
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
පාදුක්ක වටරැක ප්‍රදේශයේ පිහිටි විදුලි උපකරණ නිෂ්පාදන ආයතනයකින් අද (04) ලබා දුන් ආහාරයක් අසාත්මික වීමෙන් එහි සේවක සේවිකාවන් හතළිස් තුන් දෙනකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව මීගොඩ පොලිසිය පවසයි.
ඒ අතර කාන්තාවන් විසි පස් දෙනෙකු හා පුද්ගලයින් දහ අට දෙනෙකු වන බවත් ඔවුන් අවුරුදු 20 - 40 අතර වයසේ පසු වන්නන් බවත් පොලිසිය කියයි.
මෙම සේවක සේවිකාවන්ට ආයතනය තුළ පිහිටි ආපනශාලාවෙන් උදෑසන ආහාරය ලබාදී ඇති අතර එය අනුභව කිරීමත් සමඟ වමනය , ක්ලාන්ත ගතිය, උදරයේ ආබාධ ඇතිව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd