
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයට කොරෝනා එන්නත් ලබා ගැනිමට පැමිනි 5000 කට ආසන්න පිරිසක් පාසලේ ගෙට්ටු කඩා ගෙන ඇතුල් විමත් සමග එකම කාල ගොට්ටියක් වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොඨඨාසයේ වයස අවුරුදු 60 ට වැඩි පිරිසට හා ගැබිණි මව්වරුන්ට ලබා දිමට එන්නත් දස දහසක් ලබා දි තිබු බව කියයි.
එම එන්නත් ආණමඩුව,කොට්ටුකච්චිය,තල්ගස්වැව,හා මහකුඹුක්කඩවල යන ප්‍රදේශවලට එන්නත් 2500 බැගින් ලබා දිමට ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි රවි අබේරත්න මහතා කටයුතු කර ඇත.
කෙසේ නමුත් වැඩිහිටියන්ට එන්නත් ලබා දිමේන් අනතුරුව ඉතිරි සුළු එන්නත් ප්‍රමානය අවුරුදු 30 වැඩි පිරිස් වෙත ලබා දිමට සෞඛ්‍ය අංශ කටයුතු කරද්දී ආණමඩුව කන්නන්ගර විද්‍යාලය අසල රැස්වි සිටි පිරිස අතර බහින් බස් විමක් සිදුව ඇති අතර පසුව එය ගුටි බැට හුවමාරුවක් බවට පත්වු බව එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිළධාරින් පවසයි.
එම පිරිස ගෙට්ටුව කඩා ගෙන පාසලට ඇතුල් විමත් සමග එම ස්ථානයේ සිටි කිප දෙනකු තෙරපි බිම ඇද වැටි ආබාධ වලට ලක්ව සිටිනු දැක ගත හැකි විනි.
කෙසේ වෙතත් සවස පහ වන විට එන්නත් කිරීම් අවසන් කිරීමට කටයුතු කර තිබුනද මෙම තත්වය මත 25 දින රාත්‍රි 9 ආසන්න වන තුරු ඉතිරි එන්නත් 500 කට ආසන්න ප්‍රමානය ලබා දුන් බව ආණමඩුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසන්න කුමාර මහතා පැවසිය.





COMMENTS
මේකේ සම්පුර්ණයෙන්ම වැරැද්ද සංවිදානය කරන අයගෙයි. මුට්ටි දාලා, පැණි බීලා මිනිස්සු මර බයෙන් දැන් ඉන්නේ. එන්නත්කරණය විදිමත්ව සංවිදානය කරන්න රජය හා රාජ්‍ය නිලධාරීන් අසමත් වෙලා කියලා මැනවින් පැහැදිලියි.. රුපවාහිනියේ කියනවා 101% එන්නත්කරණය කරලා කියලා.. එතකොට මේ වෙන රටක මිනිස්සුද? ලංකාදීපේ දැම්මට වෙන මාධ්‍ය මේක කතා කරන්නේ නෑ .. හේතුව හිතාගන්න බෑ ..
එන්නත් අරගෙන ,ගුටිත් කාලා තවත් මදි
ආනමඩුවෙත් ඉන්නවද කලින් නම් කිව්වේ පුත්තලමේ ඉන්නවයි කියලා.
වයස බල බල බෙහෙත් විදලා හරියන්නේ නැහැ, ඉක්මනින් මුළු රටේම අයට එන්නත ලබාදිය යුතු වෙනවා.
ජනතාව නොසන්සුන් වෙන්නේ තම ජිවිත බේරගන්න.
මේ පෝලිම් දැක්කම හිතෙනවා එන්නත ගහන එකත් බෝ වෙන්න හේතුවෙන බව.
මේ මිනිස්සුන්ටම බැනලා වැඩක් නෑ. මේ වගේ දේවල් ඇතිවෙන්නේ පවතින අසාර්ථක, කිසිම දැක්මක් නැති පාලකයෝ නිසායි.
මට ගහන්න ආපු අයට මම නම් හොඳට ගැහුවා
පුත්තලම් දිස්ත්‍රික්කයෙ හැමෝටම එන්නත් ලැබෙන ක්‍රමවත් වැඩ සටහනක් නෑ කියල ජනතාව දන්නවා. එහෙන් මෙහෙන් හිටපු ගමන් එන්න කියලා ගහන තත්වයක් තියෙන්නෙ. ප්‍රධාන නගර ඉල්ලක්ක කරගත්තත් ජනපද ගැන අවධානය මදි. මෙවන් ස්ථානවල මිනිසුන්ගේ නූගත්භාවය නිසා පැතිරීම වැඩියි, හැසිරීම සහ ඉවසිලි භාවයත් අඩුයි. තිබුනොත් ගහන්නම් කියන උත්තරය සමහර ස්ථානවල කුලී වැඩ ඉවර කර පැමිණෙන අන්තිමට පෝලිමේ එන අයට ලැබෙන්නෙ. රෝගය පැතිරීම මෙම දිස්ත්‍රික්ක්යෙත් වැඩි නිසා එන්නත් ගන්න ඇති තරඟයෙ ප්‍රථිපල තමා මේ.
ගාල්ලේ වැක්සින් ප්‍රෝග්‍රෑම් එක නම් ලස්සනට සංවිධානය කරලා තිබුණා. මිනිස්සුන්ට පෝලිමේ දිගු වෙලාවක් රැඳිලා ඉන්න උනේ නෑ . නගරාධිපති තුමා පවා වැඩ කළා එතන.
ග්‍රාමසේවක ඡන්ද හිමි නාමලයිස්තුව අනුව ටෝකන් දීලා වසම් වෙන් වෙන් වශයෙන් කඩනවානම් මෙහෙම ප්‍රශ්න වෙන්නේ නැහැ.
ඔය රූපවාහිනියේ පෙන්වන්නේ වෙනම මවපු ලස්සන ලෝකයක්.
හොඳ සද්දෙට ලවුඩ්ස්පීකර් පිරිත් දාලා තිබ්බ නම් ඔතැන ඔහොම වෙන්නෙ නැහැ
මේක විපක්ෂයෙන් සංවිධානය කල දෙයක් වෙන්න ඇති.
මෙවැනි දේ සංවිධානය කරද්දී තිබෙන එන්නත් ප්‍රමාණයට අනුව ජනතාව කැඳවන්න. එන්නත් 2500ක් තියාගන ජනතාව 5000ක් කැදෙව්වම ගුටි බැට හුවමාරු වෙන එක අහන්න දෙයක් ද. සෞඛ්‍ය අංශ වලට උවමනා දවස් දෙකක වැඩ එක දවසෙ කරන්න වගේ මම නම් දැක්කේ. ඒකෙන් වෙන්නේ අධික පෝලිම් ඇතිවීම හා එම නිසා රෝගය තව තවත් ව්‍යාප්ත වීම. ජනතාව 5000ක් මීටර්යක දුරින් හිටියොත් දුර කිලෝ මීටර් 5ක්.