
(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු)
බිත්තර සදහා අද (01) සිට සියයට 18ක වැට් බද්දක් අයකරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
බිත්තර සදහා වැට් බද්දක් ක්‍රියාත්මක කළ ද බිත්තර මිලේ කිසිදු වැඩිවීමක් සිදු නොවන බව එම සංගමයේ ලේකම් එච්.එම්.බි.ආර්.අලහකෝන් මහතා පැවසීය.
බිත්තර අලෙවියෙන් ලබන ආදායම වැට් බද්දට යටත් වන බවත් බිත්තර සදහා වැට් බද්දක් ක්‍රියාත්මක කරනු ලබන්නේ ඉතිහාසයේ පළමුවරට බවත් ඔහු සඳහන් කළහ.
බිත්තර සදහා වැට් බද්දක් ක්‍රියාත්මක කිරීම අසාධාරණ බවත් මේ නිසා බිත්තර කර්මාන්තය කඩා වැටීමක් සිදුවන බවත් සංගමයේ ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ පාක්ෂිකයන්ට සන්තෝස වෙන්න පුළුවන්, ඉතිහාසේ පළමු වතාවට බිත්තර සඳහා වැට් බද්දක් පනවල තියෙනවා. පුනරුදේ තමයි!
රනිල්ගේ නන්දලාල් තියරිය තාම යනව ඔහොමයන් ජන්දය ලගයි
ඕකෙන් කිකිළිට කීයක් යනවද කියල හොයන්න තොරතුරු දැනගැනීමේ පනතින් ඉල්ලීමක් දාන්න ඕන අදම.!.
අර රුපියල් දහයේ කොමිස් මුදල අයින් කරාම බිත්තර මිල රුපියල් හතරයි පනහකින් අඩු වෙනවා.
කිකිළිගේ පස්ස පැත්තටත් බද්දක්!!!!!
මාලිමා සේදුම් බලකායට දැන් සිංහල අවුරුද්දට කේක් කන්න පුලුවන්
මිනිස්සුන්ගේ මූලික අවශ්‍ය බඩු වලට ලොකු බද්ද ගහන්න හොඳ නැහැ. ඒත් වාහන, අරක්කු, සිගරට්, AC... වගේ අත්‍යවශ්‍ය නොවන දේවල්ට ලොකු බද්ද ගහනවා. නැත්තම් ආණ්ඩුවට සල්ලි කොහෙන්ද?
18% අපෙන් අරං ආණ්ඩුවට සොච්චමක් රණ්ඩු කරලා දීලා ඉතිරි මහ පංගුව වෙළෙන්දෝ මාටියා ගහනවා! මේ වැටි කතා ආණ්ඩුව නම තැත් කරගෙන කූට වෙළෙඳුන්ට හොරා කෑමට අවස්ථා හදලා දීමක් විතරයි! අන්තිමට ආණ්ඩුවට ඡන්දයත් නෑ බෙදූ සල්ලිත් නෑ!
Badrani, Chathuri, kawshi, හෝ ගාලා බිත්තර දානවා .මාලිමා කිකිලියෝ නේ
බලය ගන්නකොට නම් කිව්වේ මිනිස්සුන්ගෙ මන්දපෝෂණය දුරු කරන්න ඕනෙ ඒවා මේවා... දැන් දරුවන්ට බිත්තරයක්වත් කන්න දෙන්න බැරි වෙයි වගේ!
තමන්ට බදු වදිනකොට කෑ ගහනවා.. මම නම් කියන්නේ පාර දෙපස කඩවලින් පවා බදු අයකළ යුතු බවයි යම් ප්‍රතිශතයකින්, ගොඩනැගිලි හදලා සේවකයින්ට වැටුප් ගෙවන ව්‍යාපාර බදු ගෙවනවා නම් එයම පාරේ කරන අයට මොකද බදු නැත්තේ? බදු වලින් කාර් රේස්, නාකි දේශපාලුවෝ එක්ක ඇම්බියුලන්ස් ගෙනියන්න වැඩ නොකරන බව අපට විශ්වාසයි.
පසුගිය කාලේ තෙල් නැතුව පෝලිම් වල ඉදල, හොදට තිබුන අපේ ව්‍යපාර වට්ටල දාපු හැටි මතකයි අපිට. දැන් යාන්තම් ඔලුව උස්සගෙන එනකොට මේක විනාශ කරන්න සමහරක්ට ඕන. උන්ට හොරාකන්න නැති නිසා. මිනිස්සුන්ගෙ සාපෙන් ගැලවෙන්න බෑ කවදාවත් හොරුන්ට කඩේ යන අයට
කන්න අදින්න තමයි මිනිස්සු මේ මැරි මැරී මහන්සි වෙන්නේ .අපි හැමෝම එකතු උනොත් මේ හැත්තගේ පවුලේ එකෙක්වත් නැතුව එලවලා දාන්න පුළුවන්... උන්ට සැප ගැනීමට, අපේ මිනිස්සු මේ වර්ගය බෝ කරලා, පව් පුරවාගෙන මැරෙන්න ඕනේ
1977ට කලින් අපේ බෞද්ධයන් කියා ගන්නා අය කුකුල් මස් සහ බිත්තර මේ අද කියන ප්‍රමාණයට කෑවේ නැත. නමුත් රට වටේ මුහඳ නිසා මාලු මරා ගෙන කෑවාය. අදත් මාලු කති, කුකුල් මස් සහ බිත්තර කති. මගේ වයස අවුරුදු 75. වෛද්‍ය උපදෙස් මත බිත්තර කෑමට සිදුවී ඇත. (පාණාතිපාතා වේරමණී සික්ඛා... ගෞතම බුදුරජාණන් වහන්සේගේ නියමයක් නොවේ. එය එවක නිගන්ථ ප්‍රධානියෙකුගේ නියමයක්. බුදුරජාණන් වහන්සේ ද එයද භාවිතා කර තවත් සිල් පද 3ක් ගිහියන්ට සහ ශ්‍රමණයන්ට අතිරේක සිල් පද කිහිපයක් පණවා ඇත.)