(ඉන්දිකා රාමනායක)
2017 වසරේ මේ දක්වා සිදුකළ හෙරොයින් වැටලීම් වලින් රුපියල් කෝටි 13 ට ආසන්න වටිනා හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
මෙසේ අත්අඩංගුවට ගත් හෙරොයින් ප‍්‍රමාණය කිලෝ 14 ට අධික බවද පැවසේ.
මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මර්දන දිසාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ වැටලීම් වලින් මෙම හොරොයින් ප‍්‍රමාණය අත්අඩංගුවට ගෙන ඇත.
අගෝස්තු සිට පිහිටුවා ඇති මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මර්දන දිසාව විසින් සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම් 160 කින් රුපියල් කෝටි අටකට අධික හෙරොයින් ප‍්‍රමාණයක් සමඟ සැකකරුවන් 167 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ වැටලීම් 285 ක් තුළ රුපියල් කෝටි 5 ට අධික වටිනා මත්කුඩු තොගයක් සමඟ සැකකරුවන් 303 දෙනක් අත්අඩංගුවට ගෙන ඇත.
පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම එකිනෙක බැදුණු කි‍්‍රයාකාරකම් බවත් මේවා එකම පිරිසක් විසින් මෙහෙය වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙවැනි වැටලීම් දිගින් දිගටම සිදුකරන බවත් එම වැටලීම් කිසිවකුටත් නැවැත්වීමට නොහැකි බවද අමාත්‍යවරයා කීය.
මෙරටින් මත්ද්‍රව්‍ය හා පාතාල තුරන් කිරීමේ දින වැඩි ඈතක නොවන බවත් එම කි‍්‍රයාදාමයට ජනාධිපතිවරයාගේ පුර්ණ ආශිර්වාදය හිමිව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
විදෙස් රටවල වලට පැන සැඟව සිටින ප‍්‍රධාන පෙළේ පාතාලයින් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමේ වැඩපිළිවෙලක් මේ වනවිට කි‍්‍රයාත්මක වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිවිශිෂ්ඨටයි ... එ්ත් කොච්චර එල්ලුවත් මේක ඉවරයක් දකින්න නැහැනේ. ඔය අල්ලපු හෙරොයින් වලට මොනවද වෙන්නේ..?
ඔය කෝටි 13 ප්‍රමාණය රටට එන හොරොයින් වලින් සියයට 10ක් විතර වෙන්න ඇති?
2015 ආණ්ඩු පෙරළියට පෙර, කන්ටේනර් පුරවා "අානයනය කර" රේගු පරීක්ෂාවකටවත් ඉඩ නොදී වරායෙන් පිට කරවාගැනීමේ පහසුකම් ලැබූ "කුඩු මුදලාලිලා" තවමත් නිදැල්ලේ වැජඹෙන අපේ "සකල සිරින් පිරි සිරිලංකාව" මත්කුඩු වලින් ස්වයංපෝෂිත කිරීමට වළිකන කුඩ්ඩන්, ජීවිතාන්තය දක්වා කූඩු කරන තුරු මේ මාරක උවදුර අපේ රටින් අතුගා දැමීමට නොහැකිය !
ඇමතිතුමා ඩීල් එකක් දායිද?
අැත්තටම රවි කියනවා වගේ අල්ලන එ්වාට මොකද වෙන්නේ...? එ්වා විනාශ කරනවද, නැත්නම් අල්ලපුවා නැවතත් අල්ලනවද...?
කුඩු කාරයින්ව ඉඹලා බේරාගත්තා. කුඩු කාරයින්ට රටේ ආරක්ෂාව පිළිබඳව අධීක්ෂණ කම් දුන්න පාලකයෝ හිටපු රටක්... මේක නම් අහන්නත් ආසා හොඳ පුවතක්.
ඒ වුණාට මහා පරිමාණ කුඩුකාරයෝ කව්රුවත් ඇල්ලුවේ නැහැනේ...
අර කවුද "චණ්ඩි" මිනිහෙක් කිව්වලු " මම ගෙදර නැති වෙලාවට මගේ අඹුව එක්ක හාදකම් පවත්වපු කෙනාව මම දහ වතාවකට වඩා අල්ල ගත්ත කියලා. හැබැයි චණ්ඩිකම නම් තාම තියෙනවා.
දැන් ඉතින් ඔව්ව විකුනලවත් රටේ ආර්ථිකය ගොඩ ගමු නේද මහත්තයෝ !
එතකොට අර සීනි කන්ටේනර් වලින් ආපුවත් ඔය කිලෝ 14 ට අයත්ද?