(බී.ජී.චතුරංග)
යුද හමුදා සෙබළකුගේ බිරිඳක සමග හෙර රහසේ කතාබස් කරමින් සිටි අනුරාධපුර කොට්ඨාසයේ පොලිසිය ස්ථානාධිපතිවරයකු යුද හමුදා සෙබළාට මාට්ටු වී යතුරු පැදිය දමා පැණ ගොස් ඇතැයි පොලිසිය කියයි.
පොලිස් ස්ථානාධිපතිගේ සහයට පැමිණි පොලිස් කොස්තාපල්වරයකු යුද හමුදා සෙබළාගේ පහර කෑමට ලක්වා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.
කාන්තාව එම පොලිස් ස්ථානාධිපති සමඟ අනියම් සබඳතාවක් පවත්වන බවට සෙබළ සැමියාට එය අනාවරණය වීමෙන් පසු, දැඩි ලෙස අවවාද කර ඇත.
රාජකාරි කටයුත්තක් සඳහා කොළඹට ගොස් එන අතරවාරයේ දී රාත්‍රී 7.30ට පමණ සිය බිරිඳට ඇමතුමක් ලබා ගත් අවස්ථාවේදී යෙහෙළියකගේ අසනීපයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි බව බිරිඳ පැවසීමෙන් අනතුරුව, සෙබළා නොදන්වාම වෛද්‍ය මධ්‍යස්ථානය අසලට පැමිණ ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඒ අවස්ථාවේ බිරිඳ සහ යෙහෙලිය යතුරු පැදියක පැමිණි දෙදෙනකු සමග කතා කරන අයුරු දැක එක්වරම මෙම පුද්ගලයා යතුරු පැදියේ සිටි දෙදෙනාට පහර දීමට පටන්ගෙන ඇතැයි පොලිසිය කියයි.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඒ අවස්ථාවේ ඔහුට අයත්, යතුරු පැදිය දමා දිවි බේරා ගැනීමට දිව ගොස් ඇතැයි ද පොලිසිය පවසයි. එම යතුරු පැදිය පොලිස් බාරයට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 04
560
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අනියම් පෙමේ පැටලුණු පොලිස් ලොක්කාට ගුටි පූජාවක්
wasa Thursday, 02 February 2023 06:03 PM
පොලිස් ලොක්කාගේ නම දාන්න බයද
නිරංජලා කුමාරි ජයපත්ම Thursday, 02 February 2023 06:58 PM
පොලිසියේ උන් හැමදෙනා ම යන යන තැන ගෑනු ඉන්නවා . පොලිසියට රාජකාරි කටයුතු සඳහා යන ගොඩක් අයට මේ වගේ සම්බන්ධ කම් ඇති වෙනවා .එයාට තිබුනේ අතක් පයක් කඩලා මාස ගානක් එක්තැන් වෙන්න දෙයක් කරන්න. ඒ ගෑනුත් එකක් ම යන්න දෙන්න