුත් නෑ. දේශීය ඉල්ලුම නැති වෙනකොට ඩොලර් ඉල්ලුමක් නෑ. මැලේසියාව වගේ රට දියුණු කරලා ඩොලර් උපද්දලා මහන්සි වෙන්න ඕනෑ නෑ. රනිල් ජනපති යන පාර දිගේ හැමෝම ඇස් පියාගෙන යමු. අන්තිමේ රට ගන්න කෙනාට අබසරණ වෙන ගානට දුප්පත් කරමු. උද්ධමනයත් බිංදුවටම බහිනවා. මෙතැන හැංගුණු ආර්ථික පිළිකාවක් තියෙනවා වගේ, අවකැපෙන කතා කියන්න එපා කවුරුවත්. කටක් අරින්නවත් එපා, කිසි ආර්ථික විද්‍යාඥයෙක්...

:       0       1

Lalla Tuesday, 27 February 2024 10:57 PM

අනේ ජනපතිතුමෝ අසාධාරණ ආදායම් බද්ද අඩුකර දෙන්න. අනික උද්ධමනයට සාපේක්ෂව සාධාරණ පොලියක් ඉතුරුම්වලට දෙන්න.

:       0       0

de silva Tuesday, 27 February 2024 11:02 PM

පැට්‍රල් 180ට දුන්නත් අපිව මුලා කරන්න බැහැ. අපි මනාපේ ඔයාලාට දෙන්නේ නැහැ. අපි දන්නවා ඡන්දෙන් පස්සේ අපිට ඕවා පොලියත් එක්ක ගෙවන්න වෙනවා කියලා...!

:       0       2

පිටරටවැසියා Wednesday, 28 February 2024 12:07 AM

ගල්ලෙන බිඳලා, ලෙන් දොර ඇරලා ...

:       0       1

සමහන් Wednesday, 28 February 2024 08:14 AM

එක පාරටම රජයේ මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් වී ඇතැයි කියලා රනිල් කියනවා මම අහගෙන හිටියා යහපාලන කාලේත්, විශේෂයෙන්ම මැතිවරණයක් ළඟ එනකොට මේක මතුවෙනවා. දින්නාට පස්සේ කරගෙන යන්න අමාරු වෙනකොට ආපහු පරණ බදු ටිකම ගහනවා..!

:       0       0

තුෂාර Wednesday, 28 February 2024 08:33 AM

සීයටත් ඡන්දයක් එන්නම ඕනෑ මිනිස්සු මතක් වෙන්න...!

:       1       1

Nimal Elpitiya Wednesday, 28 February 2024 08:34 AM

පුළුවන් තරම් පොඩි මිනිහාට බඩේපාර ගහලා දැන් තමයි ජනතාව ගැන මතක්වෙලා තියෙන්නේ...!

:       0       1

පිටරටවැසියා Wednesday, 28 February 2024 09:57 AM

රටේ ජනතාව අහාර නම් අඩුකරලා දැන් බොහෝම කල්...

:       0       1

Prasanna Wednesday, 28 February 2024 11:08 AM

කිසිම නායකයෙක් රටේ මිනිස්සුන්ට කන්න දුන්නේ නෑ.

:       1       2

visnu Wednesday, 28 February 2024 03:16 PM

ඡන්දෙ එනකන් දෙන ගුණ්ඩුව දෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 81 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 506 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 933 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site