
විජය පුවත්පත් සමාගමේ දිනපතා ඉංග්‍රීසි පුවත්පත වන ඩේලි මිරර් සහ සිංහල පුවත්පත වන ලංකාදීප යන පුවත්පත් දෙකෙහි වෙබ් අඩවිවල ඇති නිල ලාංඡන ඇතැම් පාර්ශ්ව අවභාවිත කරනු ලබන බව අප ආයතනයට දැනගන්නට ලැබී ඇත.
මහජනතාව රැවටීමේ අදහසින් ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පිටු මෙලෙස අප ආයතනයේ ඉහත පුවත්පත් දෙකෙහි නිල ලාංඡන අවභාවිත කරන බව ද තොරතුර අප ආයතනය සතුව තිබේ.
මෙලෙස අපගේ නිල ලාංඡන අවභාවිත කරන වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පිටු අප ආයතනයේ මාධ්‍යවේදීන්ගේ ලිපි පළ නොකරන අතර ඩේලි මිරර්,ලංකාදීප සහ විජය පුවත්පත සමාගමට කිසිඳු ආකාරයකින් සම්බන්ධ නොවූ විවිධ තෙවන පාර්ශවීය වෙබ් අඩවි වෙත පරිශීලකයන් යළි යොමු කරයි.
මෙම වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පිටුවල පළකරන අන්තර්ගතයන් සඳහා කිසිදු ආකාරයකින් ඩේලි මිරර්,ලංකාදීප සහ විජය පුවත්පත සමාගම කිසිඳු ආකාරයක වගකීමක් දරන්නේ නැත.
අපගේ සමාගමේ නිල ලාංඡන අනවශ්‍ය ලෙස භාවිතා කිරීම පිළිබඳව අපි අදාළ බලධාරීන් දැනටමත් දැනුවත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝගු කියලා තියෙනකොට මම හිතුවේ ආගම් පලහිලව්වක් කියලා. මං බයවුණු තරමක්!