ජාතික ආණ්ඩුවේ කාලය අවසන් බවත්, අලුත් ආණ්ඩුවක් පිහිටුවන තුරු අමාත්‍යවරුන් ධුරය නොදරන බවත්, දැන් ඇත්තේ ආණ්ඩුව ආයුබෝවන් කියා ගෙදර යෑම බවත් දිනේෂ් ගුණවර්ධන මහතා යෝජනාවක් ගෙන එමින් පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
එම යෝජනාව විමල් වීරවංශ මහතා ස්ථිර කළේය.
රටේ ඇතිවී ඇතැයි කියන අර්බුදය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය දැන් පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. මෙම විවාදය අද පස්වරු 4.00 ට ආරම්භ විය.
කල්තැබීමේ විවාදයක් ලෙස පැවැත්වෙන මෙම විවාදයේදී යෝජනාව ඒකාබද්ධ විපක්ෂ නායක දිනේශ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලදි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම යන්න ඕනෑ රට විනාශ කරන්න දෙන්න බැහැ. අලුත් රටක්, අලුත් ආණ්ඩුවක්. ඔබට ජය වේවා !!!
ඒ දවස්වල මෙයා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටපු කෙනෙක්... දැන් නැති ප්‍රශ්න ඇදගෙන කාඩ්බෝඩ් වීරයෙක් වෙන්න හදනවා.
ආණ්ඩුව අනිවාර්යයෙන් ගෙදර යුතුය... දැන්වත් රට හදන්න ඉඩදෙන්න.
මේ ගොල්ලන්ට දූෂිතයින්, මිනීමරුවන්, අපරාධකරුවන් සේරටම තව බොහෝ කාලයක් මේ ලෙසටම සුදු හුණු ගගා තමා ඉන්න වෙන්නේ. කිසිම ලැජ්ජාවක් නැතුව දූෂිතයන් සුදනන් ලෙස පෙන්වන්නට උත්සාහ කරමින් දැන් මේ කරන නාඩගම් බොරලුගොඩ සිංහයා දැනගත්තොත් මොනවා හිතයිද?
ගිය රජයේ බොහෝ කල් ඉදලත් දැන් නේ මෙයා දුෂණ , වංචා , මිනීමැරුම් දැකල තියෙන්නේ . පව්.!