රමිත් රඹුක්වැල්ලට වරෙන්තු අපරීක්ෂාකාරීව රිය අනතුරක් සිදු කරමින් යතුරුපැදිකරුවකු හප්පා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලක්ෂාන් බණ්ඩාර රමිත් රඹුක්වැල්ල මහතාට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දන කලංසුරිය මහතා අද (30) වරෙන්තු නිකුත් කළේය. 30 October 2018
ජනහඬ උද්ඝෝෂණය ඇරැඹෙයි වෘත්තිය ජනහඬ උද්ඝෝෂණය මීට සුළු මොහොතකට පෙර ලිබර්ටි වටරවුමේදී ආරම්භ කෙරිණි. 30 October 2018
පැපිලියානේ වෛද්‍යවරියට ඇප පැපිලියාන වික්‍රමරත්න මාවත අසළදී පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වූ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතාව මෝටර් රථයෙන් හප්පා අනතුරට ලක් කර මරණයට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශේෂඥ වෛද්‍ය නිලානි කාවිංගා මහත්මියට ඇප ලබාදීමට ගංගොඩවිල මහෙස්ත්‍රාත්වරයා අද (30) නියම කළේය. 30 October 2018
පාර්ලිමේන්තුව කැඳවන්න’යි කථානායකගෙන් ජනපතිට තවත් ලිපියක් රට අර්බුදයකට යාමට ඉඩ නොතබා ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් පාර්ලිමේන්තුව වහා කැදවන ලෙස කතානායක කරූ ජයසූරිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් මගින් ඉල්ලා තිබේ. 30 October 2018
මංගලගේ තීරණය වෙනස් කරයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා ලෙස මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධිපතිවරයෙක් පත්කිරීමට හිටපු මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කර තිබූ යෝජනාව අද (30) රැස්වූ නව කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබේ. 30 October 2018
කොල්ලුපිටිය - කොටුව පොලිසිවල ඉල්ලීම් අධිකරණයෙන් ඉවතට නව අගමැති පත්කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන උද්ඝෝෂණය වළක්වාලන්නැයි ඉල්ලා කොල්ලුපිටිය පොලීසිය සහ කොටුව පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (30) ප්‍රතික්ෂේප කළාය. 30 October 2018
‘රාජපක්ෂ පාර්ශවයටත් පවතින තත්ත්වය ගැන විශ්වාසයක් නැහැ‘ රාජපක්ෂ පාර්ශවයේ කිසිවකුත් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් නොදීමෙන් ඔවුන්ට මේ ක්‍රියාවලිය ගැන විශ්වාසක් නැති බව තහවුරු වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 30 October 2018
කළහකාරී සිදුවීම් වළක්වන්න පොලිස්පතිගෙන් උපදෙස් කොළඹ කිසිදු කලහකාරී සිද්ධියක් වීමට ඉඩ නොදෙන ලෙස පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පොලිස් ස්ථානවලට දැනුම් දී ඇත. 30 October 2018
ජනපති ආරක්ෂක අංශයට වැඩ බලන අධ්යක්ෂවරයෙක් ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ වැඩ බලන අධ්යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.පී නෝමන් සිල්වා මහතා පත්කිරීමට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා නියෝග කර ඇත. 30 October 2018
උද්ඝෝෂකයින්ට අධිකරණයෙන් කොන්දේසි දෙකක් නව අගමැතිවරයා පත් කිරීමට එරෙහිව විරෝධය පාමින් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කර ඇති උද්ඝෝෂණයට රාජ්‍ය ආයතනවලට ඇතුළු වීම හා පොදු දේපළවලට හානි කිරීම වළක්වමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පියන්ත ලියනගේ මහතා අද(30) නියෝගයක් නිකුත් කළේය. 30 October 2018
ඩොලරය 175 ත් පනී ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා රුපියලට සාපෙක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක අගය අද (30) රුපියල් 175 සීමාව ඉක්මවා ගියේය. 30 October 2018
මිල සූත්‍රය මළ සූත්‍රයක් වෙයි මින් ඉදිරියට මිල සූත්‍රය මළ සුත්‍රයක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය. 30 October 2018
'විපක්ෂ නායක ධුරය වෙනස් කරන්නේ නෑ' දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්පන්දන් මහතා විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කිරීමට අදහස් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 30 October 2018
වහාම පාර්ලිමේන්තුව කැඳවන්නැයි යුරෝපා සංගමයෙන් දෙවැනි නිවේදනයත් එයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වහාම පාර්ලිමේන්තුව කැදවීමට පියවර ගත යුතු බව යුරෝපා සංගමය අද (30) යළිත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 30 October 2018
කතානායක පක්ෂ නියෝජිතයන් කැඳවයි කතානායක කරු ජයසූරිය මහතා අද උදේ 11ට පක්ෂ නියෝජිතයන්ගේ රැස්වීමක් කැඳවා ඇතැයි පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග කියයි. 30 October 2018
එජාප සාමාජිකයෝ අදත් අරලියගහ මැඳුරට රොක්වෙති පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි ඉල්ලමින් අද (30) කොල්ලුපිටියේදී පැවැත්වෙන වෘත්තිය ජන හඬ උද්ඝෝෂණය වෙනුවෙන් කොළඹ නගරය පුරා කොළ පැහැති කොඩි ඔසවා තිබෙන අයුරු දැකිය හැකිය. 30 October 2018
හිටපු ඇමැතිවරුන්ගේ ආරක්ෂාව අඩු කෙරේ හිටපු ඇමැතිවරුන්ගේ ආරක්ෂාව ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු දක්වා අඩු කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ. 30 October 2018
විපක්ෂ නායක අගමැති සමඟ සාකච්ඡාවක විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් මේ මොහොතේ විජේරාම පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත්වේ. 30 October 2018
‘‘ලංකාවේ දේශපාලන කටයුතුවලට චීනය මැදිහත් වෙන්නේ නෑ‘‘ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට චීනය මැදිහත් වන්නේ නැතැයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලූ කන්ග් පවසා ඇත. 29 October 2018
මානව හිමිකම් දේශපාලනයේ ගොදුරක් නොවිය යුතුයි - ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ‘මානව හිමිකම්’ ශ්‍රී ලංකාවේ පවත්නා දේශපාලන අර්බුදයේ ගොදුරක් නොවිය යුතු යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ගෝලීය මෙහෙයුම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධ්යක්ෂ මිනාර් පිම්ප්ලේ මහතා සඳහන් කර ඇත. 29 October 2018
රාධ ක්‍රිෂ්ණන් යළි රනිල් ළඟට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කළද එක්සත් ජාතික පක්ෂය හැර දමා නොයන බව කඳුරට ජනතා පෙරමුණේ නායක වී රාධා ක්‍රිෂ්ණන් මහතා අද (29) පැවසීය. 29 October 2018
කොටස් වෙළෙඳපොළේ වර්ධනයක් කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන දර්ශකය වන ‘සියලු කොටස් මිල දර්ශකය’ අද (29) ඒකක 112.22 කින් එනම් සියයට 1.92කින් ඉහළ ගියේය. 29 October 2018
පාර්ලිමේන්තුව කැඳවා රටේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන්නැයි කලාකරුවෝ ඉල්ලති ව්‍යවස්ථාවට පටහැනි ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර නව අග්‍රාමාත්‍යවරයකු පත් කිරීම සහ පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට විරෝධය පළ කරන බව ප්රජාතන්ත්රවාදය සඳහා වූ කලාකරුවෝ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසූහ. 29 October 2018
‘මැතිවරණ කොමිසම ඕනෑම මැතිවරණයකට සූදානම්‘ මැතිවරණ කොමිසම ඕනෑම මැතිවරණයකට සූදානම් බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය. 29 October 2018
කැබිනට් මණ්ඩලය වැරදි තීරණයක් ගත්තා නම් ජනපතිත් වගකිව යුතුයි පාර්ලිමේන්තුව කැඳවා බහුතරය පෙන්වන්න කියා නිත්‍යනුකූල නොවන ඇගමැතිට අභියෝග කරන බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා අද (29) පැවසීය. 29 October 2018
අර්ජුනගේ ආරක්ෂක නිලධරයා රිමාන්ඩ් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමැති අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා නොවැම්බර් 12 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (29) නියෝග කළේය. 29 October 2018
තෙල් සංස්ථාවේ වෙඩි තැබීමට 15 කගෙන් ප්‍රකාශ ගනී දෙමටගොඩ පිහිටි ඛණිජතෙල් සංස්ථාවේ මුලස්ථාන පරිශ්‍රයේ සිදුවූ වෙඩි තැබීමෙන් සේවකයකු මිය ගොස් තවත් සේවකයන් දෙදෙනකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 15 දෙනෙකුගේ පමණ අද (29) ප්‍රකාශ සටහන් කර ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 29 October 2018
මහින්දානන්දට එරෙහි නඩුව ලබන 07 වැනිදා විභාගයට මුදල් විශූද්ධීකරණ පණත යටතේ මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව පවරන ලද නඩුව ලබන නොවැම්බර් මස 07 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා අද (29) තීරණය කළේය. 29 October 2018
වැරැද්ද වහගන්න විවිධ දේ කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැති ලෙස පත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතුරින් වැඩිදෙනකුගේ විශ්වාසය ඇති කෙනා බවත් එසේ නොමැතිව මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීමේ වරද වසා ගැනීමට විවිධ දේ පවසමින් සිටින බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (29 වැනිදා) සවස පැවසීය. වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේදී විශේෂ ප්‍රකාශ කරමිනි. 29 October 2018
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 15 hours ago