කඩුවෙල නගරයේ පිහිටි විද්‍යුත් උපකරණ අලෙවිසලක අද (19) උදෑසන හටගත් ගින්නකින් මව පියා සහ දරු දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

 

මිය ගිය දරු දෙදෙනා අවුරුදු 2ක් හා අවුරුදු 6ක් වයසැති දරුවන් බව පොලිසිය කියයි

 

දෙමහල් ගොඩනැඟිල්ලේ පහළ තට්ටුවේ විද්‍යුත් උපකරණ අලෙවි සැල පිහිටා ඇති අතර,  පවුලේ සාමාජිකයන් ඉහළ තට්ටුවේ නවාතැන්ගෙන සිට ඇත.

 

කෝට්ටේ ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවීමේ රථ කීපයක් ගින්න නිවීමට කටයුතු කරයි.