(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
කිලෝමීටරයක පමණ දුරින් පිහිටි ගල්වළක දැමූ ගල්වෙලිල්ලක් හේතුවෙන් විසිවූ ගල් කැබැල්ලක් නිවසක වහළට වැටී හානි සිදු වෙද්දී මාස හතරක් වයසැති නිවුන් දරුවන් හා ගැබිනි මවක අනූ නවයෙන් බේරී ඇතැයි
අක්කර 20ක පමණ ප්‍රදේශයක පැතිරුණු මෙම ගල්වෙ වෙඩි දමා කඩන අතර ඉන් විසි වූ ගල් කැබැල්ලක් මෙසේ වැටීමෙන් නිවසට හානි සිදුවී ඇතැයි නිවෙස් හිමියා පැමිණිලි කළ බව මීරිගම පොලිසිය කියයි.
වහලයට ගල් කැබැල්ල වැටී උළු කැට හා සිවිලම කැඩී බිත්තියේවූ විදුලි පේනුවකටද හානි සිදු කරමින් පුටුවක් මතට වැටී ඇතැයි හෙලිවී ඇත.
මාස හතරක් වන නිවුන් දරුවන් දෙදොනා හා මවත් නිවසේ සිටි ගැබිනියකත් මෙම සිද්ධියෙන් තුවාල නොලබා බේරී ඇත්තේ අනූ නවයෙන් බව ගම්වාසීහු සදහන් කරති
ගල් වළවල් නිසා මීට පෙර අවස්ථාවලදීද තම නිවෙස් හා දේපල හා සිදුවී ඇතැයි ගම්වාසීහු සදහන් කළහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අහසින් ආ ගල නිවුන් සිඟිත්තන්ගේ - ගැබිණි මවගේත් දිවි බේරා වහලය කඩයි
Nihal Thursday, 26 January 2023 01:32 PM
ගල් කොරිය වහන්නෙ, සියයට සියක් වන්දි ගෙවන්න අදිකරනයෙ සහය පතන්න
චමින්ද Thursday, 26 January 2023 03:43 PM
ගල්කොරිය වැහුවම කී දෙනෙකුගේ රැකියා නැතිවේද බලන්න කරන්න තියෙන්නෙ ගල් කොරිය වැසීමද නැත්නම් ආරක්ෂක උපක්‍රම යොදාගෙන පවත්වා ගැනීමද හොද කියලා බලන්න එහෙම නැතුව කර්මාන්ත වසාගෙන රටක් හදන්නෙ කොහොමද
ShanFriday, 27 January 2023 02:59 PM
මීට කලිනුත් සීමා මායිම් යොදා ආරක්ෂිතව කරගෙන යාමට උපදෙස් දීලා තිබුණත් ඒ නිසි ආරක්ෂිත ක්‍රම පිළිපදින්නේ නැතුව මෙම ගල්වල කරන නිසානේ ආයේ ආයෙත් මේ වගේ අනතුරු සිදුවන්නේ.. රැකියාවල් රකින්නත් මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා වෙලා තියෙන්න ඕනේ නේද මහත්තයා....!
සුරංග Thursday, 26 January 2023 01:36 PM
මරන්න බැරිකෙන ගලේ ගැහුවත් මරන්න බැහැ කියන්නෙ ඕකට තමයි වාසනාවන්ත දරුවො දෙන්නෙක් මව්වරු දෙන්නෙක් කියන්න පුළුවන්
ඉරේෂ් කුමාර Thursday, 26 January 2023 06:42 PM
දෙවියන්ගේ පිහිටෙන් කාටවත් කරදරයක් නැත්තේ...