IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


2024 දී ජනපති තනතුරෙන් අයින් වෙනවා - පුටින්

මොස්කව්හිදීය (රොයිටර්)
රුසියානු ව්‍යවස්ථාවට ගෞරව කරමින් 2024 දී තම තනතුරෙන් ඉවත් වන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


රුසියානු ව්‍යවස්ථාවට අනුව එක් අයකුට අඛණ්ඩව ධුර කාල තුනක් ජනාධිපතිධුරය දැරිය නොහැකි වන අතර වත්මන් ධුරකාලය අවසන් වූ පසු තනතුරෙන් ඉවත් වන බව රුසියානු ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ වත්මන් ධුර කාලය 2024 දී අවසන් වේ. 


රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පැවැති ආර්ථික සමුළුවක් අමතමින් රුසියා ජනාධිපතිවරයා මෙම කරුණු කීය. කෙසේ නමුත් බලය අත්හරින බවක් හෙතෙම අදහස් කළේ නැත.


ජනාධිපති පුටින් මේ ආකාරයෙන් 2008 වසරේදී ජනාධිපතිධුරයෙන් ඉවත් විය. පිට පිට තෙවරක් ජනාධිපතිධුරයට දැරීමට ඇති බාධාව නිසා හෙතෙම එලෙස 2008 වසරේදී ජනාධිපතිධුරයෙන් ඉවත් වුවද අතරමැද කාලයේදී රුසියාවේ අගමැතිවරයා ලෙස කටයුතු කළේය. 


පසුගිය මාර්තු මාසයේ පැවැති ජනාධිපතිවරණයෙන් පුටින් පහසු ජයක් ලැබු අතර වසර හයක ධුර කාලයක් සඳහා ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය. ඒත් සමඟම ඔහු සෝවියට් නායක ජෝසප් ස්ටාලින්ට පසු රුසියාවේ දීර්ඝ කාලයක් බලයේ සිටි නායකයා බවට පත්විය. 


ව්ලැදිමීර් පුටින් පළමු වරට රුසියාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූයේ 2000 වසරේදීය. එතැන් පටන් 2008 දක්වා බලය හෙබවීය. පුටින්ට පසු ඔහුගේ සමීපතමයකු වන දිමිත්‍රි මෙද්වදෙව් ජනාධිපතිධුරයට පත්වූ අතර 2012 වසරේදී නැවතත් ජනාධිපතිවරණයට තරග කළ පුටින් එහිදි ජය ලබමින් රුසියාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.


එම කාලයේදී හෙතෙම වසර 4ක් වූ ජනාධිපති ධුර කාලය වසර හයක් දක්වා දීර්ඝ කිරීමට ද කටයුතු කළේය.                                       

රුසියානු ව්‍යවස්ථාවට අනුව පිට පිට තෙවරක් ජනාධිපතිධුරය දැරිය නොහැකි වුවත් එක් අයකුට ජනාධිපතිධුරය දැරිය හැකි නිශ්චිත අවස්ථාවක් ගණනක් දක්වා නොමැත.

- 055



අදහස් (4)

2024 දී ජනපති තනතුරෙන් අයින් වෙනවා - පුටින්

Sanath Saturday, 26 May 2018 08:25 PM

අපේ එක්කනත් ඔහොම කතාවක් කිව්වා 2015 ජනාධිපතිවරණයේදී. බලමුකෝ කව්ද හරි කියල.

:       3       7

Nishantha Sunday, 27 May 2018 12:17 AM

අපේ අවාසනාවට මේ වගේ නායකයෙක් අපේ රටේ නැහැනෙ.

:       0       17

faizer Monday, 04 June 2018 09:23 AM

ලංකාවේ එහෙම වෙන්නේ නැහැ...

:       0       5

vidya Wednesday, 06 June 2018 02:38 AM

මෙයා කියන කිසිම දෙයක් විශ්වාස කරන්න බැහැ.

:       46       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1549 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site