(ඉන්දිකා රාමනායක)
දිවයින ම ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 14000 යොදවා සිදුකළ විශේෂ මෙහෙයුමකින් විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 3009 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම මෙහෙයුමේ දී බීමත් රියදුරන් 580ක්, මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් 1250,වරෙන්තු කරුවන් 645ක්, අපරාධවලට සම්බන්ධව පොලිසිය සොයමින් සිටි සකරුවන් 98 ක්, ගිනි අවි ළඟ තබා ගෙන සිටි 5 ක් වශයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව පොලිසිය සඳහන් කරයි
මෙම මෙහෙයුමට පොලිස් නිළ සුනඛයන් 55 දෙනකු ද යොදා ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර ගොඩකට කොහේ තියෙන සභාපති කම් දෙන්නද? අනේ මන් දා. නිදොස් කොට නිදහස් කරන එක තමයි හොඳම දේ.