(සුරංග රාජනායක)

ගම්පොළ නිල්අඹ ඔයෙහි ඊයේ (5) සවස  දිය නෑමට ගිය 5 දෙනකු දියේ ගසාගෙන ගොස් ඉන් දෙදෙනකු බේරාගත් බවත් එක් අයකු මිය ගොස් තවත් දෙදෙනකු අතුරුදන් වී ඇති බවත් පොලීසිය කියයි.

අතුරුදන්වී ඇත්තේ 19 හැවිරිදි මවක සහ ඇගේ දෙහැවිරිදි දියණිය බවද පොලීසිය කියයි.

ඊයේ (5) සවස නිල්අඹ ඔයෙහි මෙම පිරිස දියනාමින් සිටියදී එකවරම ආ ජල පහරට මෙම පිරිස ගසාගෙන ගොස් තිබේ.

මෙම පිරිස මහනුවර  මහයියාව ප්‍රදේශයේ පදිංචි පිරිසක් බව පොලීසිය සඳහන් කරයි .