IMG-LOGO

2023 සැප්තැම්බර් මස 26 වන අඟහරුවාදා


ආණ්ඩුවට තනි රකින්න සූදානම් නෑ

(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපතිවරයා පත් කිරීමට කැපවීම් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  අදහස් හා යෝජනා නොසලකා කටයුතු කළහොත් ආණ්ඩුවට ඉදිරියට යා නොහැකි බවත්  දිගින් දිගටම කෙනෙහිලිකම් සිදුවන්නේ නම් ඒ සියල්ල දරාගෙන ආණ්ඩුවට  තනි රැකීමට  සූදානම් නැති බවත්  හිටපු අමාත්‍ය  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  දිගාමඩුලු  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දී ඇත.

ඔහු මෙසේ දැනුම්දී ඇත්තේ ජනාධිපතිවරයා සහ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍යවරුන් මන්ත්‍රීවරුන් සහ  දිස්ත්‍රික් සංවිධායකවරුන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදීය. මේ  සාකච්ඡාව ජනාධිපති  ලේකම් කාර්යාලයේදී ඊයේ (29)පැවැත්විණ.

" මේ ජනාධිපතිතුමා,ආණ්ඩුව  බලයට ගේන්න  පොහොට්ටුව  කරපු කැපවීම මම මෙතන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ඒක මුළු රටම දන්නවා. ඒත් සමහරුන්ට  අද  මේ කැපවීම  අමතකයි. අපේ යෝජනා අපේ  ප්‍රශ්න ගැන තඹ දොයිතුවකට ගණන් ගන්නේ නැහැ. මේ විදියට දිගටම ගියොත් ආණ්ඩුවට පැවැත්මක් නැතිවෙනවා. ඒ ගැනත් අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලනවා" යනුවෙන්ද  දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර විමලවීර දිසානායක මන්ත්‍රීවරයා අද (30)කොළඹදී පැවැති පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් "මේ ආණ්ඩුවෙත් අපි කියන දේවල් ගණන් නොගන්න උද්දච්ච  පුබ්බඩ
ඇමැතිවරුත් ඉන්නවා" යැයි  ප්‍රකාශ කළේය.

මෙහෙම අය එක්ක ගමනක් යන්නේ කෙසේදැයි ඔහු  එහිදී වැඩිදුරටත් ප්‍රශ්න කළේය.



අදහස් (13)

ආණ්ඩුවට තනි රකින්න සූදානම් නෑ

Prabha Tuesday, 30 May 2023 10:48 PM

බයියෝ පවු

:       0       5

semaris Wednesday, 31 May 2023 01:54 AM

මෙන්න මේවගේ අප්පුහමිලත් ඊළඟ චන්දෙදි ගෙදර තියන්න ඕනෑ . දුප්පත් කම් නිසා දුක්වින්ද කියා කියා යන වල බයිලා ඇරෙන්නට නිර්මාණශීලි යමක් කියන්න කරන්න හැකියාවක් නැති මිනිහෙක්. අපි දැක්කනේ අර වන ආරක්ෂක නිලධාරියට මෙය කත්කපරු හැටි . හීනමානයකින් පෙලෙන්නෙක්

:       0       18

Sunil Wednesday, 31 May 2023 02:12 AM

මෙයත් එකයි .රජයත් එකයි .කයිවාරු මිසක් කල හැකි දෙයක් නැහැ

:       0       10

chandima Wednesday, 31 May 2023 04:41 AM

මොන කැප කිරීමක්ද ?ඒවාට පඩි ගෙවන්නේ .ගෝටා දුන්නා මෙයා ගත්තා .එච්චරයි .පඩි මදි නම් අයින් වෙන්න.එයාලා වෙන කෙනෙක් ගනීවි අඩු පඩියක් දීලා.

:       0       5

Nilantha Wednesday, 31 May 2023 04:58 AM

කැපවීමක් නැත , තමන්ගේ ගැලවීම හා ආරක්ෂාව පිණිස පත්කරන ලද අටවන ජනාධිපතිනේ ......

:       0       7

Deepal Nirosh Wednesday, 31 May 2023 05:16 AM

අපි දන්න විදියට මිනිසුන් පාලමක් නැති ගඟකින් එගොඩ වෙන්න පාරුවක් පාච්චි කළාට එගොඩ වුනාට පස්සෙ ඒ පාරුව කරගහගෙන යන සිරිතක් නැහැ. තමුන්නාන්සේලාගේ ඔය මහ ලොකු ආණ්ඩුවට පැවැත්මක් නැතිවුණා කියල ජනාධිපතිතුමාට පැවැත්මක් නැති වෙන්නෙ නැහැ. මොකද දැන් එතුමාට පාරුව අවශ්‍ය නැහැ.

:       0       10

සසර Wednesday, 31 May 2023 07:03 AM

දේශපාලන පුවත් වලට වෙන් කල අවකාශය සෞඛ්‍ය පුවතකට වෙන් කලා නම් රට නිරෝගී වෙයි.

:       0       5

Perera Wednesday, 31 May 2023 07:50 AM

මේ වගේ එවුන්ව ඇමතිලා කලොත් ලංකාවට පැවැත්මක් නැහැ.

:       0       8

Gaston Wednesday, 31 May 2023 08:05 AM

බිරිඳව රැකගෙන ගෙදර හිටුකෝ

:       0       6

Janahitha Wednesday, 31 May 2023 08:20 AM

කතාව දෝලාවෙන් .ගමන දෙපයින්

:       0       4

නිහාල් Wednesday, 31 May 2023 08:36 AM

ඔහේලා වගේ අවස්ථාවාදීන්ට ඡන්දෙ දෙන ඡන්ද දායකයෝ ගැන හිතාගන්න පුළුවන්.

:       0       8

Bunny Preena Wednesday, 31 May 2023 09:29 AM

කියන්නා කෙසේ කීවත් අසන්නා ඉතා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි

:       0       4

prasanna Wednesday, 31 May 2023 10:27 AM

ඕවා නෙමෙයි යකෝ ජනතාවගේ ප්‍රශ්න ගැන බලපල්ලා .උඹලාගේ ඔය ප්‍රශ්න අපිට මොකටද?ඕවා ජනතාවට වැඩක් නැහැ

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යුද හමුදා විශ්‍රාමික නිලධාරීයාට වසර 15ක සිර දඬුවමක්
2023 සැප්තැම්බර් මස 26 305 0

ඥාති සහෝදරියගේ බාල වයස්කාර දියණීය දුෂණය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ යුද හමුදා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි


කොළඹ විශ්වවිද්‍යාලයට කෝප් කමිටුවෙන් මල් මිටක්
2023 සැප්තැම්බර් මස 26 534 0

ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළම ස්ථානය හිමිකරගෙන සිටින කොළඹ විශ්වවිද්‍යාලයේ එම සාර්ථකත්වය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේ


බණ්ඩාරනායක ගුණ සැමරේ
2023 සැප්තැම්බර් මස 26 493 0

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්. ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 64 වන ගුණ සමරුව , අද (26) පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අභියසදී පැවැත්විණි.


මැලගසි රෝස වෙනුවෙන් රේගුවට කෝටි 8ක් නැතිවෙලා
2023 සැප්තැම්බර් මස 26 619 0

ශ්‍රී ලංකා රේගුවෙන් රාජසන්තක කෙරුණු මැලගසි රෝස (Rose wood) මෙට්‍රික් ටොන් 420 ක් බරැති දැව කඳන් 3669 ක් විකිණීමට සැලසුම් කළද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලප


පුරහල අවට දැඩි වාහන තදබදයක්
2023 සැප්තැම්බර් මස 26 489 0

සමස්ත ලංකා හෙද සංගමය ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට දහවල් ආරම්භ කළ විරෝධතාව හේතුවෙන් කොළඹ පුරහල සහ අවට ප්‍රදේශයේ දැඩි වාහන


රග්බි ස්ථාවර කමිටුව විසුරුවා හරී
2023 සැප්තැම්බර් මස 26 108 0

රිස්වි ඉල්ලියාස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් රග්බි නිලධාරී මණ්ඩලය විසුරුවා හරිමින් පත්කළ ස්ථාවර කමිටුව බල රහිත කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 1767 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 719 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site