(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ වධදීමට සහ අනිකුත් කෘෘර අමානුෂික හෝ නින්දිත සැළකීමට හෝ දඬුවම්වලට එරෙහිව වූ සම්මුතිය (සංශෝධන) නමැති පනත් කෙටුම්පත්වලට සිය සහතිකය සටහන් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (19) දැනුම් දුන්නේය .
එම පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව ඉකුත් 15වැනිදා මෙසේ සහතිකය සටහන් කළ බවද හෙතෙම සඳහන් කළේය.
අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය සහ වධ දීමට සහ අනෙකුත් කෲර අමානුෂික හෝ නින්දිත සැලකීමට හෝ දඬුවම්වලට එරෙහි වූ සම්මුතිය නැමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගිය ජුනි මස 6 වැනිදා ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
කතානායකවරයා මෙම දැනුම් දීමක් කළේ සභාවේ කටයුතු ආරම්භයේදීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මොකක්ද ඔය ‘‘විධිවිධාන‘‘ පනත කියන්නේ? මීහරකෙක්ගෙන්, එළහරකෙකුට නිර්මාණය කළ දෙයක්ද? අපිට එපා කොළ කඩන්න.. අපි ගැන දන්නවා නේද? රන් බඳුනේ නරිතෙල් දැම්මට හරියනවාද?
රජය ගේන ඕන කෙහෙල් මලකට මෙයා අත්සන් කරනවා...