කොරෝනා ආසාදිතයන් ගණන 237 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 237 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. 15 April 2020
සෞඛ්‍ය සේවා කාර්යාලයේ වෑන් රථයෙන් මත්පැන් ප්‍රවාහනය කළ අය රිමාන්ඩ් පොළොන්නරුව මහ රෝහලට අයත් වෑන් රථයකින් මත්පැන් ප්‍රවාහනය කරමින් සිටියදි අත්අඩංගුවට ගත් රියදුරු සහ තවත් පුද්ගලයකු අද (15) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව අපේ‍්‍රල් 29 වෙනිදා දක්වා ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් සුරංග අසේලද සිල්වා මහතා නියෝග කලේය. 15 April 2020
කොරෝනාවට ජර්මනිය පැනවූ සීමා මැයි 3දා සිට ලිහිල් කිරීමට අවධානය කොරෝනා වයිරසය හේතුවෙන් ජර්මනිය පනවා ඇති සීමා ලිහිල් කිරීම පිළිබඳ ප්‍රාන්ත නායකයින් සමඟ සාකච්ඡා කිරීමට ජර්මානු චාන්ස්ලර් ඇන්ජෙලා මර්කෙල් මහත්මිය පියවර ගෙන ඇත. 15 April 2020
ඉන්සියුලින් තොගයක් එයි ශ්‍රී ලංකාවේ සිටින දහස් ගණනක් වූ දියවැඩියා රෝගීන්ට සැනසුම් සුසුම් හෙළීමේ අවස්ථාව උදාකරමින් ඉන්සියුලින් රැගත් නෞකාවක් අද (15 වැනිදා) කොළඹ වරායට පැමිණ තිබේ. මෙම නෞකාව අද දිනයේ කොළඹ වරායට පැමිණි බව සෞඛ්‍ය අමාතංශයේ, සැපයීම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා විසින් තහවුරු කරන ලදි. 15 April 2020
ඇඳිරිය ඉවත් කළ පසු මාලු ගන්න වැඩපිළිවෙළක් හෙට (16) දින ඇදිරි නීතිය ඉවත්කිරිමෙන් පසු ගාල්ල ධිවර වරායට පැමිණෙන පාරිභෝගික ජනතාවට තදබදයකින් තොරව කඩිනමින් මසුන් මිලදි ගැනිම සදහා විශේෂ වැඩපිළිවෙළක් සකස්කර ඇති බව ගාල්ල ධිවර වරායේ කළමණාකරු නෙරන්ජන් දිසානායක මහතා පවසයි. 15 April 2020
ප්‍රාදේශීය සභාවට එරෙහිව ගම්වැසියෝ එළියට බසිති බලපිටිය ප්‍රාදේශීය සභාවෙන් සිය ගම්මානයට බැහැර කරනු ලබන කැළි කසළවලින් තමන්ගේ සෙඛ්‍යයට බලවත් තරජනයක් වී ඇතැයි කියමින් ඇදිරිනීතියද නොතකා බලපිටිය ගිනිගල්ගොඩ ප්‍රදේශවාසීන් අද (15 ) පස්වරුවේදී නිවෙස්වලින් එලියට බැලීමත් සමගම ගම්මානයේ දැඩි උණුසුම් වාතාවරණයක් ඇතිවිය. 15 April 2020
වරකාපොල අනතුරකින් අයෙක් මරුට : 29ක් රෝහලේ වරකාපොල තැපැල් කන්තෝරුව අසල දී සාම්පූර් බලා ගමන්ගත් නාවික හමුදාවට අයත් බස් රථ 2 ක් සහ ලොරි රථයක් අද (15) මුහුණට මුහුණ ගැටීමෙන් ලොරි රට රථ රියදුරු මියගොස් නාවික සෙබළුන් තිදෙනෙක් ඇතුළු 29 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වරකාපොල පොලිසිය කියයි. 15 April 2020
ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවයි ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (15) පස්වරු 6 වනවිට විසි ලක්ෂය ඉක්මවා ගොස් තිබිණි. 15 April 2020
පැය 24 ක් තුළ ඇමෙරිකාවේ කොරෝනා මරණ 2,228 ක් වසංගතය හේතුවෙන් පැය 24ක් ඇතුළත 2,228 දෙනකු මරණයට පත්වීමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 28,446ක් දක්වා ඉහළ ගොස් ඇත. 15 April 2020
තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 235 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. 15 April 2020
මත්පැන් බෝතල් තොගයක් ප්‍රවාහනය කළ 2 ක් පොලිස් දැලේ මාතර මාකදුර ප්‍රදේශයේ කිරිපිටි ඒජන්සියක් වටලා එහි ගබඩා කර තිබූ මත්පැන් බෝතල් 169 ක් , මිලිලීටර් 180 මත්පැන් බෝතල් 232 ක් සහ බීර කෑන් 43 ක් අද (15) අත්අඩංගුවට ගත්බව මාලිම්බඩ පොලිසිය කියයි. 15 April 2020
තලවකැලේ ලිඳුල වතුකම්කරුවෝ පිරිසක් විරෝධතාවයක දිනකට කැඩිය යුතු තේ දළු ප්‍රමාණය පහත දමන ලෙස ඉල්ලමින් තලවකැලේ ලිඳුල අපක්‍රැන්ලි වත්තේ වතු කම්කරුවන් පිරිසක් අද (15) විරෝධතාවයක නිරතවූහ. 15 April 2020
රුපියල් ලක්ෂයක හෙරොයින් සමඟ අයෙක් දැලේ බිරිඳගේ යතුරු පැදිය උකස් කර හෙරොයින් මත්කුඩු මිලදී ගෙන අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු රුපියල් ලක්ෂයක හෙරොයින් මත්කුඩු සමඟ මාතර හම්බන්තොට දිසා වැටලිම් ඒකකයේ නිලධාරීන් විසින් අද (15) අත්අඩංගුවට ගෙන තිබේ. 15 April 2020
බේරුවල හුදෙකලා ගම්මානවල පුද්ගලයන් 11 293ක් ස්වයං නිරෝධායනට කොරෝනා ආසාදිතයන් හඳුනාගත් බේරුවල රතු අවදානම් කලාපය තුළ හුදෙකලා කර ඇති ගම්මාන හතක් මේ වන විට නම්කර තිබේ. 15 April 2020
ඩොලරයේ ගණන් බහී ඉකුත් සතියේදී 200 සීමාව ඉක්මවා ගිය ශ්‍රී ලංකා රුපියෙල් අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉහළ ගොස් ඇත. 15 April 2020
යුද හමුදා සෙබළාට මන්නයෙන් පහරදුන් අය පොලීසියට බාර වෙයි බද්දෙගම ගුරුසිංහගොඩදී යුද හමුදා නිලධාරියෙකුට මන්නා පිහි පහරක් එල්ල කළ පුද්ගලයා අද (15 ) තමා එල්ල කල මන්නයත් සමගම භාරවූ බව බද්දෙගම පොලීසිය කියයි. 15 April 2020
ව්‍යවස්ථා අර්බුදයේත් ආර්ථික අර්බුදයේත් දෙකොණ විලක්කුව කොරෝනා-19 මර්දන සටනට උරදී සිටින ජනපති ගෝඨාභය මහතා බහුතරයක් ශ්‍රී ලංකා ජනතාවගේ පමණක් නොව කොළඹ සිටින රාජ්‍ය තාන්ත්‍රික ප්රජාවගේද ප්‍රසාදය දිනාගෙන සිටී. එවන් තත්ත්වයක් තිබියදී මැතිවරණ කොමිසම අනතුරු අඟවා තිබෙන ව්‍යවස්ථා අර්බුදය සම්බන්ධයෙන් කරදරයට පත්ව ඇති සෙයක් ජනාධිපතිවරයාගෙන් දැකගත නොහැක. 15 April 2020
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතීඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විමර්ශනයන්ට අදාළව නිතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි එහි උසස් පොලිස් නිලධාරියකු පැවසීය. 15 April 2020
නොර්වුඩ් - කොටගල මත්පැන් අලෙවිසැල් කැඩීම සම්බන්ධ විමර්ශනයක් ඉල්ලයි ඇදිරි නිතිය පනවා තිබියදි හැටන් මහෙස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශයට අයත් නොර්වුඩ් සහ කොටගල යන නගර වල මත්පැන් අලෙවි සැල් දෙකක් කඩා එහි තුල තිබු මත්පැන් බෝතල් සොරාගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා එ පිලිබද ලබන මස 04 දිනට අධිකරණයට කරුණු වාර්ත කරන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජෙ.ස්ට්‍රොස්කි මහතා (15) දින හැටන් පොලිස් අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කළේය. 15 April 2020
තත්පර 10න් ස්වයංක්‍රීයව විෂබීජහරණය වන කුටියක් කරාපිටිය රෝහලට බද්දෙගම වාරිමාර්ග යාන්ත්‍රිය ප්‍රාදේශිය ඉංජිනේරු අංශය නිර්මානය කල ස්වයංක්‍රීයව තත්පර දහයෙන් විෂබිජහරණය කිරීමේ කුටිය අද (15 ) කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්ථාපිත කලේය . 15 April 2020
ට්‍රම්ප්ගේ තීරණයට ලොව සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් චෝදනා ලෝක සෞඛ්‍ය සංවිධානයට කරන මූල්‍ය ප්‍රදාන තාවකාලිකව කපා හැරීමට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය ‘‘මනුෂ්‍යත්වයට එරෙහිව කරන ලද අපරාධයක්’’ සහ බොහෝ ජීවිතවලට වන්දි ගෙවීමට සිදුවන ‘‘ඉතා නරක සහ අප්‍රසන්න’’ තීරණයක් යැයි ලොව ප්රමුඛ පෙළේ සෞඛ්‍ය විශේෂඥයෝ චෝදනා කරති. 15 April 2020
නිව්යෝක් ශ්‍රීලනිප ශාඛා සභාපති ඉල්ලා අස්වෙයි පුරා වසර 45 ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අැමෙරිකාවේ නිව්යෝක් ශාඛාවේ සභාපති තනතුර දැරු තමා එම තනතුරින් ඉල්ලා අස්වන බව අධිකරණ ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතාට දුරකතනයෙන් දැන්වූ විට එම අස්වීම පිළිගත් නමුත්බ ඉල්ලා අස්වීමට හේතුව නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් නොවිමසිම පිළිබද කනගාටුවට පත්වන බවද නන්ද රණසිංහ මහතා පැවසිය. 15 April 2020
තණකොළ කපන මැෂිමකින් දෙදෙනකු කැපු පුද්ගලයෙකු අත්අඩංගුවට තණකොළ කැපීම සදහා යොදාගන්නා මැෂිමක් පණ ගන්වා දෙදෙනකු කපා බරපතල තුවාල සිදු කල සැකකරුවෙකු අද (15) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි. 15 April 2020
පුතා පියාගේ ගෙල කපා ඝාතනය කරයි ගල්නෑව කරුවලගස්වැව සේනපුර ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණයකු තම පියාගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි. 15 April 2020
අල් කාසිම් සිටි පළමු ආසාදිතයාගේ පුතාටත් කොරෝනා පුත්තලම අල් කාසිම් සිටි කොරෝනා ආසාදිතයාගේ පුතා ද ආසාදිතයකු බවට තහවුරු විමත් සමග මොහු ඇසුරු කල පිරිස් සොයා විශේෂ මෙහෙයුමක් අද (15) ආරම්භ කල බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන් .සුරේෂ් මහතා පවසයි . 15 April 2020
කොරෝනා තිබියදීත් බටහිර බෙංගාල ප්‍රාන්ත නිවාසවලට මත්පැන් කොරොනා වයිරස් වසංගතය හේතුවෙන් දිගින් දිගටම රට අගුලු දමා තිබියදී මහ ඇමතිනි මම්තා බැනර්ජිගේ නායකත්වයෙන් යුත් ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්ත රජය විසින් ප්‍රාන්තය පුරා නිවෙස්වලට මත්පැන් බෙදා හැරීමට අවසර දෙන බව ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී. 15 April 2020
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මගී ගුවන් ගමන් තවදුරටත් අත්හිටුවයි කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මේ මස 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත. 15 April 2020
කොවිඩ් - 19 අරමුදලට මහ බැංකුවෙන් මිලියන 13 ක් ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්ය මණ්ඩලය විසින් කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා රුපියල් මිලියන 13.1ක් පරිත්‍යාග කර තිබේ. 15 April 2020
තාරාපුරම් ගම්මානය යළි සාමාන්‍ය තත්වයට අප්‍රේල් 08 වැනිදා රාත්‍රියේ සිට හුදකලා කරන ලද මන්නාරම තාරාපුරම් ගම්මානය අද (15) උදෑසන සිට යලි සාමාන්‍ය තත්වයට පත්කිරීමට පියවර ගෙන ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි. 15 April 2020
ඝාතනයකට සැකකරුවන් සිව්දෙනකු ඇතුළු සැකකාරියක රිමාන්ඞ් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ තරුණයකුට බරපතළ ලෙස පහරදී තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කල සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් සිව්දෙනෙකු සහ සැකකාරියක මේ මස 23 වනදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා අද (15) නියෝග කළේය. 15 April 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026