IMG-LOGO

ආසියානු සිනමා උළෙල …...............

(සමන්ත යහම්පත්)

17 වැනි ආසියානු සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය හා හොඳම සංස්කරණය යන සම්මාන 4 ක් සඳහා ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘පැරඩයිස්’ චිත්‍රපටය නිර්දේශ වී තිබේ.

ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් ආසියානු සිනමා සම්මාන සඳහා නිර්දේශවූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ.

අන්තර්ජාතික බූසාන් චිත්‍රපට උළෙල, ටෝකියෝ අන්තර්ජාතික චිත්‍රපට උළෙල හා හොංකොං අන්තර්ජාතික චිත්‍රපට උළෙල හා හොංකොං අන්තර්ජාතික චිත්‍රපට උළෙල ඒකාබද්ධව වාර්ෂිකව ‘ආසියානු සිනමා සම්මාන උළෙල’ පවත්වයි.

17 වැනි වරට මෙවර හොංකොං නගරයේදී මාර්තු 10 වැනිදා පැවැත්වීමට නියමිත ‘ආසියානු සිනමා සම්මාන උළෙලේ’ මෙවර ජූරි සභාපතිත්වය ප්‍රවීණ ජපන් චිත්‍රපට අධ්‍යක්ෂ තියෝශි කුරොසාවා දරන අතර ආසියානු සම්මාන ඇකඩමියේ සාමාජික සාමාජිකාවෝ 200 දෙනෙක් සම්මානලාභීන් තේරීමට තම ඡන්දය පාවිච්චි කිරීමට නියමිතව සිටිති.

ප්‍රසන්නගේ ‘පැරඩයිස්’ චිත්‍රපටය පසුගියදා ප්‍රංශයේ ‘වෙසුල් අන්තර්ජාතික සිනමා උළෙලේදී’ යොවුන් ජූරියෙන් හොඳම චිත්‍රපටයට පිරිනැමෙන සම්මානය හිමිකරගත් අතර, මීට පෙර ‘බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලේ දී’ හොඳම චිත්‍රපටයට පිරිනැමෙන ‘කිට් ජොසික්’ සම්මානය ද හිමිකර ගත්තේය.

මෙය ප්‍රසන්න පළමුවරට මලයාලම්, හින්දි හා ඉංග්‍රීසි බසින් නිර්මාණය කළ චිත්‍රපටය ලෙස සැලකේ.

තිර රචනයෙන් ප්‍රසන්න විතානගේ හා අනුෂ්කා සේනානායක ද සංස්කරණයෙන් ඒ. ශ්‍රීකර් ප්‍රසාද් ද මෙයට දායකවී සිටිති.

 



අදහස් (0)

ආසියානු සිනමා උළෙල …...............

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 346 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 817 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site