(යොහාන් භාසුර)
දීර්ඝ නිවාඩුවක් යෙදුණු පසුගිය 24 වැනිදායින් ආරම්භ වූ පසුගිය සතිය තුළ පමණක් අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහනවලින් රුපියල් කෝටි 40කට අධික ආදායමක් ලැබී ඇති බවත් පසුගිය මස 26 වැනිදා සිට 30 වැනිදා දක්වා දින පහක නිවාඩු කාලය තුළ පමණක් අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් කෝටි 35කට අධික වාර්තාගත ආදායමක් ලැබුණු බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියකු පැවසීය.
අගෝස්තු මස 24 වැනිදා සිට 30 වැනිදා දක්වා වූ දින 7 තුළ අධිවේගී මාර්ග පද්ධතියට අයත් දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු මාර්ගවල වාහන 1,095,895 ධාවනය වී ඇති බව එම නිලධාරියා කීය.
දින පහක නිවාඩුව ආරම්භ වූ පසුගිය 26 වැනිදා අධිවේගී මාර්ග පද්ධතිය තුළ වාහන වූ වාහන 165,847 කින් රුපියල් 63,322,215 ක එම සතියේ වැඩිම ආදායම ලැබූ බවත් පසුගිය 25 වැනිදා දිනයේ අධිවේගී මාර්ග පද්ධතිය තුළින් වාහන 169,215 ක් ධාවනය වී ඇති අතර එය සංඛ්‍යාව එම සතියේ දිනකදී අධිවේගී මාර්ග පද්ධතිය තුළින් ධාවනය කළ වැඩිම වාහන සංඛ්‍යාව බවත් එම නිලධාරියා සඳහන් කළේය.
එම සතියේ ආරම්භක දිනය වන 24 වැනිදා සිට 30 වැනිදා දක්වා දින 7 තුළදී පිළිවෙළින් වාහන 154,509, 169,215, 165,847, 140,254, 164,047, 160,095 සහ 141,928 අධිවේගී මාර්ග පද්ධතියෙන් ධාවනය කර ඇතිඞබවත් එම දින හතේදී පිළිවෙළින් රුපියල් 54,091,645, 60,507,330, 63,322,215, 53,361,965, 61,722,600, 61,393,320 සහ 54,193,815 බැගින් ආදායම් ලැබී ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd