
(අංජුල මහික වීරරත්න)
ලංකාවේ අධ්‍යාපනයෙන් ඉදිරියට එන්නේ මමත්වයකින් පුරවපු මනුෂ්‍යයෙක් බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නව පත්වීම් ලබා දීමේ අවස්ථාවට සහභාගී වෙමින් ලාල් කාන්ත මහතා මේ බව කීය.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී මෙම පත්වීම් ප්රදානය සිදු කෙරිණි.
" අපේ රටේ අය රස්සාවක් හොයන්නේ පුද්ගලික ජීවිතය ගැන හිතලා. අපේ පාසල් අධ්‍යාපනයේදී සමාජයීය ජීවිතය ගැන අවධානය යොමු කරනවා අඩුයි. ඒ නිසා අවසානයේ අපේ අධ්‍යාපනයෙන් ඉදිරියට එන්නේ පුද්ගලිකත්වය පිළිබඳ මමත්වයකින් පුරවපු මනුෂ්‍යයෙක්. ඊට පස්සේ මුකුත් අදාළ නැහැ. පාරේ යනකොට විනය අදාළත් නැහැ. කහ ඉරෙන් පනින්න විනයක් නැහැ. වාහනේ එලවද්දී විනයක් නැහැ. කිසියම් කටයුත්තකදී පොදු යහපත පැත්තෙන් සමාජය පැත්තෙන් හිතන ප්‍රමාණය භාවිතය අඩුයි යනුවෙන්ද ලාල්කාන්ත මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේද පාසල් අධ්‍යාපනයක් තියෙන්නේ? ටියුෂන් අධ්‍යාපනය විතරයි නේ දැන් තියෙන්නේ...
රජය ප්රතිසංස්කරණයක් ගැන කතාකරන නිසා, ප්‍රවෘත්තියේ ශීර්ෂයේ හැටියට එකවර හිතෙන්නේ පවතින රජය කිරීමට යන අධ්‍යාපන ක්‍රමය ගැන ප්‍රකාශයක් වගේ. ඒ නිසා වඩා හොඳයි දැනට පවතින අධ්‍යාපන ක්‍රමයෙන්... කියලා යෙදුවා නම්...
මේ මමත්වය සම්පූර්ණයෙන් නැති කරන්න අමාරුයි. අධ්‍යාපන ක්‍රමය තුළින් වුණත්... බොහෝ දකුණු ආසියාතික රටවල්වල ස්වභාවය මේ ආකාරයි. දේශපාලන, ආර්ථික අපහසුතා නිසා, මෙය නිවැරදි කිරීමට විශාල කාලයක් යා හැකියි. මේ මමත්වයේ විශේෂ ලක්ෂණ තමයි, තමන් හෙණ ලොකුයි කියලා හිතෙන එක. දැන් වුවත්, අපේ රටේ සමහර පොහොසත් යයි කියා ගන්න පුද්ගලයින් තමන්ගේ ගෙයක්, වාහනයක් පෙන්නා සමාජ ජාලා තුළ රැගීම පවා අලුතෙන් හැදෙන පරම්පරාවට වැරැදි ආදර්ශයක් වේ...
ඒ කතාව ඇත්ත. විශේෂයෙන්ම විශ්ව විද්‍යාල උපාධිධාරීන් බහුතරය තමන්ට මිස වෙන කාටවත්ම රැකියාවලට සුදුසුකම නෑ කියලා වැඩ කරන ඒත් තමන්ට කිසිම දෙයක් හරියට කරගන්න බැරිකම නොදන්නා දැඩි ආත්මාර්ථකාමී කට්ටියක්...
ලංකාවේ මිනිසුන්ගෙන් පුදුම කුහක කමක් සහ පුදුම EGO එකක් ඒක අපේ උගත් කියලා කියාගන්නා උදවියගේ වැඩි ලොකු තනතුරුවල ඉන්න අය එයාලාට මැඩම්, සර් කිව්වේ නැත්තං පොඩි අයට පුදුම වදයක් දෙන්නේ ඔය පිටරටවලට යන තානාපතිවරයන් සහ වරියන් කාර්යාලවලට පරක්කු වෙලා එන්නේ ඒ එනකොට කාර් එක දොර අරින්න එක්කෙනයි, ඔෆිස් එක දොර ඇරගෙන ඉන්න එක්කෙනා කන කොට කෑම එක මයික්‍රෝවේව් දාලා වතුර එක තියල කෑම එක ලෑස්ති කරලා දෙන්න වුණත් නිලධාරියෙක්.... අනේ මන්දා පුදුම මමත්වයෙන් තමයි සහතික ඇත්ත...
ඇමැතිතුමනි, ඔබ පවසන්නේ තිත්ත ඇත්තක්...
ඔවුන්ගෙන් වැඩිහරියක් ජෙප්පෝ, නිකම් කයිය ගහ ගහා කාලය කන්නේ නැතිව වැඩක් කරන්න!
කුඩාකාලයේ පියාගෙන් අහලා තිබුණු දහම්ගැට මාලාවේ දහම් ගැටයක් බන්දුල ගුණවර්ධන පිරිසක් ඉදිරියේ කියවා තේරුම්කර දුන්නම නැවතත් මතකයේ තියෙද්දී ආත්මාර්ථකාමිත්වයෙන් පිරුණු මේ මිනිහා ආයෙත් මතක්කලා එහිදි කියනවා ඉස්සන් මරාපිය = ඊර්ෂ්‍යාව නැති කරන්න) රා කළයක්ම බීපිය (රාගය නැතිකරන්න) මෝව අඹවාපිය (මෝහය නැත්නම් මුලාව පලවා හරින්න) මෙතුන කරලා මාව කාපිය (ඉහත කටයුතු කර මමත්වය විනාශ කරන්න) බලන්න සමාජයේ ඔක්කෝමලා ආත්මාර්ථකාමියෝ වුණොත් මොකද වෙන්නේ කියලා නුවණැත්තෝ සිතත්වා...