IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ට්‍රම්ප්ගේ තීරණයට ලොව සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් චෝදනා

ලෝක සෞඛ්‍ය සංවිධානයට කරන මූල්‍ය ප්‍රදාන තාවකාලිකව කපා හැරීමට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය ‘‘මනුෂ්‍යත්වයට එරෙහිව කරන ලද අපරාධයක්’’ සහ බොහෝ ජීවිතවලට වන්දි ගෙවීමට සිදුවන ‘‘ඉතා නරක සහ අප්‍රසන්න’’ තීරණයක් යැයි ලොව ප්‍රමුඛ පෙළේ සෞඛ්‍ය විශේෂඥයෝ චෝදනා කරති.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරණය ‘‘මනුෂ්‍යත්වයට එරෙහිව කරන ලද අපරාධයක්’’ සහ බොහෝ ජීවිතවලට වන්දි ගෙවීමට සිදුවන ‘‘ඉතා නරක සහ අප්‍රසන්න’’ තීරණයක් යැයි පෙන්වාදෙන ඔවුහු වසංගතයට එරෙහිව සටන් වැදීමට ස්වෛරී රටවලට අවශ්‍ය තොරතුරු, තාක්ෂණික දැනුම හා සහාය ලැබෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් යැයි ද පෙන්වාදෙති.

‘‘කොවිඩ්-19ට එරෙහි සටනේ දී ලෝකය ගන්නා ක්‍රියාමාර්ගවලට ලෝක සෞඛ්‍ය සංවිධානය අත්‍යවශ්‍ය හා ඉතා වැදගත් ’’ යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරණයට පිළිතුරු දුන් ජගත් මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් පැවැසීය.

‘‘මූල්‍ය ආධාර කපාහැරීමට හෝ වැරැදි ප්‍රශ්න කිරීමට’’ සුදුසු වේලාව මෙය නොවන බව ද ඔහු පෙන්වා දුන්නේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය අතින් වැරැදි අඩුපාඩු සිදු වූ බවත් එම සංවිධානය ප්‍රතිසංස්කරණය කළ යුතු බව පෙන්වාදෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ විද්වතකු වන වෛද්‍ය අමේෂ් අඩල්ජා ඒ සම්බන්ධයෙන් පියවර ගත යුතු වේලාව මෙය නොවන බව ද පැවැසීය.

මේ අයුරින් වෛද්‍ය, විද්‍යා සහ සෞඛ්‍ය ජර්නල සහ සඟරාවල කතුවරුන් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ විද්වතුන් හා විශේෂඥයෙන් රැසක් ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරණය විවේචනය කරමින් අදහස් දක්වා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය අතින් වැරැදි අඩුපාඩු සිදු වූ බව සහ එය ප්‍රතිසංස්කරණය කළ යුතු බව පෙන්වාදෙන ඇතැම් විශේෂඥයෝ එය කළ යුතු වේලාව මෙය නොවන බව ද පෙන්වා දී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට මූල්‍ය ආධාර ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.

කොරෝනා වසංගතයේ තත්ත්වය දැනුම් දීම සම්බන්ධයෙන් වොෂින්ටන් නුවර ධවල මන්දිරයේ පැවැත්වෙන දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ (14) ඒ බව නිවේදනය කළේය.

කොරෝනා වසංගතයට එරෙහිව ප්‍රතිචාර දැක්වීමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය ‘‘ඔවුන්ගේ මූලික වගකීම පැහැර හැර’’ ඇතැයි චෝදනා කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.

(055)



අදහස් (1)

ට්‍රම්ප්ගේ තීරණයට ලොව සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් චෝදනා

රවින් Wednesday, 15 April 2020 09:48 AM

එයාව වැඩිය ගණන් ගන්න එපා . කොරෝනා වසංගතයේ විවිධ විශේෂ ආසාධිත තත්ව වර්ග කීපයක් හොයාගෙන තියනවාලු නේද? එයාට තියෙන්නේ මොලේ විතරක් තියන විශේෂිත කොරෝනා ආසාදිත තත්වයක්. පොදුවේ අපි එකට කියන්නේ මෝඩකම. මෙතෙක් කිසිම බෙහෙතක් හොයාගෙන නැහැ. ඉතින්...

:       33       62

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31581 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13944 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11083 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1095 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site