
(අංජුල මහික වීරරත්න)
අස්වැසුම පළමු අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජුලි මස දීමනාව හෙට( 24) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණු වෙත බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියයි.
මෙලෙස රුපියල් 11,296,461,250 (එකලොස් බිලියන දෙසිය අනූහය මිලියන හාරසිය හැට එක්දහස් දෙසිය පනහ ) ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,424,548 (දාහතර ලක්ෂ විසිහතර දහස් පන්සිය හතලිස් අටක) ක් අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත බැරකිරීමට නියමිතය.
අදාල ප්‍රතිලාභින්ට හෙට සිට තමාට හිමි ප්‍රතිලාභි මුදල තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකි බවද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ගෙන් උහුලන්න බැරි බද්දක් කපාගෙන නිකං ඉඳන් පිනට ගිලින කම්මැලියන්ට අස්වැසුම දෙනවා.
මිනිස්සුන්ට නිකම්ම සල්ලි දෙන්න හොඳ නැහැ, ඒවාට ඇබ්බැහි වෙලා නිකම්ම ඉන්නවා, වැඩක් කරලා සල්ලි හොයන මිනිස්සුත් අධෛර්යමත් වෙනවා. මිනිස්සුන්ගේ බදු සල්ලි වියදම් කරන්න ඕන යටිතල පහසුකම් හදන්න, ආරක්ෂාව, රෝහල් සහ අධ්‍යාපනයට. එහෙම නැතිව නිකම් බෙදල දෙන්න නෙවෙයි. මාසෙකට බිලියන 11ක් කියන්නේ සුළු මුදලක් නෙවෙයි, ආණ්ඩුව වංචාවක් වුනේ නැහැ කියල කර ඇරපු සීනි බදු වන්චාවත් බිලියන 1.5යි. පහුගියදාක හිරේ ගිය ලොකුම බදු වංචාකාරයා හොරකම් කලෙත් බිලියන 3යි
කාලකණ්ණි ඕකුන්ට හෙන ගහන්න ඕන අපේ ගෙදර ළමයි 5ක් අස් වැසුම කපල අපිට වාහන නෑ රජයෙ රස්සා නෑ යාන වාහන තියෙන මිනිස්සුන්ටත් අස්වැසුම තියෙනව. අපේ ගමේ සුබ සාධක මණ්ඩලේ ඇස් පේන්නැති උන් ඉන්නෙ