IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කොරෝනා තිබියදීත් බටහිර බෙංගාල ප්‍රාන්ත නිවාසවලට මත්පැන්

කොරොනා වයිරස් වසංගතය හේතුවෙන් දිගින් දිගටම රට අගුලු දමා තිබියදී මහ ඇමතිනි මම්තා බැනර්ජිගේ නායකත්වයෙන් යුත් ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්ත රජය විසින් ප්‍රාන්තය පුරා නිවෙස්වලට මත්පැන් බෙදා හැරීමට අවසර දෙන බව ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.

එම ප්‍රාන්තයේ සුරාබදු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පවසන්නේ ප්‍රාන්තයේ මත්පැන් විකිණීම තහනම් කර නොමැති බැවින් නිවෙස් වෙත මත්පැන් බෙදා හැරීම සඳහා ප්‍රතිපාදන ඇති බවයි.

කෙසේ වෙතත්, අගුලු දැමීමේ ( අවස්ථාවකදී, ප්‍රාදේශීය පොලිස් ස්ථානය විසින් භාණ්ඩ බෙදාහැරීමේ යෙදී සිටින පුද්ගලයින්ට අවසර පත්‍ර නිකුත් කරනු ලැබේ. කේරළ, බටහිර බෙංගාලය වැනි ප්‍රාන්තවල අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවට මත්පැන් ඇතුළත් කර ඇති බව මෙහිදී වැඩිදුරටත් අනාවරණය කර සිටී.

කෙසේ වෙතත් තවත් ඉන්දියානු මාධ්‍ය කිහිපයක් සඳහන් කර සිටින්නේ එයාකාර තීන්දුවක් ගැනීමට බටහිර බෙංගාල ප්‍රාන්ත රජය තීන්දුවක් ගෙන නොමැති බවයි.

මෙලෙස අවසර දුන් බවට සඳහන් චක්‍රලේඛයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වී ඇත. කෙසේ නමුත් මෙය ව්‍යාජ ලියැවිල්ලක් බවට ද ප්‍රාන්ත රජයේ උසස් නිලධාරියෙකු පැවසූ බව එන්ඩිටිවි පුවත් සේවය සඳහන් කරයි.

කේරළ මහඇමති පිනරෙයි විජයන් මීට පෙර පවසා තිබුණේ රාජ්‍යය විසින් මෙහෙයවනු ලබන මත්පැන් අලෙවිසැල් කොරොනා වයිරස් රටපුරා අගුලු දමා තිබියදීත් විවෘතව පවතින බවයි.

රජයේ මත්පැන් අලෙවිසැල් හැරුණු විට ප්‍රාන්තයේ වැඩිවන කොරෝනා වයිරස් රෝගීන් හේතුවෙන් ප්‍රාන්තය පුරා ඇති අනෙකුත් සියලුම බාර් සහ පෞද්ගලික මත්පැන් අලෙවිසැල් වසා දමන බව කේරළ මහඇමතිවරයා පැවසීය.

එසේම, පන්ජාබ් මහ ඇමතිවරයාගේ නියෝගයකින් කොරෝනා වසංගතය හේතුවෙන් ඇති වූ හදිසි අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් සිල්ලර බඩු සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ ලෙස පාන වර්ග සැපයීම ප්‍රකාශයට පත් කරන ලදී.

කොරෝනා වෛරස් වසංගතය ව්‍යාප්ත වීම වැළැක්වීමේ පියවරක් ලෙස ඉන්දියාවේ බිලියන 1.3 ක සමස්ත ජනගහනයේ ගමන් කිරීම සීමා කරමින් මාර්තු 24 වන දින අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ ඉන්දියානු රජය දින 21 ක් පුරාවට රට අගුලු දැමීමට නියෝග කළඅතර එය ලබන මැයි 03 දක්වා දීර්ඝ කර තිබේ.


(125)
 



අදහස් (4)

කොරෝනා තිබියදීත් බටහිර බෙංගාල ප්‍රාන්ත නිවාසවලට මත්පැන්

sam Wednesday, 15 April 2020 07:40 AM

මත්පැන් කියන්නේ ඕනෑම රටක රජයට ඉතාම ඉහළ බදු ආදායමක් ලබාදෙන දෙයක්. සෞඛ්‍යමය පැත්තෙන් ඒවා ගැන විවිධ මත තිබුනත් මිනිසුන් නීත්‍යානුකුලව භාවිතා කරන මත්පැන් වලට තහංචි දමලා හොර මත්පැන් වලට මිනිසුන් පොළඹවන්නේ ලංකාවේ රජය පමණයි. මේ කොරෝනා වෛරසයේ මුලිකම අවධියේ ඕස්ට්‍රේලියානු රජය යම් යම් සේවාවන් කිහිපයක් පමණක් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නම් කළා. බියර් සෑදීමේ කර්මාන්තයත් ඒ අතරට ඇතුල් කරන්න තරමට ඔළුවක් ඕස්ට්‍රේලියානු අගමැතිට නම් තිබුනා.

:       4       104

rana Wednesday, 15 April 2020 07:55 AM

ෂා නියමයි නේද? යන්න තිබුනනම් හොඳ අඩියක් ගහලා අපේ කස්ටියටත් මොකුත් ගෙන්න තිබුනා නේ ?

:       1       1

de silva Wednesday, 15 April 2020 08:36 AM

එම ප්‍රාන්ත රජයේ මන්ත්‍රීවරු අතර කසිප්පු මුදලාලිලා නැතුව ඇති. එහෙම වුනානම් අනිවාර්යයෙන් බාර් වහන්න කියලා උද්ඝෝෂණ කරනවා.

:       0       18

de silva Wednesday, 15 April 2020 12:23 PM

ලංකාවේ කොහෝ හරි බාර් එකක් විවෘත කලොත් එකට විරුද්ධව හාමුදුරුවරු කිහිප නමක් පෙරටු කරගෙන විශාල උද්ගෝෂණයක් සිදුවෙනවා... හොඳට හොයල බැලුවොත් පස්සෙන් ඉඳන් උද්ගෝෂණයට ස්පොන්සර් කරන්නේ ප්‍රදේශයේ කසිප්පු මුදලාලි කෙනකු හෝ කිහිප දෙනෙකු බව පෙනෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31580 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13944 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11082 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1095 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site