IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


අස්වැසුම සල්ලි හෙට ගිණුම් වලට

(අංජුල මහික වීරරත්න)

අස්වැසුම පළමු අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජුලි මස දීමනාව හෙට( 24) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණු වෙත බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියයි.

මෙලෙස රුපියල් 11,296,461,250 (එකලොස් බිලියන දෙසිය අනූහය මිලියන හාරසිය හැට එක්දහස් දෙසිය පනහ ) ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,424,548 (දාහතර ලක්ෂ විසිහතර දහස් පන්සිය හතලිස් අටක) ක් අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත බැරකිරීමට නියමිතය. 

අදාල ප්‍රතිලාභින්ට හෙට සිට තමාට හිමි ප්‍රතිලාභි මුදල තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකි බවද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියයි.



අදහස් (3)

අස්වැසුම සල්ලි හෙට ගිණුම් වලට

රොමියෙල් Wednesday, 23 July 2025 11:08 AM

මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ගෙන් උහුලන්න බැරි බද්දක් කපාගෙන නිකං ඉඳන් පිනට ගිලින කම්මැලියන්ට අස්වැසුම දෙනවා.

:       0       14

ගුණරත්න Wednesday, 23 July 2025 11:22 AM

මිනිස්සුන්ට නිකම්ම සල්ලි දෙන්න හොඳ නැහැ, ඒවාට ඇබ්බැහි වෙලා නිකම්ම ඉන්නවා, වැඩක් කරලා සල්ලි හොයන මිනිස්සුත් අධෛර්යමත් වෙනවා. මිනිස්සුන්ගේ බදු සල්ලි වියදම් කරන්න ඕන යටිතල පහසුකම් හදන්න, ආරක්ෂාව, රෝහල් සහ අධ්‍යාපනයට. එහෙම නැතිව නිකම් බෙදල දෙන්න නෙවෙයි. මාසෙකට බිලියන 11ක් කියන්නේ සුළු මුදලක් නෙවෙයි, ආණ්ඩුව වංචාවක් වුනේ නැහැ කියල කර ඇරපු සීනි බදු වන්චාවත් බිලියන 1.5යි. පහුගියදාක හිරේ ගිය ලොකුම බදු වංචාකාරයා හොරකම් කලෙත් බිලියන 3යි

:       1       8

Pamindu Friday, 25 July 2025 06:33 AM

කාලකණ්ණි ඕකුන්ට හෙන ගහන්න ඕන අපේ ගෙදර ළමයි 5ක් අස් වැසුම කපල අපිට වාහන නෑ රජයෙ රස්සා නෑ යාන වාහන තියෙන මිනිස්සුන්ටත් අස්වැසුම තියෙනව. අපේ ගමේ සුබ සාධක මණ්ඩලේ ඇස් පේන්නැති උන් ඉන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site