(අංජුල මහික වීරරත්න)
රට ගොඩනැගීම සඳහා සියලු දෙනාම එක්ව කටයුතු කළොත් අලුත් අවුරුද්ද සුබ වනු ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අරඹමින් පැවසීය.
ජනාධිපතිවරයා එහිදී මෙසේද කීය.
අපේ රාජ්‍යයේ ප්‍රධාන අරමුණු තුනක් කේන්ද්‍ර කරගෙන වැඩ කරනවා.දුප්පත් බවින් අප රටේ පුරවැසියන් මුදා ගැනීම මෙන්ම ආර්ථික ප්‍රතිලාභ ගමට ගලාගෙන යන ක්‍රමයක් අප ගොඩ නගනවා.ලබන අයවැය දුප්පත් කම තුරන් කරන වැඩසටහනක් මෙහෙයවන ආරම්භයක් බව කිව යුතුයි.
දෙවනුව අප මේ රටේ ඩිජිටල්කරණයට ලක් කරනවා.පුරවැසියා සහ රාජ්‍ය අතර බැඳීම එයින් ශක්තිමත් කරන්නට හැකියාව ලැබෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා යනු පරිසර පද්ධතියේ පිරිසිදු කිරීම පමණක් නොවේ.ගරා වැටුණු සමාජ දේහය මාතෘ භූමිය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමයි.
අපේ පිහිටීම ඉතා වැදගත්.අපේ රටේ පරිසර තත්වය ඉතා ඉහළයි.නමුත් සිදුවී ඇත්තේ කුමක්ද?අලි මිනිස් ගැටුමෙන් ජනතාව මැරෙනවා.අලි මැරෙනවා.ඒ නිසා අප යළි පරිසර පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කළ යුතුව තිබෙනවා.
අපේ පුරවැසියන්ට වටිනාකම් මෙන්ම නව හර පද්ධතියක් අවශ්‍යයි.පළමු කොටම තමන්ට තමන්ගේ ජීවිතය පිළිබඳ වටිනාකමක් අවශ්‍යයි.
මේ සමාජය යළි සුවපත් කළ යුතුයි.නීතිය ගැන නොව පළමුවෙන්ම පුරවැසියන් ගැන අප විශ්වාසය තබනවා.පුරවැසියන් එය නොකරන්නේ නම් නීතිය ක්‍රියාත්මක කරනවා.
අපේ රටේ පුරවැසියන්ට වස විසින් තොර ආහාර වේලක් ලබාදීමේ වගකීම රාජ්‍යයට තිබෙනවා. අප එය ඉටු කරනවා. පොදු දේපළ ආරක්ෂා කිරීම සඳහා ජාතිය පෙළ ගැස්විය යුතුව තිබෙනවා.ජාතික වත්කම් රැකීමට සියලු දෙනාට හැඟීමක් තිබිය යුතුයි.හැම පුරවැසියාම තමන්ට පැවරී තිබෙන වගකීමට වගකිව යුතුයි.කිසිවෙක් තමන්ගේ වගකීමේ බර නොසලකා හරින්නේ නම් මේ සමාජ දේහය කඩා වැටෙනවා.
වගකීමට වග වෙන්න උත්සාහ කරන්නැයි අප රාජ්‍ය සේවයෙන් ඉල්ලා සිටිනවා.මේ වන විට බොහෝ රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් ස්වෙච්ඡාවෙන් වැඩ කරනවා.මගේ උපදේශකයන් තිදෙනාම රජයෙන් රුපියලකවත් වැටුපක් නොගෙන වැඩ කරනවා.
අපට නැගිටින්න අවස්ථාව ලැබී තිබෙනවා.එය අවසන් අවස්ථාව යැයි මා කියන්නේ නැහැ.මේ අවස්ථාව අත්හරිනවාද නැතිනම් දැඩිව ග්‍රහණය කොට ගෙන අපේ රට ජාතිය නගා සිටුවීම සඳහා තම කාර්යභාරය ඉටු කරන්න සූදානම් දැයි මා අසනවා.
මේ එක් දේශපාලන උත්සාහයක් නොවේ. සාමූහික උත්සාහයක්. කවදාවත් ජනතාව එකට නැගිටින්න සූදානම් නැත්නම් මේ අභියෝගයෙන් ගොඩ එන්න හැකියාවක් නැහැ.අපි එකම ශ්‍රී ලංකාවේ ඉපදුණු මිනිසුන් ලෙස මේ රට ගොඩනඟමු.
මේ වැඩසටහන සාර්ථක කර ගත හැකි වන්නේ පොදු ජනතාවගේ සක්‍රීය දායකත්වයෙන් පමණයි. ක්ලීන් ශ්‍රී ලංකා යනු අවසන් වන ව්‍යාපෘතියක් නොවේ නැවත නැවත අලුත් වන වැඩසටහනක්.සමාජය දිනෙන් දින නගා සිටුවන වැඩසටහනක් යැයිද ජනාධිපතිවරයා කීය.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස
අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත් අඩගුවට ගත්
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට (මැයි 5) සහ අනිද්දා ( 6 ) යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට ත
පළාත් පාලන ආයතන මට්ටමින් සහ ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාලයක එම කාර්යාල හැදින්වීම සඳහා සවි කරන වර්ග අඩි 60 නොඉක්ම වූ
සුරාබදු ත්‍යාග අරමුදලේ රුපියල් කෝටියකට වැඩි මුදලකින් මිලදීගෙන ඇති සුඛෝපභෝගී මෝටර් රථයක් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු වෙනත් රැකියා ස්ථානයකට මා
ගල්කිස්ස හුළුදාගොඩ පාළු ඉඩමකදි තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අවුරුද්ද සුබ වෙන්න ඔක්කොම එකට වැඩ කරමු
Jamal Wednesday, 01 January 2025 11:35 AM
හරියට හරි. වැඩකරමු. පච කීම නවත්තමු...
Lucky M USA Thursday, 02 January 2025 01:33 AM
දියුණුව කියන්නේ සහ දියුණු තියෙන්නේ මිනිස්සු මත මිස අර 226 අතර නොවේ