
(යොහාන් භාසුර)
වර්තමාන ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘති සඳහා අයවැයෙන් රුපියල් බිලියන 500 ක් හෙවත් රුපියල් කෝටි 50,000 ක් වෙන්කළ ද වර්තමානය වන විට එම මුදලින් රුපියල් බිලියන 5 ක් හෙවත් රුපියල් කෝටි 500 කටත් වඩා අඩු ප්‍රමාණයක සංවර්ධන ව්‍යාපෘති පමණක් ආරම්භ කර ඇති බවත් ශ්‍රී ලකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම්. ඩී. පෝල් මහතා පැවසීය.
රුපියල් බිලියන 5 කටත් අඩු වටිනාකමින් යුත් ව්‍යාපෘතිවලට පමණක් ටෙන්ඩර් කැඳවා ව්‍යාපෘති ආරම්භ කර ඇති බවත් ඒ හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තක්රුවන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බවත් ඒ මහතා කීය.
වසරක පහක පමණ කාලය තුළ ඉදිකිරීම් කර්මාන්තය කඩාවැටෙන තත්වයක් ඇති බව කී ඒ මහතා එම කර්මාන්තය රැකගැකනීමට නම් වෙන්කළ රුපියල් බිලියන 500 ට ව්‍යාපෘති ආරම්භ කිරීමට ආණ්ඩුවට යුතුකමක් ඇති බව ද සඳහන් කළේය.
විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ ව්‍යාපෘති රාජ්‍ය නිලධාරීන් සහ ඉංජිනේරුවන් සැළසුම් කිරීම, ඉන්පසුව ටෙන්ඩර් කැඳවීම ආදි ක්‍රියාවලිය ඉතාම මන්දගාමී තත්වයක ඇති බවත් මෙරට මැති ඇමතිවරු සහ අමාත්‍යංශ ලේකම්වරු ඒ සඳහා දැඩි අවදානයමක් යොමුකර වැඩපිළිවෙළක් සකස් නොකිරීම මෙයට ප්‍රධාන හේතුව ලෙස දකින බව ද ඔහු කීය.
මෙම තත්වය පිළිබඳව කළ විමසුමකදී නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසුවේ අයවැයෙන් එම මුදල් පසුගිය මාර්තු මස සම්මත වූ බවත් ඒ අනුව වසර මුල මුදල් වෙන්කිරීමේ හැකියාව නොතිබුණු බවත්ය.
එවැනි ප්‍රකාශ කරන මහත්වරු මීට පෙර වැඩකළ ආණ්ඩු වැඩකළ ආකාරයට වර්තමාන ආණ්ඩුව වැඩනොකරන නිසා ඔවුන්ට ඉවසා බලාසිටිය හැකි බව කී අමාත්‍යවරයා මෙම වසර අවසන් වන විට එම මුදලින් සියයට 70 කට වැඩි මුදලක් ව්‍යාපෘතිවලට යෙදවන බව ද සඳහන් කළේය. අයවැයෙන් වෙන්කළ මුදලින් බිලියන 39.8 ක් ජලසම්පාදන මණ්ඩලයේ ව්‍යාපෘතියකට වෙන්කර ඇති අතර සෙසු මුදල් නියමිත ප්‍රසම්පාදන පටිපාටියට අනුව යොදවන බවත් ගෙදරක මුදල් වියදම් කරන ආකාරයකට ආණ්ඩුවකට මුදල් වියදම් කළ නොහැකි බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවසා බලා ඉන්න කොට කඩා වැටිලා ඉවරයි. අති අකාර්යක්ෂම ආණ්ඩුව...
ප්ලග් බේස් එකක් ගන්න 72000ක් වියදම් කලා වගේ ඔය සල්ලි වියදම් කරන්න සුදුසුම අවස්ථාව සහ කෙනා එනකම් තමයි බලාගෙන ඉන්නේ. පොඩ්ඩක් තේරුම් ගන්නකෝ.
කොන්ත්‍රාත්කාරයින්ගේ ඇස්තමේන්තු බොහෝමයක් බොරු ගණන් දමලා පුම්බපු ඒවා... ! හරි ඇස්තමේන්තු හදලා ඒ අනුව වැඩ කරනාතුරු ඔය ඉදිකිරීම් ක්ෂේත්‍රය කුණුගඳ ගහන පරණ තුවාලය සුව වෙන්නේ නෑ...
ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිලු නේද? ඉස්සර වගේ දේශපාලන ව්‍යාපෘති නැතිව නිසි ඇගයීමට ලක්කොට ව්‍යාපෘති පටන් ගන්නවා කියලා තමයි කියන්නේ.
තමුන්ට තියෙන ප්‍රශ්නය මුදල් ටිකක් ලැබුණාම හොරා කන්න අපහසු නිසා. රාත්තලම ඕනෑ නේද? මේ වැඩ පිළිවෙල හොඳයි. මිනිස්සු කොස් නෙමේනේ. හාරාලා බලන්න වැඩ කරගෙන යනකොට ඉතිරි ටිකත් දෙයි. ඔබලා කෙරුවේ බාගෙන කනවැල... ඉහගෙන කාපු එක කරුණාකරලා කට්ටිය. පැත්තකට වෙලා හිටියා නම් හොඳයි. උබලා හොරුන් බෝකෙරුවා මිසක් හොරුන් මට්ටු කෙරුවේ නැහැ. හිතක් පපුවක් නැති නරුම රැළක් කලින් රට කෙරුවේ. දැන් කොහොමද වෙනස...? ගොබ්බයින්ට විතරයි අමාරුකම් දැනෙන්නේ. ජනතාව නම් සතුටින්. පුදුම වැඩක් නේද වුනේ? කට්ටිය හිතුවේ නැහැ මේ විදියට... හොර අහු කරන් හිරේ යන්න වෙයි කියලා හඳහන බැලුවාම කියන්නේ... ලබන මාසේ රවී උච්ච වුණාම නැවත බලයට එනවා කියලා... ඒකේ අනිත් පැත්ත... සෙනසුරා ඇවිත්... වැලිකඩත් යනවා. ඉස්සර සැප නැහැ දැනෙන්නේ... වැලිකඩ සුවඳයි දැනෙන්නේ...
වෘතියවේදීන් අලුතින් බදවා ගන්න, ලංසු ක්‍රියාවලිය පට්ට මන්දගාමී වෙලා තියෙන්නේ, කලමනාකරන සේවා දෙපාර්තමේන්තුවේ මෝඩ කබ්බන්ට ඕක තේරෙන්නේ නෑ, බදවා ගැනීම් වලට බාදක දාලා තියෙන්නේ, ලුණු සංස්ථාවටයි, විදුලි බල මණ්ඩලය ටයි එකම බදවා ගැනීමේ පටිපාටිය අනුමත කරන පට්ට සෙට් එකක් ඉන්නේ කළමනාකාර සේවා දෙපාර්තමේන්තුවේ .
තවම සමහර අයට ඕනෙ අර පරණ හොර ක්‍රමය ගේන්නම තමයි. එතකොට කීයක්හරි ගහගන්න පුළුවන්නේ...