(අංජුල මහික වීරරත්න)

ජනතාවට බොරු පොරොන්දු දුන්න ආණ්ඩුව දැන් බොරුවෙන් වංචාවෙන්ම ආණ්ඩුව පවත්වාගෙන යන්නට උත්සාහ කරන බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ආණ්ඩුව අද ගොවීන්ගේ උපාධිධාරින්ගේ ප්‍රශ්න යට ගහන්නට උත්සාහ කරන බවද නාමල් රාජපක්ෂ මහතා කීය.

නාමල් රාජපක්ෂ මහතා මේ බව කීවේ කුලියාපිටියේ පැවැති රැස්වීමක් අමතමිනි.

"​මැතිවරණ කාලයේ ජේ.වී.පී දේශපාලනය කරපු උදවිය මේ ගමට ඇවිල්ලා, ජනතාවගේ ප්‍රශ්න සාකච්ඡා කරලා ඒවා වෙනුවෙන් සටන් කරපු විදිය දිහා බැලුවම පේන්න තියෙන්නේ මොකක්ද? ​අසීමිත බලාපොරොත්තු දීලා, ගෙයින් ගෙට ගිහිල්ලා, රටේ ජනතාව රවට්ටපු ආණ්ඩුව අද බලයට ඇවිල්ලා තමන් වෙච්ච පොරොන්දු ඉටු කරන්නේ නැතුව තවදුරටත් බොරුවෙන්, වංචාවෙන්, දූෂණයෙන්, මර්දනයෙන් තමන්ගේ ආණ්ඩුව පවත්වාගෙන යන්න උත්සාහ කරනවා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.