
(රෝෂන් තුෂාර)
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පැමිණිලි විභාග වන බවට අඟවා එම විමර්ශනයන් සම්බන්ධයෙන් නීති ක්‍රියාමාර්ග නොගෙන පැමිණිලි ගොනු වසා දැමීමට අකුරේගොඩ ගුවන් හමුදා කදවුරේ නිලධාරියෙකුගෙන් හා මතුගම ප්‍රසිද්ධ ජාතික පාසලක විදුහල්පතිනියකගෙන් අල්ලස් ඉල්ලා සිටියේ යැයිි කියන දොඩම්ගොඩ ප්‍රදේශයේ ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු ලබන 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද(25) නියෝග කළාය.
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විනෝද් තරංග නමැති රංගන ශිල්පියකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි .
අල්ලස් කොමිසමේ නිලධාරීන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ අල්ලස් කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බලතල භාවිතා කිරිමින් සිදුකරන කටයුත්තක් කරවාදීම සඳහා මෙසේ අල්ලස් මුදල් ඉල්ලා බැංකු ගිණුමක් වෙත බැර කරන ලෙස දන්වා ඇති බවය.
පැමිණිලිකරුවන් දෙදෙනාට රුපියල් 30 000.00 බැගින් බැංකු ගිණුම් වෙත බැර කිරීමට දැනුම් දී ඇති බවත් පැමිණිලිකරුවන් ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව සැකකරුව කටුකුරුද්ද මංසන්ධියේදී අත්අඩංගුවට ගත් බවත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
242
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස් ඉල්ලූ රංගන ශිල්පියා රිමාන්ඩ්