IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ආණ්ඩුව විසිරුවා ඡන්දයකට යමු - වාසු

තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළ යුතු යැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය. රටේ ඇතිවී ඇතැයි කියන අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසීය.

මේ ආණ්ඩුව පවත්වා ගැනීමට ජනවරමක් නැතැයි ද මන්ත්‍රිවරයා කීවේය.

රටේ අස්ථාවර භාවය ඇති වීමට නම් වත්මන් ආණ්ඩුව කැඩිය යුතු යැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

වාසුදේව නානායක්කාර මහතා - ‘‘ මෙවර හොරු යැයි කියපු අය දිනලා. හොරුන් අල්ලනවා යැයි කියපු අය පැරදිලා. අනුර කුමාර කියනවා අහෝ මේ ආණ්ඩුව අස්ථාවර භාවයෙන් මිදෙන්න දෙගොල්ල එකතු වෙන්න කියලා. අපිනම් කියන්නේ අහෝ මේ ආණ්ඩුව කැඩෙන්න කියලා. 

රට ස්ථාවර වෙන්න නම් මේ ආණ්ඩුව කැඩෙන්න ඕනා. කරුණාකර පාර්ලිමේන්තු විසිරුවන්න. අපි තුනෙන් දෙකකින් යෝජනාවක් සම්මත කරලා ඡන්දෙකට යමු. මේ ආණ්ඩුව සමාදාන කරන්න තිබෙන රුදාව මොකක්ද දන්නේ නෑ. එක මන්ත්‍රීවරයෙක් කිව්වා අපි සිරිසේනට ජැක් එක ගහන්න ගියා කියලා. 

අපි එහෙම ගියේ නෑ. අපි ගියේ පරම හතුරා තනි කරන්නයි. යූඇන්පීය නැති ආණ්ඩුවකට අපි උදව් කරනවා කිව්වා. තිලංග සුමතිපාල මහතා යථා තත්ත්වය කීම ගැන සතුටු වෙනවා. ඒ තත්ත්වයට මුහුණ දීමට බැරිව ගලේ රීපු බළල්ලු වගේ මේක වගහන්න හැදීම ගැන කණගාටුයි.

ජනවරමයි කියන එකට තියෙන්නේ එක නිර්වචනයයි. මැන්ඩේට්. 2015 ජනවරම නැවත පරීක්ෂණයට ලක් කළේ 2018. එයින් ජනවරම හැලුනා. ජනවරමක් නැතිව ආණ්ඩුවට පවතින්න තියෙන හැකියාව මොකක්ද? මේ රටේ මේසා විශාල ජනබලයක් තියෙද්දි ආණ්ඩුව දිගටම පවත්වාගන්න උත්සා කළොත් මේ රටත් අස්ථාවරයි.

පළාත් පාලන ආයතනවල වැඩ කරවා ගන්න නම් අපිට ඡන්දෙ දෙන්න කිව්වා. පළාත් පාලන ඡන්දයෙදි සාමාන්‍යයෙන් ආණ්ඩු බලය තිබෙන අය දිනනවා. ආණ්ඩු බලය තියෙද්දිත් මේ විදියට නිර්භීතව ඡන්දය දුන් ජනතාවට අපේ ප්‍රණාමය පුදකරනවා. මේක ජාතික විශ්වාස භංගයක්. ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි. ‘‘ යයිද වාසුදේව නානායක්කාර මහතා පැවසීය. 



අදහස් (16)

ආණ්ඩුව විසිරුවා ඡන්දයකට යමු - වාසු

සතයපාල Monday, 19 February 2018 12:54 PM

කිසිම දේශපාලන ප්‍රතිපත්තියක් නැහැ. කතාවට විතරක් සමාජවාදියි. ඉන්නේ ජාතිවාදීන්ගේ තුරුලේ ඒකාධිපතියාගේ වහලෙක්, නිවටයෙක් වගේ 18 වැනි සංශෝධනයට අත උස්සලා අද ප්‍රජාතන්ත්‍රවාදයයි, සදාචාරයයි ගැන වැදි බණ කියනවා. මේ මනුස්සයාට ඕනෑ මැරෙන්න කලින් ආයෙත් පිං ඇමති කමක් කරන්න විතරයි.

:       182       1080

Ale Monday, 19 February 2018 01:34 PM

හොඳ නැද්ද මෙතුමා විශ්‍රාම ගියානම්.

:       38       280

Rohitha Monday, 19 February 2018 01:37 PM

කව්ද ඕවට වියදම් කරන්නේ .

:       34       147

Shan Monday, 19 February 2018 01:57 PM

මෙයාද දන්නේ නෑ වියදම් කරන්නේ? පුදුමයි.

:       7       112

rocky Monday, 19 February 2018 01:58 PM

හැබෑටම මේ මහත්තයාගේ ඔලුව ඇත්තටම නරක් වෙලාද? පාර්ලිමේන්තුවේ ඉන්න හැට ගානකට පැන්ෂන් අයිතියට කෙලවෙනවා නම් ඔවුන් කැමති වෙයිද ඔය වැඩේට? ඔහෙලාට මේ රට අස්ථාවර කරන්න ඕනෑකම තියෙන්නේ ඇයි කියල හිතාගන්න අමාරු නැහැ. මහින්දගේ කරේ එල්ලෙන්නේ නැතුව ඡන්දෙකට ගියොත් ඔහේ අනාථයි !

:       32       146

amara Monday, 19 February 2018 02:19 PM

මේ අයට මොකද කෝටි ගාණක් ජනතා මුදල් දීලා මේ හොරු ටික ගේන්න ඒ අයම යෝජනා කරන්නේ?

:       29       197

aseTuesday, 20 February 2018 04:06 AM

කරපු දේවල් වහ ගන්නේ නේද මේ !! දැක්කම අනේ හිතෙනවා, අපේ කාලේ වීරයෙකුට ගිය කල, මේ තරම් වැටෙන්න මිහිහෙකුට පුලුවන්න්ද ??

:       0       2

shan saudi Monday, 19 February 2018 04:11 PM

රටට හෝ ජනතාවට කිසිම සේවයක් නොකරන දේශපාලකයන් ලබන ආත්මේ ගැන මතක් කරගන්න.

:       0       0

Aluthgama A. Samathasena. Monday, 19 February 2018 04:34 PM

නීතිය ගැන හොදින් දන්නා ඔබතුමා මොනවද මේ කියන්නේ ? මේ වගේ ඡන්දෙකින් රජයක් විසුරුවනවානම් මහා මැතිවරණ කුමටද ? මේ ඡන්දෙදි ගමේ හා ප්‍රදේශයේ හිතවත්කම් බලපෑවා. පක්ෂ පාට බැලුවේ නැත. මෙම සත්ත්‍යය කව්රුත් දන්නවා. ඇත්තෙන්ම මැතිවරණයක් තිබ්බොත් ඔබතුමන්ලා හිතන දේ වෙන්නේ නැත. පළාත් පාලන ආයතන ටික හරියට කරලා පෙන්නුවොත් ඔබතුමන්ලා ඉහලින්ම දිනාවී. ඉතින් කලබල නොකොට එම දේ හරියට කරලා ඡන්දෙ දිනන්නකෝ. ඔබතුමන්ලා දක්ෂයෝ නම් මේ අබියෝගය සතුටින් බාර ගන්නකො. පැහැදිලි පාර තියෙද්දී වෙනත් පාරවල් කුමටද ?

:       0       27

Banda Monday, 19 February 2018 06:02 PM

මෙයා රටට කරපු එක වැඩක් කියන්නකෝ කවුරුහරි දන්නවානම්

:       0       0

Supun Ekanayake Tuesday, 20 February 2018 01:24 AM

මහ බැංකුවේ මහ හොරකමට අධිකරණයේ සැකකරුවෙකු වී සිටින අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරිපත් නොවීම තුළ ඔහු හඳුන්වාදී පත්කිරීමට අනුබල දුන් අගමැතිවරයා දැනටමත් එහි වග උත්තර කරුවෙකු බවට නිරායාසයෙන්ම පත්වී ඇති නිසා සාපරාධී ලෙස සාමුහික සැලසුම් කිරීමක් මගින් රජය සතු මහජන මුදල් අවභාවිතා කර අයුතු ලාභ ලැබීමේ අරමුණින් කටයුතු කළ බවට සාධාරණ සැකයක් මතුව ඇති බැවින් ඔහුට අගමැති ධුරයේ තවදුරටත් රැඳී සිටීමට ඉඩදීම කෙතරම් ජනතාවාදී සදාචාරාත්මක ක්‍රියාවක්ද?

:       0       0

Prabath Tuesday, 20 February 2018 02:22 AM

මෙයාගේ කොමියුනිස් වාදය දැන් කොහෙද දන්නේ නැහැ.

:       0       0

Rohana Tuesday, 20 February 2018 02:39 AM

මැතිවරණයකින් වෙන්නේ ඉන්න හොරුටික යවලා තවත් හොරු ටිකකට රට බාරදීමයි

:       0       0

priyankara Tuesday, 20 February 2018 07:07 AM

මෙයා මහලොකුවට කැහගැහුවට ව්‍යවස්ථාවවත් දන්නේ නැහැ වගේ. 19වෙනි සංසෝදනය අනුව මෙයාට ඕන වෙලාවල් වලට ඡන්දය තියන්න බැහැ .අපේ රටේ මිනිස්සුන් ඕන වෙලාවක ගොනාට අන්දන්න පුළුවන් කියල හිතන් ඇති.

:       0       19

Alutgama A. Samathasena. Tuesday, 20 February 2018 08:10 AM

මේ පුංචි ඡන්දෙන් රජය වෙනස් කරන්න හදනවනම් ඇත්තෙන්ම ඒක විහිළුවක්. එකට මහා මැතිවරණයක් තව වසර දෙකකින් තියාවි. තවම තියෙන්නේ පසුගිය මහා මැතිවරණයේ බලය. ඒක වෙනස් කරන්න මේ මැතිවරණයේ බලයට බැහැ. එහෙනම් මහා මැතිවරණ කුමටද? එතකොට නිතර නිතර මැතිවරණ තියන්න යන කෝටි ගණන් සල්ලි මේවා කියන කට්ටිය දෙනවද.?

:       0       20

banda Tuesday, 20 February 2018 08:29 AM

මහා ඡන්දෙ එන්නේ 2020 එතකම් ඉවසන්න . දැන් ඔයාලගේ ඔලු ගෙඩි හුවමාරුවෙන් ආණ්ඩුව පෙරලෙන වැඩේ අවසන්ද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site