( ඩී.ජී.සුගතපාල)
කතරගම මහා දේවාලයේ ඇසල පෙරහරට සහභාගිවු නැටුම් කණ්ඩායම්වල 15 දෙනකුට කොරෝනා ආසාදනයවි ඇති බවට තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
ගාල්ල ප්‍රදේශයෙන් ගොස් ගුරු ගෙදර විශ්‍රාම ශාලාවේ නතරව සිටි නැටුම් කණ්ඩායමක 11කුටද මාතර ප්‍රදේශයෙන් ගොස් තරුණ බෞද්ධ සංගම් විශ්‍රාම ශාලාවේ නතරව සිටි පන්දම් කණ්ඩායමේ 04කුටද මෙසේ කොරෝනා ආසාදනයවි තිබේ.
මෙම නැටුම් කණ්ඩායම්වල සාමාජිකයින්ට පෙරේදා (18) සිදුකරන ලද ඇන්ටිජන් පරික්ෂණවලදි ආසාදිතයින් බවට තහවුරුවි ඇත.
මෙම ආසාදිත නැට්ටුවන් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවෙත යොමු කිරිමටද ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය කිරිමටද පියවර ගෙන ඇති බවද දකුණු පළාත් සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්ට වුණත් පෙනෙනවා ලෝකේ පුරා පැතිරෙන මේ වසංගතයේ භයානකකම ගැන... ඒත්, දෙවියන්ටත් උපදෙස් දෙන සාස්තර කාරයින්, දේවාල කපුවන්, සමාජ මාධ්‍යයන් අරක්ගෙන සිටින සියල්ල දත්.., තමන් ගැන පමණක් නොදන්නා අනාවැකි කරුවන් එකහෙළාම දැඟලුවේ මේ පෙරහැර උත්සවය තියන්න. ඒත්, කොරෝනා බෝ වුණාම, ඒ වගකීම ගන්න එකම බක පණ්ඩිතයෙක් වත් නැහැ. ඒ ගැන සද්දයක් නැහැ.
දැන් ඉතින් තරිකිට කුන්දන් තා කියලා කොරෝනා වාට්ටුවට හැරෙන එකයි කරන්න ඇත්තේ... හොඳ වුණාම හනිකෙන් ආයේ ගෙදර යන එකයි කරන්න ඇත්තේ...
මේ සියළු දෙනා නිසි ක්‍රමවේද අනුගමනය කර නැති බව පේනවා. යන්න කලින් පොසිටිව්ද කියලා තහවුරු කිරීම.. ගියාට පසු ආරක්ෂිත පියවර අනුගමනය කිරිම නිසි පරිදි වූවා නම් මෙවැනි දේ සිදුවෙන්න බැහැ. ඉතා කණගාටුදායකයි...
දෙයියෝ සාක්කි...!
ඊළඟට කඨින පිංකම් රැල්ල එන්නේ... දැන්මම කිසිම පරිස්සමක් නැතුව ගම්පහ කිට්ටුව පන්සල්වල ධාතු ප්‍රදර්ශන තියන්න සැලැසුම් කරනවා...
ඔය යන විදිහට දෙවියන්ටත් බෙහෙත් විදගන්න වෙනවා..
දෙවියන් මේ මිනිස්සුන් දිහා බලලා නැහැ වගෙයි... ලවුඩ්ස්පීකර් රතන සූත්‍රය, කුණ්ඩලණී කලගෙඩි, ධම්මික පැණි, දේව යාතිකා වගේ දේවල් වලින් වසංගත රෝග සුව කරන්න බැරිබවට තවත් ඉතාම හොඳ සාක්ෂියක්... මේ දේ නුවර පෙරහැරේ වෙන්න වුණත් පුළුවනි. සම්මුති ලෝකයේ මෙම රෝග තත්වයන්ගෙන් මිදෙන්න නම් සම්මුති ලෝකයේම ප්‍රතිකාර ඕනෑ. ගුප්ත දේවල් වලින් මේ දේවල් සුව කරන්න බෑ..