කොරෝනාවේ හොඳ පැත්ත නාසා පර්යේෂණයකින් හෙළිවෙයි පසුගිය මාස කිහිපය තුළ ලෝකයේ ඉන්ධන පරිභෝජනය අඩුවීමෙන් පරිසර දූෂණය සැලකියයුතු ලෙස අඩුවී ඇතැයි නාසා ආයතනය පෙන්වා දෙයි. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ලොවපුරා රටවල් විසින් ක්‍රියාත්මක කර ඇති අගුලු දැමීම් හේතුවෙන් ඉන්ධන පරිභෝජනය ද පසුගිය මාසවල බොහෝ සෙයින් අඩුවිය. 19 November 2020
ක්‍රිකට් දූෂණයේ කරුණු 3 කට සොයිසා වැරදිකරු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ කරුණු 3 ක් සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයකු මෙන්ම ක්‍රිකට් පුහුණුකරුවකුද වන නුවන් සොයිසා වැරදිකරු වී තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් විසින් කරන ලද නඩු විභාගයකින් අනතුරුව කරුණු 3 ක් සම්බන්ධයෙන් ඔහු වැරදිකරු කර ඇතැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. 19 November 2020
කොළඹ හුදකලා ප්‍රදේශවලට හෙට සිට විශේෂඥ වෛද්‍ය සේවාවක් කොළඹ මහ නගර සභා සීමාවේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල සිටින මහජනතාව වෙනුවෙන් හෙට (20) දිනයේ සිට විශේෂ ගිලන් රථ සේවාවක් හා විශේෂඥ වෛද්‍ය සේවාවක් ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. 19 November 2020
සේවා ස්ථානවලට කාර්ය මණ්ඩල ප්‍රවාහනයට අන්තර් පළාත් බස් රථ යොදවයි කොවිඩ් වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය ආරක්ෂිතව සේවා ස්ථාන වෙත කාර්ය මණ්ඩල ප්‍රවාහනය සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව අන්තර් පළාත් බස්රථ යෙදවීමට අවධානය යොමුකර තිබේ. 19 November 2020
බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නැවත ඇරඹෙයි බස්නාහිර පළාතේ සංචරණ සීමා පනවා නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් නොවැම්බර් 16 දින සිට වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කර ඇත. 19 November 2020
බන්ධනාගාරයෙන් පලා ගිය - මිය ගිය රැඳවියන් දෙදෙනාටත් කොරෝනා බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් පලා යාමට උත්සහ කළ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් රැඳවියෙකුට හා බන්ධනාගාර තාප්පයෙන් ඇද වැටී මරණයට පත්වූ රැඳවියාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙන බව පී.සී.ආර් පරීක්ෂණ මගින් තහවුරුව තිබේ. 19 November 2020
ආරක්ෂිත ක්‍රම අනුව එජාප වැඩ අරඹන්න යයි සම්පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන අනුගමනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වැඩකටයුතු ආරම්භ කිරීමට තීරණය කෙරේ. 19 November 2020
සුවය ලැබූ 316 ක් ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 316 දෙනෙකු සුවය ලබා අද (19) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 19 November 2020
හුදකලා ප්‍රදේශ හැර ,පිරිවෙන්-සීලමාතා අධ්‍යාපන ආයතන 23 විවෘත කරයි බස්නාහිර පළාතේ හා හුදකලා කර ඇති ප්‍රදේශවල හැර අනිකුත් ප්‍රදේශයන්වල සියලු පිරිවෙන් හා බෞද්ධ සීල මාතා අධ්‍යාපන අයතන එළැඹෙන 23 වැනිදා සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. 19 November 2020
පස්කන්දක් කඩා වැටී රක්වාන දෙනියාය පාර අවහිර වෙයි රත්නපුර සිට මාදම්පේ රක්වාන දෙනියාය හරහා ගාල්ල දක්වා දිවෙන ඒ 17 මාර්ගයට නෑදොළ කිරිමැටිතැන්න ප්‍රදේශයෙදී පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය අද( 19) වනවිටත් ඇනහිට තිබූ බව කොලොන්න පොලීසිය පවසයි. 19 November 2020
බස්නාහිර හැර සෙසු ප්‍රදේශවල පාසල් 23 වැනිදා සිට ඇරේ බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැර සෙසු ප්‍රදේශවල පාසල් ලබන සඳුදා (23 වැනිදා) සිට ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි. 19 November 2020
පාර්ලිමේන්තුවේ සජීවී විකාශය ඇන හිටී පාර්ලිමේන්තුවට මාධ්‍යවේදීන්ට පැමිණීමට අවකාශ ලබානොදී ඇති පසුබිමට සජීවී විකාශයද අත්හිටුවා තිබීම පිළිබඳ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද(19) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. 19 November 2020
අමතර කොටස් එකලස් කළ වාහන ජාවාරමෙන් තවත් 6 ක් අල්ලයි අමතර කොටස් ආනයනය කර එකලස් කර හා සොරා ගත් වාහන වල චැසි හා එන්ජින් අංක වෙනස් කර විකුණා තිබූ රුපියල් කෝටි 9 ආසන්න සුඛෝපභෝගී වාහන හයක් අද (19) සොයා ගැනීමට හැකි වූ බව පාණදුර කොට්ඨාස බුද්ධි ඒකකය කියයි 19 November 2020
සිවාජිලිංගම් මහවිරු සැමරුමට අවසර ඉල්ලයි නොවැම්බර් මාසයේ යෙදෙන මහවිරු සතියේ එක දිනක් හෝ උතුරේ වැසියන්ට බාධාවකින් තොරව නිදහසේ සැමරීමට අවස්ථාවක් රජයෙන් ඉල්ලා සිටින බවටත් එය උතුරේ ජනතාවගේ අයිතයක් බවටද උතුරු පලාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ සිවාජිලිංගම් ඉල්ලා සිටියි. 19 November 2020
ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය. ඒ අයවැය විවාදයේ දෙවැනි දින විවාදයට එක්වීම සඳහාය. 19 November 2020
සිල්රෙදි නඩුවෙන් ලලිත්-අනූෂ නිදොස් කොට නිදහස් කොළඹ මහාධිකරණය පැනවූ වසර තුනක සිර දඬුවම් හා දඩ නියම වී ඇප මත මුදාහැර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (19) තීන්දු කළේය. 19 November 2020
ඇමරිකාවේ කොරෝනා මරණ 250,000 පනී ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 250,000 පසුකර තිබේ. 19 November 2020
පේරාදෙණිය පොලිසියේ 5කට කොරෝනා පේරාදෙණිය පොලිසියේ නිලධාරින් 5 දෙනෙකුට කෝවිඩ් වයිරසය ආසාධනය වී ඇති බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පවසයි. 19 November 2020
බදුල්ල නුවරඑළිය මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක් පවතින වර්ෂාව සමග බදුල්ල නුවරඑළිය මාර්ගයටත් ගල් පෙරළීමේ අවදානමක් ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. ඉකුත් දින රාත්‍රියේ කඳු මුදුනේ සිට විශාල ගලක් එම මාර්ගයේ 109 කිලෝමීටර් කණුව ආසන්නයේදී මාර්ගය මතට පතිත වී තිබේ. 18 November 2020
වංචාවට - දුෂණයට - නාස්තියට තරාතිරම නොබලා දඬුවම් දෙනවා වංචාව, දුෂණය, නාස්තිය වෙනුවෙන් කටයුතු කරන ඕනැම පුද්ගලයෙකුට තරාතිරම නොබලා දඩුවම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 18 November 2020
කොරෝනා සම්බන්ධ අසත්‍ය ප්‍රචාර කළ 29 ක් සොයයි කොරෝනා වෛරසය හේතුවෙන් මහමග පුද්ගලයන් මිය යන බව සංවිධානාත්මකව අසත්‍ය ප්‍රචාරය කළ තවත් පුද්ගලයන් 29 සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 18 November 2020
කොරෝනා දෙවැනි රැල්ලටත් සැලැස්මක් තියෙනවා කොරෝනා පළමු රැල්ලල මැඩ පැවැත්වුවා සේම මෙවරද එය සාර්ථකව මැඩ පැවැත්විය හැකි බවත්, ඒ සඳහා රජය ක්රියාකරනුයේ සැළැස්මක් ඇතිව බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 18 November 2020
හිරගෙදර ඉදලා පාතාලය මෙහෙයවන්න දැන් බෑ අතීතයේදී මෙන් සිර ගෙවල් වල සිට පාතාල ක්‍රියාකාරකම් සිදු කිරීමට වර්තමානයේ ඉඩක් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසිය. 18 November 2020
අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 325 ක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (18) පස්වරු 21.30 වනවිට තවත් ආසාදිතයන් 92 දෙනෙකු එක් වී තිබේ. එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 325 ක් දක්වා ඉහළ ගියේය. 18 November 2020
තවත් කොරෝනා මරණ 3 ක් කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු අද (18) දිනයේදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 18 November 2020
දීඝවාපි පුදබිමේ කැණීම්වලින් ඉපැරණි ගල් කරඬුවක් සොයාගනී ඵෙතිහාසික දීඝවාපී චෛත්‍ය පිහිටි මහ මළුවේ දකුණු වාහල්කඩ පරිශ්‍රයේ අද (18) කැණීමේදී ඉපැරණි ගල් කරඬුවක් හමුවී ඇති බව අම්පාර පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලය පවසයි. 18 November 2020
ලේසර් කිරණ ආධාරයෙන් වකුගඩුවේ ගලක් ඉවත් කළ විස්මිත සැත්කමක් ලංකාවේ ප්‍රථම වරට වොට් 140 ක අධි බලැති ලේසර් කිරණ මාර්ගයෙන් පුද්ගලයෙකුගේ දකුණු පැත්තේ වකුගඩුවේ තිබූ සෙන්ටි මිටර් 4 ක් පමණ විශාල ගලක් මිලිමිටර් 4 ක පමණ ඉතා කුඩා සිදුරකින් ඉවත් කිරීම කළුතර නාගොඩ මහ රෝහලේ වකුගඩු හා මෞත්‍ර ලිංගික විශේෂඥ වෛද්‍ය කලන පරන පල්ලියගුරුගේ මහතා ප්රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසින් ඊයේ (18) ඉතා සාර්ථකව සිදු කෙරිණි. 18 November 2020
කෝවිඩ් අර්බුදයෙන් රටට වුණු හානිය යුද්දෙන් වුණ හානියට වඩා විශාලයි කොවිඩ් -19 අර්බුදය හේතුවෙන් රටට වූ හානිය යුද්ධයෙන් වූ හානියට වඩා බරපතල බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18) පැවසීය. 18 November 2020
හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද (18) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයට පස් කන්දක් සමග ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට පැය දෙකක කාලයක් බාධා පැමිණියේය. 18 November 2020
කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇදන් වැඩිකරන්න උපදෙස් කොවිඩ් ප්‍රතිකාර ඇදන් සංඛ්‍යාව වැඩි කිරීම ඇතුළු කොරෝනා මැඩලීමට ගත යුතු විශේෂ ක්‍රියාමාර්ග පිළිබදව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෛද්‍ය නිලධාරීන් සමඟ අද(18) සාකච්ඡා කළාය. 18 November 2020
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026