
(සුජිත් හේවාජුලිගේ)
අල්ලස දූෂණයට හවුල් නොවන්නේ නම් රාජ්‍ය නිලධාරින් වැඩ කිරීමට බිය විය යුතු නැතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අර්ධ රාජ්‍ය විධායක නිලධාරීන්ගේ දෙවෙනි වාර්ෂික මහ සභා රැස්වීම අමතමිනි.
මෙම රැස්වීම කොළඹ පදනම් ආයතනයේ දී ඊයේ (4) පැවැත්විණ.
වැරදි කරන මිනිසුන් දඬුවම් දී සෑදිය හැකි යැයි ලෝකයේ කිසිම රටක් විශ්වාස නොකරන බවත් සියල්ල නිවැරදි වීමට නම් ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇතිවිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
අල්ලස අද එච්චරටම රටේ සාමාන්‍යකරණයවී ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
අමාත්‍ය මණ්ඩල තීරණයට ඕනම දෙයක් කළ හැකි යැයි රාජ්‍ය සේවකයන් සිතාගෙන සිටිනවා නම් එය වැරදි බවත් අමාත්‍ය මණ්ඩල තීරණය අරගෙන තියෙන්නේ දූෂිත මානසිකත්වයෙන් නම් ඒවා නිත්‍යානුකූල නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
බෙහෙත් හා පොහොර වලට අදාල නඩු සියල්ලට ද කැබිනට් පත්‍රිකා තිබෙන බව හෙතෙම සඳහන් කළේය.
සද්භාවයෙන් කටයුතු කරන රාජ්‍ය සේවකයන්ට කිසිවිටෙක ගැටලු ඇති නොවන බවත් දේශපාලනඥයන් කියන කියන දේවල් නොකරන රාජ්‍ය සේවයක් ඇති කරගත යුතු බවත් රංග දිසානායක මහතා පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකාර්යක්ෂමතාවය ඉහළ ඉන්න අයටත් තේරිලා වගේ...
බලය තියාගෙන ගෝරනාඩු කරන්න හරිම ලේසියි. ආකල්ප වෙනස් කරන්න ඔය කියන තරම් ලේසි නෑ. ඕවා ජනප්‍රිය කතා විතරයි. මිනිසුන්ට බඩගින්න දැනුනම නීතිය අදාළ නෑ. සාමාන්‍ය මිනිසුන්ගේ ආදායම් මාර්ග වැඩිකරන්න නැතිව අල්ලස දුෂණය නැතිකරන්න බෑ. ඔය විපක්ෂයට දාන සෙල්ලම් රේගුවේ කන්ටේනර් වලට අදාළ නිලධාරීන්ටත් ක්‍රියාත්මක කරන්න. එතකොට ආකල්ප නිකන්ම හැදෙයි.
හොඳ අවවාදයක්. රේගුවේ සහ බන්ධනාගාර කට්ටිය වගේ මෝඩ වැඩ කරන්න එපා. හැබැයි ඒ අයත් නියම වෙලාවට ඇත්ත එලි කරයි. අන්න එතකොට තමයි නියම "මෑන් පවර් ඩිසාස්ටර්" එක වෙන්නේ.
ලංකාවේනම් "අල්ලස, වංචාව, හොරකම, දුෂණය, මත්ද්‍රව්‍ය, පාතාලය, රාජ්‍ය-පොදු දේපළ අවභාවිතය" වැනි දේවල් නතරකිරීමට දැඩි නීති-රීති පද්ධතියක් සහ ඒවා සැමට නිසිලෙස ක්‍රියාත්මක වීම ඉතාමත්ම අත්‍යාවශ්‍යයි. එතකොට ඉබේම ආකල්පමය වෙනසකුත් ඇතිවේවි. නැත්නම් මේ රට ගොඩදානවා බොරු. මොකද, රටට, ජනතාවට, දරුවන්ගේ අනාගතයට, මෙච්චර කෙළවෙලත් තේරෙන්නේ නැති ජන කොට්ටාශයක් තාමත් රටේ ඉන්නවා, හොරුන්ට ගුණ ගායනා කරමින්.
ඔබ වැනි අධ්‍යක්ෂකවරුන් රජයේ සේවයට මහත් ආඩම්බරයක්...
රජයේ දෙපාර්තමේන්තුවල පෙර පරිදිම තවමත් විශාල අල්ලස් පොකුරු තිබෙනවා... මේවාට බොහෝවිට දේශපාලන සම්බන්ධයක් නැහැ... අල්ලස සම්පුර්ණයෙන්ම රටෙන් අතුගා දමන්න නම් රටේ දැනට තිබෙන අධිකරණ සහ විනිසුරුවරු ප්‍රමාණය 3 ගුණයකින්වත් වැඩි කරන්න ඕනේ... විමර්ශන නිලධාරීන් ප්‍රමාණය 10 ගුණයකින්වත් වැඩි කරන්න ඕනේ... නමුත් කණගාටුවට කාරණය මේ කරුණ සඳහා පසුගිය අයවැයෙන් ආණ්ඩුව ප්‍රමාණවත් මුදලක් වෙන් නොකිරීමය.
මෙයා සේරටම වඩා බයවෙලා... ඉතිරි අවුරුදු 04 ඉක්මණට ගෙවිලා යන බව මෙයා දන්නවා... සියඹලා ටොෆි කමුකෝ එදාට...
අධිකරණ පද්ධතිය පිරිසිදු ආයතනයක් විය යුතු බවත්, නීතිඥයින්ට විනිසුරුවරුන් සමඟ සෘජු ප්‍රවේශයක් නොමැති බවත් ජනතාව සිතති. අපට මේ පිළිබඳව දැඩි හැඟීමක් ඇත. නමුත් අපි එය විවේචනය නොකරන්නේ ශ්‍රී ලංකාව තුන්වන ලෝකයේ රටක් බැවින් කෙසේවෙතත් අපි ලෝකයට වෙනත් ආකාරයකින් පැවසීමට උත්සාහ කරමු. විධායකය, අධිකරණය සහ සමස්ත පාර්ලිමේන්තුව දූෂිත, අකාර්යක්ෂම සහ එහි කොටසකි. සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම හසුරුවනු ලබන්නේ ස්වල්ප දෙනෙකුගේ අභිමතාර්ථයන් සහ ආශාවන් මගිනි... මෙයට විනිසුරුවන් ද ඇතුළත් වේ. බොහෝ විට, එය දවසේ දේශපාලනඥයින් සමූහයකි.
ඉස්සෙල්ලාම අල්ලන්න ඕනේ..., ගොට්ට ගහලා, අල්ලස් සහ දූෂණ කොමිසමේ තනතුරු ගත්තු කටින් බතල කොළ හිටවන එවුන්...! ඊට පස්සේ බලන්න බැරියැයි, කොහොමද ගාල්ලේ පදිංචිවෙලා ඉන්දැද්දී, පුතාව කොළඹ උසස් පාසලකට දාගත්තේ කියලා...!
වසන්ත සමරසිංහ ඇමැතිවරයාට නැගෙන ලූණු ආනයන වංචා චෝදනාව කරුණාකර විභාග කරන්න.
සමහර ආයතනවල ලොක්කන්ට කලර් පෙන්නන්න ඕනෑ වුණාම ඉතා වේගයෙන් වැඩ කරන්න කියනවා, අන්තිමේදී කෙලෝගෙනයි නතර කරන්නේ...
මෙයත් වෛරය වපුරන කෙනෙක්. උසාවියේ ඉන්න බැරි තැනට පත්වෙලා තමයි ආණ්ඩුවට කඩේ ගිහින් තනතුරු ගත්තේ. පුද්ගලික ජීවිතෙත් තනිකර අවුල්ලු...
ඉස්සෙල්ලා ඔබලා ස්වාධීන වෙන්න එපැයි. කෝ වරායේ කන්ටේනර් 323 හොරෙන් පන්නපු සිද්ධිය ගැන, ලුනු කිලෝ එක රුපියල් 40ට ගෙනත් 240 ට විකුණන එක ගැන ඔයාලා මීක් නෑනේ...
අවංක හෘද සාක්ෂියට එකඟව සේවය කරන පිරිමින් සහ කාන්තාවන් බිය විය යුතු නැත. දූෂිත, නොගැලපෙන, වංක අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ දේශපාලනඥයන්ට සහාය දක්වන සහ ඔවුන්ට සහාය දක්වන රජයේ සේවකයින්ට නිසැකවම බිය වීමට හේතුවක් තිබේ. වැටුප් මත අමාත්‍යාංශ ලේකම්වරුන් මෙතරම් පැහැදිලි කළ නොහැකි ධනයක් රැස් කරන්නේ කෙසේද!
තමන් කළ පාවු කවදාහෝ තමන් පසුපස එන බව පව් කළ සියලු දෙනාම හොඳින් මතක තබාගෙන ඒ සඳහා සූදානමින් සිටින්න.