IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අවුරුදු නැකැත් සීට්ටුව

නව සඳ බැලීම

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 18 වැනි ඉරිදා ද අභිනව සූර්ය වර්ෂය සඳහා අපේ‍්‍රල් මස 20 වැනි සිකුරාදා දින ද සඳ බැලීම මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්නානය

අපේ‍්‍රල් මස 12 වැනි බ‍්‍රහස්පතින්දා දින බෝ පත් යුෂ මිශ‍්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලූත් අවුරුදු උදාව

අපේ‍්‍රල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 08.13 ට සිංහල අලූත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අපේ‍්‍රල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 01:49 සිට එම දා අපරභාග 02:37 දක්වා පුණ්‍ය කාලය බැවින් අපේ‍්‍රල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 01.49 ට පළමුව ආහාරපාන ගෙන සියලූ වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් අපේ‍්‍රල් 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 08.13 සිට අපරභාග 02.37 දක්වා පහත දැක්වෙන අයුරු වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත‍්‍ර විධි ඉටු කිරීම ද මැනවි.

ආහාර පිසීම

අපේ‍්‍රල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 10.40 ට නිල් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා හකුරු මිශ‍්‍ර බතක් ද තල මිශ‍්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය අපේ‍්‍රල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 11.53 ට නිල් වර්ණ වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලූ වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිස තෙල් ගෑම

අපේ‍්‍රල් මස 16 වැනි සඳුදා පූර්ව භාග 10.16 ට උතුරු දිශාව බලා හිසට දිවුල්පත් ද පයට ඉඹුල් පත් ද තබා සුදු පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී තෙල් සහ දිවුල්පත් මිශ‍්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි.

රැකී රක්‍ෂා සඳහා පිටත්ව යෑම

අපේ‍්‍රල් මස 19 වැනි බ‍්‍රහස්පතින්දා දින කහ හෝ රන් වන් පැහැති වර්ණ වස්ත‍්‍රාභරණයෙන් සැරසී හකුරු මිශ‍්‍ර කිරිබත් හා කැවිලි වර්ගයක් අනුභව කර පූර්වභාග 06.03 ට නැගෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි.

සැ.යු. ඉහත සියලූ නැකැත් වේලාවන් පිළියෙල කර ඇත්තේ ශ්‍රී ලංකා සම්මත ඔරලෝසු වේලාවට අනුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සිංහල අලූත් අවුරුදු නැකැත් කමිටුව විසිනි.



අදහස් (7)

අවුරුදු නැකැත් සීට්ටුව

dusara Friday, 13 April 2018 02:26 PM

මිත්‍යා දේවල්. අපි දන්නා තරමින් අවරුදු 60, 70 ට වැඩිය මේවා කරනවා. මොනවද රටට වෙලා තියෙන සෙතේ. අනික් රටවල මේවා නැ. එත් ඒ රටවල් දියුණු වෙලා.

:       744       453

Dilan Friday, 13 April 2018 05:39 PM

කැමති අය චාරිත්‍ර කරන්න. අකමැති අය ගැරහීමෙන් වලකින්න.

:       119       514

නුවන් Friday, 13 April 2018 10:44 PM

මුලු රටම එක වෙලාවට එකම දෙයක් කරන එක ඉතා වැදගත් දෙයක්. පක්ශ පාට භේද නැතුව මේ කරන දේ නිසා හොදක් මිස නරකක් වෙන්නේ නෑ. මේ දේ ක්‍රීඩාවටත් අදාලයි. දිනල සල්ලි ගන්න එක විතරක් නෙවෙයි සහභාගි වෙලා සංවිධානය වෙලා යමක් එකට කරන එක දියුණුවේ ලක්ෂණයක්.

:       37       11

Ranjith Silva Saturday, 14 April 2018 04:19 AM

මිනිස්කම අගයන සමාජයන් ඒවායේ සංස්කෘතික වටිනාකම් රකිනවා. සුහදබව එකමුතුකම සහ විවිධත්වය අගය කරන මිනිසුන් චාරිත්‍ර කරමින් සන්තෝසයෙන් ඉන්නවා. සමහරු මුදලට ගත් සතුට ලබනවා. චාරිත්‍ර තුලින් මුදල් නොමැතිව සතුටින් කාලය ගෙවනවා. කලක් යනකොට මේවා නැතිවෙලා අලුත් අංග එකතු වේවි. දැන් සතුටින් ඉන්න.

:       1       11

nishantha Saturday, 14 April 2018 04:37 AM

12 වෙනිදා නෑවට පස්සේ ආයිත් නාන්නේ 16 වෙනි බ්‍රහස්පතින්දා... දවස් හතරක් .ලංකාවට මෙහෙම නොවී තියේවිද ?

:       3       6

CHAMINI WIJEWARDENA Wednesday, 13 April 2022 09:50 AM

14 වෙනි සෙනසුරාදා කියලනෙ මේ නැකැත්වල තියෙන්නෙ..

:       5       2

shamali Wednesday, 27 March 2024 10:32 AM

මේක තමයි හරිම නැකැත් සීට්ටුව.THANKS

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 585 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site