(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් තවත් දස දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ තව සුළු මොහොතකින් දිවුරුම්දීමට නියමිතව ඇත.
ආචාර්ය බන්දුල ගුණවර්ධන, රොෂාන් රණසිංහ, ජානක වක්කුඹුර ,විදුර වික්රමනායක ,ශෙහාන් සේමසිංහ ,මහින්ද අමරවීර ජීවන් තොන්ඩමන්, ඩග්ලස් දේවානන්ද,ඇතුළු පිරිසක් මෙසේ ඇමතිවරුන් ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත.
COMMENTS
පරණ කසිප්පු අලුත් හැලිගෙඩිවල. අනේ මෙහෙම රටක්...!
කරන්න දෙයක් නෑ. මැතිවරණයක් තියනතුරු කොහොම කරකවලා ගත්තත් මේ අයම තමයි..
තවත් රට බංකොළොත් වෙන්නයි යන්නේ...!
සංගීත පුටු තරගය වගේ... පාර්ලිමේන්තුවත් මොන්ටිසෝරියක් වගේ... හොරුන්ගේ පාරාදීසයක් වෙලා...
පරණ විදිහමයි නේද? අර ක්රමයම වගේ..
පරණ, තක්කඩි හොරු රැළමනේ ආපහු එන්නේ...
එක් ඇමැතිවරයෙක් අපි වවලයි අපි කන්නේ කීවා... අන්තිමට රට කෑවා. බස්වල ප්රබුද්ධ ගීත දානවා කිව්වා දැම්මද? පරිසරය විනාශ වුණා මොනවද කළේ? දඹදෙණි රාජධානියේ වඩුවා කෙටූ ගලේ විනාශයක් සිදුවුණා... මොනවාද කළේ? දැන් ආයෙමත් ඇමැතිකමක් ගන්න පිනුමක් ගහනවා. මේ අයද රට හදන්නේ. මහජනයාව අන්දන්න ඇන්දවිල්ල. පාර්ලිමේන්තුවේදී එකක් කියනවා. එළියෙ වෙන එකක් කියනවා. ගමේදී ගොවියන් ගැන කතා කරනවා. කරුණාකර මේවා ගැන මහජනයා තේරුම් ගන්න..
රාජපක්ෂලා තමයි තවමත් ගේම ගහන්නේ. මේ පත්වෙන කුරවලු වෙච්චි අයට කරන්න පුළුවන් අල ගෙඩියක් නෑ. රටම විනාශයි...!
මහින්ද අමරවීර ආපු ගමන් කිව්වේ අර්ධ සුඛෝපභෝගී බස් නවත්තනවා කියලා නැවැත්තුවද? හොඳ කුට්ටියක් ලබෙන්න ඇති අමතක වෙන්න..!