
(කේ ඩි දේවප්‍රිය)
කතරගම පෙරහර බලන්න අවසර නොමැති නිසා බැතිමතුන් කැබැලිත්ත දේවාලයට වෙත ගමන් කරමින් සිටින බව වාර්තා වෙයි.
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය නැරඹීමට මෙවර ද බැතිමතුන්ට නොලැබීම මත විධිධ වු ප්‍රදේශ ඔස්සේ පැමිණි බැතිමත්හු යාල අංක 02 කලාපයට අයත් කැබිලිත්ත සියඹලා දේවාලය වෙත යමින් සිටිති.
මෙම යන පිරිස් කිසිදු සෞඛ්‍ය ආරක්ෂක නීතියක් පිළි නොපදින බවත් අඩුම තරමේ මුඛ ආවරණයක්වත් නොපළදින බව අයුරු දිස්වේ.
ට්‍රැක්ටර් රථ වලින්ද ජිප් රථ වලින්ද මෙම පිරිස් මෙම වන්දනාව සදහා යමින් සිටිති.
දිනකට ට්‍රැක්ටර් රථ 100 ක් පමණ ද ජිප් රථ 200 කට වැඩි ප්‍රමාණයක් ගමන් ගනිති. මෙ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවෙත් ඔහොම දෙයියෝ පස්සේ ගිහින් කුම්බමේලා තියලා තමයි මෙවැනි රැල්ලක් හදාගත්තේ. ලංකාවේ හතරවෙනි රැල්ලට ඉතාමත් හොඳ ආරම්භයක් ලබාදුන්නට ගොඩක් ස්තුතියි...!
ශ්‍රද්ධාව ඉහවහා ගිය ප්‍රඥාව අබමල් රේණුවක් නැති හරක් තමයි අපේ රටේ වැඩිහරියක් ඉන්නේ. නීති රීති දාලා රටක් හදන්න බැහැ කොහෙත්ම මිනිස්සුන්ගේ ආකල්ප හදන්න බැරි නම්... ඒක කරන්න ඕන කුඩා කල සිට ගෙදරින්, පාසලින් සහ පංසලින්... අපේ මිනිස්සු ඉස්කෝලේ යන්නේ පොතේ දැනුම ගන්න විතරයි. ගුරුවරු ළමයින්ට ගුණධර්ම කියලා දෙන්නේ නැහැ. මට තියන දුක කොරෝනා හැදිලා මේ අය මැරෙන එකට නෙමෙයි. පේනවද හැමතැනම විසිකරලා තියන ප්ලාස්ටික්, පොලිතින්, ඇසුරුම් දවටන... මේවා කොහෙත්ම මේ වගේ තැනක දමා නොයා යුතුයි. !!! වහාම මේ තැන්වලට පොලිතීන් ප්ලාස්ටික් ගේන එක තහනම් කරන්න.
අනේ මන්දා මොකට මේ ආගමික ස්ථාන ඇරියද කියලා
මේ රට හදන්න බැ සාන්ත
ඔහොම ගිහිල්ලා කොවිඩ් හදාගෙන ඊට පස්සේ කියපල්ලා ආණ්ඩුවෙන් අපිට කන්න දියවු-ඇවිදින්න දියවු-මෙන් අපිව කොටු කරලා කියලා. මීට වඩා ජනතාව බුද්ධිමත් විය යුතු බව පක්ෂ විපක්ෂ සියළු දෙනා අවබෝධ කරගත යුතුයි.
ඒක තමයි රට දියුණු වෙනවා කියන්නේ. පට්ට ආදරෙයි මේ යන අයට...
මෝඩකමට බෙහෙතක් තාම සොයාගෙන නැහැ...
මිථ්‍යාව සහ විද්‍යාව අතර ගැටුමේදී අවසානයේ ජය ගන්නේ මිථ්‍යාවමයි....! රටේ මිනිසුන් නූගතුන් වනවිට වසංගතයක් පාලනය කිරීමට නොහැකිය. ආණ්ඩුව කළ යුත්තේ මිනිසුන් මිථ්‍යාවෙන් මුදවා ගැනීම නොවේද?
කිසිදේකට බයවෙන්න එපා... කැබිලිත්ත මහ හාස්කම් වලින් පිරුණු තැනක්... මුඛ ආවරණ, දෑත් සේදීම් මොනවත් ඕන නැහැ ඔය කරුණාකරන විදියටම කරුණා කරන්න දෙවියන්ම බලාගනීවි කතරගම දෙවි හාමුදුරුවන්ගේම පිහිට ලැබේවා..!!!
මානසික අසනීප ඇති අයත් ඔය අතර ඉන්නවා...