
(කාංචන කුමාර ආරියදාස)
ආහාර දෙපාර්තමේන්තුවේ දැඩි රැකවල් මධ්‍යයේ ඇති තවමත් ක්‍රියාකාරිත්වයේ නොමැති දඹුල්ලේ ශීත ගබඩාවේ ඇති යන්ත්‍ර සූත්‍රවල ඇති තඹ පටි කිසියම් පිරිසක් කපානගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
මෙම ගබඩා සංකීර්ණය ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්වරුන්ගේ අතින් 2025 වසරේ අප්‍රේල් මාසයේ මෙය විවෘත කළද තවමත් මෙය වසා දමා තිබේ.
මෙමගින් එළවලු පලතුරු තෙතමන උෂ්ණත්ව පාලිත ගබඩා සංකීර්ණයේ අභ්‍යන්තරයේ සවිකර යන්ත්‍ර සුත්‍රවල තිබුණු ලක්ෂ ගණනාවක් වටින තඹ බට කිසියම් පිරිසක් කපාගෙන සොරාගෙන ගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ පාලනය වන මෙම ගබඩා සංකීර්ණයේ සිදුව ඇති සොරකම සම්බන්ධයෙන් ආහාර දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් දඹුල්ල පොලිසියට පැමිණිලි කොට තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර මහතාගෙන් අප අද උදෑසන විමසීමේදී සඳහන් කළේ ආහාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කර ඇති බවයි.
මේ වන විටත් කිසිවකුත් අත් අඩංගුවට ගෙන නොමැති බවද හෙතෙම සඳහන් කළේය .ඒ අනුව සිදුව ඇති පාඩුව කොපමණද යන්න මෙතෙක් ගණන් බලා නොමැති බවද පොලිසිය සඳහන් කළේය
මේ වන විට ආහාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මෙම ගබඩා සංකීර්ණයට පැමිණන අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බව දැනගන්නට තිබිණි.
දැඩි ආරක්ෂාවක් යොදවා ගෙන වෙනත් කිසිම අයකුට ඇතුළු වීමටවත් නොහැකි ඉතා ආරක්ෂිත ස්ථානයක පැවති ගබඩා සංකීර්ණයේ ආහාර දෙපාර්තමේන්තුව මගින් ආරක්ෂක නිලධාරීන් පවා යොදවා තිබිණි.
කෙසේ වෙතත් 16 දින උදෑසන සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා කිරීමට යන අවස්ථාවේදී ආහාර කොමසාරිස් ලාල් හේවාපතිරණ මහතා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ සිටි අයුරු දැක ගැනීමට හැකි විය.
ආහාර කොමසාරිස් වරයාගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔහු සඳහන් කළේ තොරතුරු ලබා දුන්නේ පොලිසියෙන් නම් වැඩිවිස්තර පොලිසියෙන් දැනගන්නා ලෙසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුර කල අය සේවයෙන් ඉවත් කරන්න, වහාම නිදහස් කිරීමට කරුණු අවශ්‍ය නැත.
එකත් එකට ඇතුළේ වැඩක්.
මෙහෙම කාලකණ්ණි පව්කාරයෝත් එක්කද අපේ රට ඉදිරියට ගෙනියන්න හදන්නේ? දෙවියන්ගේම පිහිටයි ලංකාවට!!!
2025 විවෘත කරපු එක තාමත් ප්‍රයෝජනයට ගන්නේ නැත්තේ ඇයි? ඉතාම කනගාටුයි NPP ආණ්ඩුවෙන් මෙහෙම වෙනවා කියන්නේ.
2025 අප්‍රියෙල් මාසේ විවෘත කළා නම් තවම වහල තියෙනවා කියන එකේ තේරුම මොකද්ද ? පේන දෙයක් නම් නිලධාරීන්ගේ අකාර්යක්ෂ තාවය මෙයට බලපෑ බවකි .
රැකවල් තිබෙනවා නම්, එම පුද්ගලයන් සිටියදීම මෙම සොරකම සිදුවී තිබෙනවා නම්, අනිවාර්යයෙන්ම මොවුන්ගේ අනුදැනුම උඩ එය සිදුවී ඇති බවට මට විශ්වාසයි. පොලිසියෙන් ප්‍රශ්න කළ යුතුයි.