(හර්ෂණ තුෂාර සිල්වා)
ඉකුත් සතියේදී 200 සීමාව ඉක්මවා ගිය ශ්‍රී ලංකා රුපියෙල් අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (15) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අතිප්‍රමාණය වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 195.78 ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 188.51ක් ලෙසත් දැක්විණි.
ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉකුත් (8) ඉතිහාසයේ පළමු වරට 200 සීමාව ඉක්මවා ගියේය.
ගෝලීය වසංගතයක් ලෙස නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන අතර ලොව මූල්‍ය වෙළෙඳපොළ මෙන්ම ගෝලීය බොරතෙල් මිල ගණන් ද පහත වැටෙමින් තිබේ. මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 9වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 9.1 කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.
මේ අතර පෙබරවාරි මස 28 වැනිදා ඇමෙරිකානු ඩොලර් බිලියන 7.9ක් වූ විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.5ක් දක්වා අඩු වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඩොලරයේ ගණන් බහී
Rohana Wednesday, 15 April 2020 05:03 PM
බන්දුල නිසා නේද?
ajith Thursday, 16 April 2020 02:27 AM
කොවිඩ් 19 මර්ධනය වෙනුවෙන් චීනයෙන් අමෙරිකාවෙන් සහ ඉන්දියාවෙන් ලැබුණු ණය සහ ආධාර නිසා.