(ඉන්දිකා රාමනායක)
මෝටර් රථයේ ජනෙල් කවුළුව මත ඉඳගෙන අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස ගමන් ගත් පුද්ගලයන්ට අද (12) අධිවේගී මාර්ග කොට්ඨාසයේ පොලිස් ඒකකයට පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහ මහතා පවසයි.
මෙම සිද්ධියේදී අදාළ මෝටර් රථය පැදවූ රියැදුරුට මෙන්ම එහි අන්තරාකාරී ලෙස ගමන් ගත් සියලු දෙනාට ද නඩු පවරන බව හෙතෙම කීය .
මෙම මෝටර් රථ රථයේ මුල් හිමිකරු මහනුවර පේරාදෙණිය පාරේ පදිංචිකරුවකු බවත් 2015 වසරේ ඔහු එම මෝටර් රථය මහනුවර අකුරණ ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවි කර ඇති බවද බවද හෙතෙම කීය.
රථයේ මුල් හිමිකරු පුද්ගලයා පොලිසියට කැඳවා ඇති අතර ඔහු සමග අදාළ මෝටර් රථයේ ගමන් ගත් පිරිස ද කැඳවාගෙන එන ලෙසට ඔහුට දැනුම් දුන් බවද පොලිස් මාධ්‍ය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවේ වුන්නම් ගොඩ නැත්තම් ලෙඩ
නුවර අපිටත් ලැජ්ජයි මේවා දැක්කම. ඇත්තටම නම් මේ අය හිරේ දාලා විශාල දඩයක් ගහන්න ඕනේ. රියදුරු ගේ බලපත්‍රය අවලංගු කර වාහන පැදවීම තහනම් කරන්න ඕනේ.එත් පොලිස් ප්‍රකාශකයා කියන්නේ වෙන කතාවක්. මේක අපරාධ නීතිය අනුව නෙමෙයි මෝටර් රථ පැදවීමේ නීති අනුවයි වලංගු වෙන්නේ. අධිවේගී මාර්ගයක හරි නම් ජනෙල් ඇරගෙන යන්න බෑ. සීට් ගානට විතරයි මගීන් ගෙනියන්න ඕනේ. ඊළඟට ඔවුන් සියල්ලන්ම සීට් බෙල්ට් පැළඳගෙන ඉන්න ඕනේ. (බොහෝ අනතුරු වලදී මිනිස්සු මැරෙන්නේ සීට් බෙල්ට් පැළඳ නැති නිසා හෝ වැරදියට පැළඳගෙන ඉන්න නිසා) එතකොට යායුතු උපරිම සහ අවම වේගයක් තියෙනවා. පාරේ සුදු ඉරි කපා ගෙන එහෙට මෙහෙට ගිය හැකි අප්‍රිකාවේ කැලෑ පාරවල් වල නම්. එත් තවම ලංකාවේ වෙන්නෙත් ඒවා වීම කණගාටුවට කාරණයක්.අපිට මේ ගෝත්‍රික සමාජයෙන් එළියට එන්න තව සෑහෙන කාලයක් යයි.එතෙක්වත් ඔවුන්ට දඬුවම් දිය යුතුයි.
පොලිසිය හරියට නීතිය ක්‍රියාත්මක නොකිරිම තමයි මේවාට හේතුව... රියදුරන්ගේ තරාතිරම නොබලා අවශ්‍ය නිතිමය කටයුතු වෙනවා නම් මෙහෙම වෙන්නේ නෑ
අකුරණ කට්ටියක්...... වහාම අත් අඩන්ගුවට ගෙන ලොකු දඩයක් ගහලා හිරේ දමන්න.
නනාලා සෙට් එකක් වගේ පේන්නේ.
මෙය වැරදියි. ජන්ද කාලකට මග දෙපස සිටින මිනිසුන්ට ආචාර කරමින් යන දේශපාලුවන් වගේම ඔවුන්ට කත් අදින මෝඩ ආධාරකරුවන් ද මේ ලෙස ගමන් ගන්නා බව මා දැක ඇත. නමුත් ඊට නීතිය ක්‍රියාත්මක වූ බවක් නම් දැක නැත.
කවදාවත් අධිවේගී මාර්ගයක් දැකලා නැති පිරිසක් කියලා කියන්න පුළුවන්
නහය විදලත් නෑ, ලාඩම් ගහලත් නෑ.. කොහොමද ගේන්නේ..?
මාස 03ක් පමණ නගර, ගම්, නියම් ගම්, පාරවල් සුද්ද කරන්න මේ හාදයෝ ටික යොදවන්න. දඩගහලා, හිරේ දමලා වැඩක් නැහැ. තරුණ ශ්‍රමයෙන් රටට වැඩදායී ප්‍රයෝජනයක් ගත යුතුය.