IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ආනන්ද - නාලන්දා ආදි සිසුවෝ එක්සත් ආරාබියේදී ගැටෙති

(යොහාන් භාසුර)

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ වෙසෙන කොළඹ ආනන්ද සහ නාලන්දා විදුහල්වල ආදි සිසුන් අතර 15 වැනි වාර්ෂික ක්‍රිකට් සහ රග්බි තරග අජ්මාන්හි රාජකීය ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී හෙට (15) දිනය පුරා පැවැත්වේ.

මෙවර ආනන්ද විදුහල් පළමු පෙළ ක්‍රිකට් පිලේ නායකයා ලෙස කුෂාන් විජේවර්ධන ද, නාලන්දා විදුහල් පළමු පෙළ ක්‍රිකට් පිලේ නායකයා ලෙස එරංග ජයසිංහ ද, කටයුතු කරති.

ආනන්ද සහ නාලන්දා විදුහල් දෙවැනි පෙළ ක්‍රිකට් කණ්ඩායම්වල නායකත්වය පිළිවෙළින් ලක්මින් අභයවර්ධන සහ චානක සේනතිලක දරති.

දෙවිදුහල් අතර රග්බි තරගයේදී ආනන්ද විදුහල් පිල අමිත නුවන් ද, නාලන්දා විදුහල් පිල අසේල වීරසූරිය මෙහෙයවති.

දෙවිදුහල්වල ආදි ශිෂ්‍ය ක්‍රිකට් සහ රග්බි කණ්ඩායම්වලට එම විදුහල් පලමු පෙළ ක්‍රිකට් සහ රග්බි කණ්ඩායම් නියෝජනය ක්‍රීඩකයන් රැසක් ඇතුළත්ව සිටින අතර ඒ හේතුවෙන්ම මෙම වඩාත් තරගකාරී මුහුණුවරක් ගනී.  

ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක, ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

මෙම අවස්ථාවට සහභාගි වන ලෙස එම විදුහල්වල එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ආදි ශිෂ්‍ය සංගම් එරට වෙසෙන ආදි සිසුන් ආරාධනා කරයි.



අදහස් (3)

ආනන්ද - නාලන්දා ආදි සිසුවෝ එක්සත් ආරාබියේදී ගැටෙති

සෙනරත් Friday, 14 February 2025 05:41 PM

මේවා වෙන්නේ කොහොමද? කෝ අධ්‍යාපනයේ විෂමතාව නැති කරන්න ආපු ආණ්ඩුව. කෝ අගමැතිතුමිය...?

:       1       0

amba Saturday, 15 February 2025 01:31 PM

මේකත් පත්තරේ දාන්න තරම් දෙයක්?

:       1       0

janahitha Sunday, 16 February 2025 08:48 AM

පිටරටක ගිහිල්ලාත් එකට ඉන්න බැරි හැටි

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 300 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site