(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වැඩ කරන ආණ්ඩුවකට විරුද්ධව බොරු විශ්වාසභංග ගෙන එමින් අද ලොකු ඝෝෂාවක් නගන්නේ පාස්කු ප්‍රහාරය කැඳවා මේ රටට සහ ගහන විනාශයක් ගෙන ආ පිරිසක් යැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවැසීය.
ගුණවර්ධන මහතා මෙසේ පැවසුවේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදීය .
මෙය ඇමතිවරුන් තනි කරන ආණ්ඩුවක් නොවන බවත් ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සාමූහික වශයෙන් අද අති විශිෂ්ට ලෙස පරාජය කරන බවත් හෙතෙම සඳහන් කළේය.
ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණය ගත්තේ සියලු දෙනා එකතුවූ කැබිනට් අනු කමිටුවක් මගින් යැයි කී ගුණවර්ධන මහතා එය ඇමතිවරයෙකු ගත් තීරණයක් නොවේ යැයිද පැවැසුවේය.
උදය ගම්මන්පිල ඇමතිවරයා මේ රටේ විශිෂ්ට සමත්කම් දැක්වූ ශාස්ත්‍රීය උගත්කමක් ඇති තරුණ දේශපාලනඥයකු බවත් පාර්ලිමේන්තුවකට මෙවැනි හොඳ මිනිසුන් වැඩි වැඩියෙන් ලැබීම වඩා යහපත් බවත් බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩුවීමේ සහනය පසුගිය ආණ්ඩුව ජනතාවට ලබා නොදුන් බව පැවසූ ඇමැතිවරයා එම වාසියෙන් ලබාගත් මුදල්වලට කළේ කුමක්දැයි ප්‍රශ්න කර සිටියේය.
පසුගිය යහපාලන ආණ්ඩුව විනාශය මිස ජනතාවට කිසිදු සහනයක් ලබා නොදුන් බවද ඔහු පැවසුවේය.
අප බාර ගත්තේ මුළුමනින්ම විනාශ කරපු රටක් බවත් යහපාලන නඩය පාස්කු ප්‍රහාරයෙන් රට තවත් විනාශ කළ බවත් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
කොවිඩ් මැඩපැවැත්වීම සඳහා නොකර බැරි කළමනාකරණයක් සඳහා රජය ඉන්ධන මිල සංශෝධන තීරණය ගත් බවද වෙළෙඳ ඇමැතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට සහගහන විනාශය කලේ කවුද...? එදා බංකොලොත් වෙලා හිටපු රාජපක්ෂලා...!!! කට්ටියම කූඩුවට යන්න බලාගෙන ඉන්න. ඒ බව දැන් මුළු ලෝකයම දන්නවා. බොරුවට බුරන්න එපා. බල්ලන් බිරුවාට කඳු පාත්වෙන්නේ නැහැයිලු.., විශේෂයෙන් බුල්ඩෝග් වර්ගයේ අය.
රටම දැන්නම් හොඳටම දන්නවා සහගහන අපරාධ කරුවන් ඔයාලා කියලා. බොරුවට අන්දවන්න එපා.
මෙතුමා කියන්නේ ඇත්ත. මිනිස්සුන්ට දැන් අමතක වෙලා තියෙන්නේ... කමක් නැහැ මේ පාර සති 02කට වඩා ගියා අමතක වෙන්න..
විජිත්, චමින්ද, ඇත්ත වසන් කරලා... බොරුවම මවන කට්ටියගෙන් දෙන්නෙක්... අපත ජෙප්පන් තමයි.
බන්දුල අද විපක්ෂයේ හිටියා නම් බලන්න තිබුණා වාග් ප්‍රහාරය. එදා රුපියල් ඩොලර් අනුපාතය රුපියල් 285ක් වශයෙන් තිබුණු විට රුපියලේ පිරිහීම ගැන මරහඬ දුන්නා. දැන් ඩොලර් කීයටවත් ගන්න නැහැ. දැන් සැපද කියලයි අහන්න තියෙන්නේ...
කරුණාකර ඔබේ කට අරින්න එපා... ස්තුතියි..
පාස්කු ප්‍රහාරය කරෙත් ඔය රාජපක්ෂලම තමයි. ජාතිවාදය අවුස්සලා චන්දෙ ගන්න මෙයාලා දන්නවා.
පවුලකට රට බාරදීපු එක සහ එම පවුලට කඹුරන එක තමයි ඉතිහාසයේ සහගහන සාහසික අපරාධය..